
(යොහාන් භාසුර)
ලංකා සතොස නමින් ජල බෝතල් අලවිය අද (5) සිට ආරම්භ කරන බවත් පාවිච්චි කරන ලද එම හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත මිලදී ගන්නා බවත් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලංකා සතොස නමින් එස්.එල්.එස්. සහතිකය ඇති කුඩා ප්‍රමාණයේi ජල බෝතලයක් රුපියල් 35 කට අලෙවි කරන බවත් පරිසර දූෂණය වැළැක්වීමේ පියවරක් ලෙස එම හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත ලබා ගැනීම නිසා පාරිභෝගිකයාට ජල බෝතලය වෙනුවෙන් රුපියල් 25 ක් පමණක් වැයකිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සතොසට මීට පෙර ජල බෝතල් අලෙවි කිරීමෙන් සියයට 20 ක ලාභ කොටස ලැබුන ද මෙම සතොස නමින් ජල බෝතල් අලෙවියෙන් සියයට 25 ක ලාභ කොටසක් හිමිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හොඳයි. මිනිසුන්ට දැන් වතුර බිලා තමයි ඉන්න වෙලා තියෙන්නේ. මේක නොමිලේ දුන්නාම් තවත් අර්ථවත්.
ආණ්ඩුවෙන් කරන කොට පාඩුයි. පුද්ගලික අය කරන කොට ලාබයි කියන්නේ ආණ්ඩුවේ එකාලා හොරකම් කරනවා කියන එකයි. ඒ හොරුන්ව එළවලා දාලා අවංක නිලධාරීන් දම්මවලා මේකවත් දියුණු කරලා හැකිනම් ජලබෝතල් අපනයනය කරන්න කටයුතු කරමු.
ජනතාවට සතොසෙන් මිලට ගන්න දැන් වතුර විතරයි ඉතුරුවෙලා තියෙන්නේ...
හොඳ වැඩක්
ජනතාවට වතුර විතරයි තිබුනේ ඒකත් මේ ආණ්ඩුව සල්ලිවලට දෙනවා.
ඔබට මතකද බන්දුල ගුණවර්ධන ඇමැති කිව්වා ගිය මාසේ 25 ඉඳන් 31 වෙනිදා වෙනකන් සතොසෙන් පාලන මිලට හාල් කිලෝ 10ක් බැගින් ගන්න පුළුවන් කියලා. හැබැයි මාතර නම් මේ වෙනකම් නාඩු හාල් නම් එක ඇටයක් වත් ඔය කියන සතොසේ ඇත්තේ නැහැ. මේ යෝධයෝ ඉස්සරහටත් කෑම නැති වෙනකොට ඔය වගේ පච කියලා අපිව රවටාවී කියලා හරි බයක් තියෙනවා...