
(විමුක්ති එස් රුද්‍රිගු)
තමන්ට පහර දීමට පැමිණෙන මිසයිල සහ ඩ්‍රෝන යානා ලේසර් තාක්ෂණයෙන් විනාශ කිරීමට ඊශ්‍රායලය සූදානම් වේ. "අයන් බිම්" නැමැති ලේසර් ගුවන් ආරක්ෂණ පද්ධතිය වසරක් තුළ ස්ථාපිත කිරීමට ඊශ්‍රායලය බලාපොරොත්තු වන බවද පැවැසෙයි.
අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතියේ නිර්මාණකරුවන් වන රෆායෙල් ඇඩ්වාන්ස් ඩිෆෙන්ස් සිස්ටම්ස් සහ ආරක්ෂක කොන්ත්‍රාත් සමාගමක් වන එල්බිට් සිස්ටම්ස් සමග ඊශ්‍රායල් රජය එම ලේසර් ආරක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් වටිනා ගනුදෙනු පසුගිය සතියේදී කර ඇත.
ඊශ්‍රායල ගුවන් සීමාවට පැමිණෙන ගුවන් යානා සහ මිසයිල විනාශ කර දැමීමට "අයන් බිම්" පද්ධතිය අධිබලැති ලේසර් භාවිත කරන බවද පැවැසෙයි. "අයන් බීම්" යුද්ධයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරනු ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාල් සමීර් නව ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය ප්‍රථම වරට "අයන් බීම්" පද්ධතියේ මූලාකෘතියක් 2021 වසරේදී එළිදැක්වූ අතර එතැන් සිට එම පද්ධතිය මෙහෙයුම් තත්වයට ගෙන ඒමට උත්සාහ දරමින් සිටී.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සතුරු යානා වනසන්න ඊශ්‍රායලයෙන් ලේසර් යන්ත්‍රයක්
බකල ජයා Sunday, 03 November 2024 05:47 PM
ඕවා මොනවාද, ඔය ඔක්කෝම පරාදයි අපිට ඊළඟ IMF වාරිකය ලැබුණාම...
බමුණු Monday, 04 November 2024 01:23 AM
නියමයි! දෙන්න තම්බින්ට ඇට්ටි හැලෙන්න.