පසුගිය වසරේ ඔක්තෝබර් 21 වැනි දින සිතාවක ප්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීමේදී එහි මන්ත්‍රීවරියක වන අංජනී ඉද්දමල්ගොඩ මහත්මියට නාම පුවරුවකින් පහරදී මුහුණට තුවාල සිදු කළැයි අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් නොවූ  ගයාන් දුමින්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත් අඩංගුවට ගන්නැයි වැඩබලන මහේස්ත්‍රාත් චම්පා මුදලිගේ මහත්මිය වරෙන්තු නිකුත් කළාය.

මෙම මන්ත්‍රීවරයා සන්ධානයේ සිට පසුගිය ජනපතිවරණ සමයේ මෛත්‍රී පිලට සහාය පළ කිරීමට එක්වූ අයෙකි.