කැලණි ගඟේ ජල ප්‍රවාහය අස්වාභාවික ලෙස ප්‍රචණ්ඩවී ඇති හෙයින් ගඟේ බෝට්ටු ගමනාගමනයද අනතුරුදායක බව බෝට්ටු පදවන්නෝ කියති.
මේ නිසාම කොටුවූ පිරිස් සිටින ඇතැම් පෙදෙස්වලට ආහාර පාන සැපයීම ප්‍රශ්නයක් වී ඇතැයි සහන සේවකයෝ කියති. අවතැන්වූ ඇතැමුන් කෑම ඉල්ලා පණිවිඩ එවන නමුත් ගඟේ සැඩපහර නිසා ඉතා පරිස්සමෙන් යාත්‍රා කළ යුතු බව නාවික හමුදාවද කියයි. පෙරදින නාවික හමුදා බෝට්ටුවක් අනතුරකට පත්විය.
මේ අතර කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගිය නිසා මාලබේ දැනට ගෘහාශ්‍රිත නල ජලය මඩ පැහැයට මිශ්‍ර අව පැහැයක් ගෙන ඇති බව ජල පාරිභෝගිකයෝ කියති. ජල නල මාර්ග බොහොමයක් ගංවතුරට යටවීමෙන් අබලන්වීම ඊට හේතුව බවත් හැකි ඉක්මනින් පොම්පාගාරවල ජල පොම්ප යථා තත්ත්වයට පත්කරන බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් හමුදාව නැතිද. ඊයේ පෙරේද දවසක මුහුදුගිය ධීවරයන් දෙන්නෙක්ව බේරගත්ත නේද. හෙලිකොප්ටර් තියෙන්නේ... අනාතව ඉන්න ජනතාව වඩාත් ආරක්‍ෂිත ස්ථානවලට ගෙනෙන්න. ආණ්ඩුව මීටවඩා කාර්යක්ෂම වියයුතුයි. ක්ෂණිකව මදහත්වියයුතුයි. හොඳමදේ ජාතික ආපධා තත්වයක් ප්‍රකාශයට පත් කිරීම. එතකොට හැමෝටම බලය ලැබෙනවා හොඳයි කියල හිතෙන හැම තීරණයක්මගන්න. නිලධාරීන්ගේ උපදෙස් එනකම් බලන් ඉන්න ඕන නැහැ. (ර)
සියලුම ලාංකිකයින් එකා මෙන් ජාතියක් හැටියට මිට මුහුණ දෙමු. (ර)
අපි සියලුදෙනා එක් වී මේ අයගේ කුසගින්න නිවමු. (ර)
අනේ පව් මේ පොඩි දරුවෝ. (ර)
මේ කාලකන්නි දේශපාලකයින්ට පාර්ලිමේන්තුවේ ගහ මරාගන්නවා ඇරෙන්න මිනිස්සු ගැන තැකීමක් නැහැ..!! වතුර බැහැල ගියාට පස්සේ එයි වැඳගෙන, රෙද්ද උස්සගෙන (බ)