IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සීත කඳුකරේ සිත්තමක්වූ හග්ගල

2016-05-17-ENT-53

2016-05-17-ENT-34නුවරඑළිය පුරවරයේ සංචාරය කරන සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන සුන්දර ස්ථානයක් පිළිබඳව මංසලකුණු ගෙන එන්නයි මේ සූදානම.

නුවරඑළියේ සිට නුවරඑළිය, බදුල්ල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 10 ක් පමණ ගමන් කළ විට සොඳුරු ඉසව්වක පිහිටි ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන පහ අතුරින් දෙවැනියට විශාල හක්ගල උද්හිද උද්‍යානය හමුවේ.

මහුදු මට්ටමේ සිට මීටර් 1745 ක් පමණ උසින් පිහිටි හෙක්ටයාර 28 ක වපසරියකින් යුත් අලියාගේ හකුගල යන අරුත ඇති මෙම උද්‍යානය හක්ගල පර්වත සෙවණේ වැතිර හුදෙකලාව සිටින යෝධයෙකු ලෙස උද්‍යානය හා අවට පිහිටි වන රක්ෂිතයට පිටුපසින් මීටර් 2,200 ක් පමණ උසට විහිදේ.

මැලේරියා රෝගයට ප්‍රතිකාරක ඖෂධයක් වූ %ක්විනික්^ ලබාගැනීම සඳහා ඉංග්‍රීසි ජාතිකයන් විසින් අත්හදා බැලීමක් ලෙස 1961 වර්ෂයේදී මෙහි මුලින්ම සින්කෝනා වගාකර තිබූ බව සඳහන්ය.

පර්වතයේ පහළ බෑවුමට වන්නට උද්‍යානය හෙල්මළු කීපයක හැඩයේ අකාරයෙන් ඌව මිටයාවතකට මුහුණලා සිටියි. මිටියාවත හරහා වැටී තිබෙන මඩොල්සිම සහ නමුණුකුල කඳුවල මනස්කාන්ත දසුනක් ඈතින් දිස්වේ. උද්‍යානයෙහි උපනිවර්තන කලාපීය නැවුම් දේශගුණයක් පවතින අතර එය තරමක් දුරට ඇල්පයින් වාතාවරණයකට සමානකමක් දක්වයි.

උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 3 සිට 15 දක්වා පරාසයක විහිදේ. දැනට මෙහි වාර්තා වී තිබෙන අඩුම උෂ්ණත්වය සෙ.ග්‍රේ.3 කි.

මෙම උද්‍යානයට මැයි මස සිට අගෝස්තු දක්වා නිරිත දිග මෝසමෙන්ද ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඊසාන මෝසමෙන් ද වැසි ලැබෙන අතර සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 2,300 ක් පමණ වේ.

මේ වනවිට මෙහි ශාක පැළ විශේෂ 5000 සිට 6000 දක්වා අධික ශාක ප්‍රමාණයක් මෙම උදානය තුළදී නැරඹීමට හැකියාව ලැබේ. රෝස වර්ග 200 කටත් අධික ප්‍රමාණයක් සහ විවිධ මල් වර්ග නිර්මාණය කරන ලද වන උයන් විවිධවූ මල් උයන්, පලතුරු උද්‍යාන වැනි උයන් රාශියකින්ද මෙය සමන්විත වේ. මාර්තු මාසයේ මැද සිට අප්‍රේල් මස අවසානය දක්වා පවතින සෞම්‍ය දේශගුණය හේතුවෙන් එම කාලය තුළදී හක්ගල උද්‍යානය වඩාත්ම දර්ශනීය ලෙස නැරඹීමට හැකිබව ගම්වාසීහු පවසති.

 

සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර/සුපුන් සම්පත්

 

2016-05-17-ENT-30
2016-05-17-ENT-31
2016-05-17-ENT-32
2016-05-17-ENT-33
2016-05-17-ENT-35
2016-05-17-ENT-36
2016-05-17-ENT-37
2016-05-17-ENT-38
2016-05-17-ENT-39
2016-05-17-ENT-40
2016-05-17-ENT-41
2016-05-17-ENT-42
2016-05-17-ENT-43
2016-05-17-ENT-44
2016-05-17-ENT-45
2016-05-17-ENT-46
2016-05-17-ENT-47
2016-05-17-ENT-48
2016-05-17-ENT-49
2016-05-17-ENT-50
2016-05-17-ENT-51
2016-05-17-ENT-52
2016-05-17-ENT-54
2016-05-17-ENT-56
2016-05-17-ENT-57
2016-05-17-ENT-58
2016-05-17-ENT-59
2016-05-17-ENT-60

 



අදහස් (0)

සීත කඳුකරේ සිත්තමක්වූ හග්ගල

බුද්ධික Sunday, 11 December 2016 03:43 PM

නියමයි සහෝදරයා නියමයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site