සීතාවක ප්‍රාදේශිය සභාවේ අය වැය සම්මත කැර ගැනීමට සභාපති ජයන්ත රෝහණගේ (මහජන එක්සත් පෙරමුණ) තීරක ඡන්දය භාවිතා කිරීමට සිදු විය.
මන්ත්‍රීන් විසි දෙදෙනකු සිටින මෙම සභාවේ 21 දෙනෙක් පැමිණ සිටියහ.ඡන්දය විමසීම ඇරැඹීමත් සමඟ ජවිපෙ මන්ත්‍රී ප්‍රදීප් තලේරත්න මහතා හදිසි කටයුත්තකට එළියට ගියේය. ඔහු යළි පැමිණෙන විටත් ජන්දය විමසමින් තිබිණි.එහෙත් ඔහුට ඡන්දය දීමට මුලසුනින් අවසර ලැබුණේ නැත.අයවැයට පක්ෂව ඡන්ද 10ක්ද විපක්ෂව ඡන්ද 10 ක්ද ලැබීමෙන් දෙපැත්තම සමබර විය.
උපසභාපති ආනන්ද රණසිංහ මහතාද අයවැයට විරුද්දව ඡන්දය දුන්නේය.සභාපතිගේ තීරක ඡන්දයෙන් අය වැය සම්මත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක් නැහැ හිටපු රතු මල්ලිගේ එකෙක් වෙන්න ඇති. (ස)
මේක මානුෂීය මෙහෙයුමක්. අසරණ අපිට ලැබෙන අවසානම අවස්තාව. (නදී)
ඇයි ෂෙල්ටන් අමාරුද ? (ස)
ගාතාවක සිඟේ... ඉඟ ගවුරේ.... ගරුතමුහේ.... අඳුන් මුත්තේ.... මුකබානා.... (ස)
එහෙනං ජවිපෙ මන්ත්‍රී විමල් වගේ ටික දවසකින් කරනමක් ගහවි (නදී)
දැන් ඉතින් අලි ජංජාලයක් තමයි වෙන්නේ (දිල්)
තව ටික දවසකින් 21 න් 21 ම ගන්න පුළුවන්, මහජන එක්සත් පෙරමුණේ නායකයා කොහෙද කියල හොයල බලන්න. ෆයිල් හංගනවද දන්නෙත් නැහැ. (ස)
ෂෙල්ටන් ඔයාට මොනවා හරි අවුලක්ද මේ රට ගොඩගන්න තියෙන අවසන් අවස්ථාව. (නදී)
ජවිපෙ මන්තිරි ට ඔලුව අමාරුවක් වත් ද (ස)
මෛත්‍රී, ඔබට ජය නියතයි! (නි)
මහජනයා පත්කරන මෙම නියෝජිතයන්ට තම වගකීම් ගැන මුලින් පුහුණුවක් දියයුතුය (නි)
චානක දවල්ද ? (නදී)
සීතාවක ප්‍රාදේශීය සභාව නම් හොර ගුහාවකි. (නදී)