නුවරඑළිය වසන්තය වෙනුවෙන් පාසල් තූර්ය වාදන කණ්ඩායම් 50 ක සිසුන් 1750 දෙනෙක් අද (1) නුවරඑළියේ සරඹ සංදර්ශනයක් පැවැත්වීය.

අප්‍රේල් මාසය පුරාම වසන්ත උළෙල පැවැත්වීමට නුවරඑළිය මහ නගර සභාව සැරසේ. නුවරඑළිය දිසාපතිනි හෙලන් මීගස්මුල්ල, පුරපති මහින්ද දොඩම්පෙගමගේ, අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ආර්.රාජා රාම්, ප්‍රාදේශීය ලේකම් සුජීවා බෝධිමාන්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම විශේෂ ආරාධිතයෝ වූහ.

A B C D E G H