පසුගිය සිව් මාසයේදී නුවරඑළියේදී වැඩුණු දිවියන් සිව් දෙනකු දඩයකකරුවන්ගේ මන්දට හසුවීමෙන් මියගිය බව වනජීවී නිලධරයෝ කියති.
පැන්තරා පාදුස් කොටියා නමින් හැඳින්වෙන මෙම දිවියන්ගේ නිජබිම හෝටන්තැන්න විය හැකි බවත් එහි දිවි ගහනය 50 ක් පමණ වන බවත් ඔවුහු කියති.
ශ්‍රී ලංකාවේ දිවියා වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ත්වයෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට අපලයි මේකාලේ . කැලේ යන්නේ බලාගෙනයි රාලේ (අ)
මද්ද අටවන්නන් නීතියේ රෑනටගෙන. දැඩි දඩ සහිත සිරදඬුවම් ලබා දිය යුතුයි . මෙම කිරියාවෙන් මිනිස් ජීවිතත් නැති වී ඇති නිසාවෙන් (අ)
ලංකාව බෞද්ද රටක්ද කියල හිතෙනවා. (අ)
කොටි මරණ එකවත් මන්දට දල ඉවර කරන්න ඕන (අ)
වන සතෙකුට තබා අහිංසක දරු පැටියකුට නිදහස අහිමි කරන මිනිසුන් ඉන්න රටක සීතලට උගුල් අටවන එක අරුමයක් නොවෙයි. (අ)
හැරිස් වෙත, කොටියා කියා සතෙක් නැත. ඔබ කොටියා කියන්නේ සිංහලෙන් දිවියාට. ඒ කියන්නේ පුල්ලි තිබෙන සතාට. ඉරි තිබෙන සතා ව්‍යාඝ්‍රයා ලෙස හඳුන්වයි. වසර 7ක් මම දකුණු අප්‍රිකාවේ සේවය කළෙමි. (නි)
කොහොමත් කිතුලට නැගපු මිනිහ කිවුවලු හරකට තණකොළ කපාගන්න කිතුලට නැග්ග කියල. ඇරත් හෝටන්තැන්නේ කොහේ නිතියෙන්ද අවසර මන්ද ගහන්න. වැරදුන පොඩි මිනිසුන්ට විතරනේ ඔය නීති. කොටියාගේ හමට දත් වලට මොනවයින් මොකක් වේවිදෝ ? (අ)
නුවන් කොටින්ටනම් ඉහෙන් බහින අපලයක් නැ. උන්ට මේ කලේ තරම වාසි කාලයක් කවදාවත් තිබ්බේ නැ. හැබැයි දිවියන්ට නම් අපලයි වගේ (අ)
පරිසරයට ගහට-කොළට සතා සීපාවට යහපාලනය කවදා උදාවෙවිද (හේ)
ලජ්ජා නැතිව වන ජීවී එකේ අය කියන හැටි සත්තු 4ක් මරුන කියල. මේ සතත් මැරිලා තියෙන්නේ කැලේ අටවපු මන්දකට. ඔය වනජීවී මහත්වරුන්ට බැරි මොකද අප්පා රට රෑට රෑට කැලේට ගිහින් පොඩ්ඩක් බලන්න කැලේ ඇතුලේ මොනවද වෙන්නේ කියල.දඩයක් කාරයොන්ට යන්න පුලුවන්නම් මේ කට්ටියටත් පුළුවන් වෙන්න එපැය් මේ වැඩේ. (අ)
පැන්තරා පාදුස් කොටියාට කොටියා නොකියා දිවියා කියන්නේ ඇයි ? (බ)
වන ජීවි එකෙන් අල්ලන්නේ දර ටිකක් කපන්න කැලේට ගියොත් තමා (අ)
වනජීවී මහත්වරුනේ ඔයාලා ඇහැගහගෙන ඉන්න. නැත්නම් අපේ රටේ සුන්දරත්වය ඔය කාලකණ්ණි උදුරලා දාවි. උන්ට ඉඩ දෙන්න එපා ඔය තුවක්කුවෙන් බැඅරිනම් හොර තුවක්කුවකින් හරි ඔය වගේ අලුගුත්තේරුවෝ ඉවර කරන්න ඕනමයි අහිංසක වනසත්වයින්ට කරදර කරන අය ඉවර වේවා. මට උන්ට කියන්න තියෙන්නේ උන්ගේ දෙමාපියෝ මරණව වගේ වැඩක් ඕක (බ)