(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසල වෙළද සංකීර්ණයෙන් වෙළදසලක් පවරා දීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රැපියල් ලක්ෂ හතරක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට තැත්කල සීතාවකපුර නගර සභාවේ ලේකම්වරිය සහ ආදායම් පරිපාලක අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
අදාල වෙළදසල තමන්ට පවරා දීමට සහ තම උරැමයෙන් පසු ව්‍යාපාරික හවුල්කාරියට පවරා දීමට හැකිවන පරිදි අදාල ලිපි ගොනු ඉක්මනින් සකස්කර දීම වෙනුවෙන් සැකකරුවන් විසින් පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ පහක මුදලක් ඉල්ලා ඇති බවත් පසුව කතාබහ කර අදාල අල්ලස් මුදල රැපියල් ලක්ෂ හතරක් දක්වා අඩු කර ගෙන එය ලබා ගැනීමට සැරසුණු අවස්ථාවේදී සැකකරුවන් අත් අඩංගුවට ගත් බවද එම කොමිසම පවසයි.
සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd