ඇඳිරි නීතිය පැය හතරකට ළිහිල් කිරීමෙන් පසුව ධර්ගා නගරයේ වෙළෙඳසල් කීපයක් විවෘත කර ඇත. ධර්ගා නගරවැසියෝ ද අලුත්ගම නගරයට සාමාන්‍ය පරිදි ගමන්කරති. විශේෂ කාර්ය බළකාය වෙනුවට යුද හමුදාව ආරක්ෂාව සඳහා යොදවා ඇත. සියල්ල සංසුන් අතට හැරෙමින් පවතින බව නගරවැසියෝ පවසති.