IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘සටන‘ අවහිරයට සටනක්

ඉකුත් නොවැම්බර් 22 වැනි දින සවස විකාශය වූ ‘‘සටන‘‘  දේශපාලන වැඩසටහන පියෝ ටීවි චන්ද්‍රිකා නිලිකාවෙන් විකාශ විමට අවහිර කිරීම මඟින් ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම සිය මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් වන්දි ලෙස රුපියල් කෝටියක් ඉල්ලා නීතිඥවරයෙක් ශ්‍රේෂ්ඨාධීකරණ හමුවේ අද (12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

යටියන්තොට නීතිඥ මංජු ශ්‍රි චන්ද්‍රසේන මහතා විසින් ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විදුලි සංදේශ නියාමන කොමිසම, ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම් ආචාර්ය චරිත හේරත්, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන් සහ නීති වගඋත්තරකරුවන්ය.

මෙම වැඩසටහන විකාශය බාධා කිරීමෙන් ආණ්ඩුවකට ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා එල්ල වී ඇති බවත් ඉන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පොත්සම්කරු කියයි.



අදහස් (0)

‘සටන‘ අවහිරයට සටනක්

චමිලා Saturday, 13 December 2014 01:29 AM

නියමයි. අපි හැමදෙනාගේම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ඔබට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

විමුක්ති Friday, 12 December 2014 01:10 PM

නියමනේ ,ඔහොම තමයි කරන්න ඕනේ. (අ)

:       0       0

චානක Friday, 12 December 2014 01:19 PM

අනේ මන්දා අප්පා (දී)

:       0       0

නලින් Friday, 12 December 2014 02:03 PM

පාරේ වාහන එලවද්දී හරක්වගේ යන, මෝඩ ටෙලි නට්‍ය බලන, කිසිම විචාර බුද්දියක් නැති, ලංකාවේ අයට මොන යහ පාලනය ද . හරියන්නේ, හරක් දක්කන්න කියන්න ජහ -පාලනය (අ)

:       0       0

කුසුම් දල්පදාදු Friday, 12 December 2014 02:10 PM

නඩුව දාන්නෙ නැතිව පත්තරේට දැන්වීමක් දැම්මනම් ඔබතුමාගේ නම එක දවසින් ප්‍රසිද්ධ වෙනවනෙ. අපි නොදන්නවාද ඔබතුමාලගේ වැඩ? (අ)

:       0       0

සුසන්ත Saturday, 13 December 2014 04:44 AM

ඔබගේ තීරණයට අප‍ගේ සුභ පැතුම්. ඉදිරියටම යන්න. පොදු මහජනතාව ඔබ පිටුපසින් පෙලගැසී ඔබව දිරිමත් කරාවි.(නදී)

:       0       0

කුසුම් දල්පදාදු Friday, 12 December 2014 03:24 PM

රෑට කපු දේ උදේට මතක නැති අතීතය වර්ථමානය ගලපලා අනාගතය දකින්න බැරි මුහුණු පොතයි බහු බූත ටෙලි නාට්‍යවලින් තොර ලෝකයක් නැති යට අරි යන්නෙම "ජහ පාලනය" තමා. (හේ)

:       0       0

ජොහාන් Saturday, 13 December 2014 04:46 AM

හොද වැඩක්, එත් ප්‍රතිපලය කුමක් විය හැකිද? (හේ)

:       0       0

කනිෂ්ක Friday, 12 December 2014 03:35 PM

නලින් මහත්මයා නියම අදහස, අපේ රටේ බහුතරය නිකන් මඩේ හිටවපු ඉනි වගේ, අරයට නැමෙනවා , මෙහාට වැනෙනවා. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 13 December 2014 05:07 AM

උත්සාහය නම් උත්කෘෂ්ටයි. ඒත් ප්‍රතිපලය? (නදී)

:       0       0

සාරංග Friday, 12 December 2014 03:46 PM

වැඩක් නෑ නඩු දැන්මට.(හේ)

:       0       0

සමන් Friday, 12 December 2014 03:49 PM

මම මෙය ඉතාම අගයකොට සලකමි .මේවා අනිවාර්යෙන්ම හැමදේකටම ඕන , නඩු දන්නා, අසාධාරන වැඩ නතර වෙනවා .(හේ)

:       0       0

චතුර Saturday, 13 December 2014 05:23 AM

මේ නඩුව දැම්මට ඔය ඉල්ලන වන්දිය ලැබෙයිද.(හේ)

:       0       0

බණ්ඩාර Saturday, 13 December 2014 05:46 AM

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු විය යුතුය !(හේ)

:       0       0

කමල් Friday, 12 December 2014 04:12 PM

මේකනම් හොද වැඩක්.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 12 December 2014 04:30 PM

නලින් ගේ අදහස නම් 100% ගැලපෙනවා. (නදී)

:       0       0

මාලි Saturday, 13 December 2014 06:18 AM

පෙරකදෝරුවන්ට සල්ලිවලින් තොර ලෝකයක් තියෙනවද (නදී)

:       0       0

හෆීල් Friday, 12 December 2014 04:41 PM

රජයට කඩේ යන මේ ආයතනවල් වල ලොක්කන්ට නඩු පවරලා ඔවුන්ගේ පුද්ගලික මුදලින් වන්දි ගන්න ඕනේ. (නදී)

:       0       0

අනිල් Saturday, 13 December 2014 06:30 AM

මේ වෙනුවෙන් අපිත් උදව් කරනවා.(හේ)

:       0       0

සේනක Friday, 12 December 2014 05:03 PM

මොනිකා ලෙවෙන්ස්කි සිද්ධියේදී නඩු දැම්මේ ඇමෙරිකාවේ පෞද්ගලික නීති කටයුතු ආයතනයකින්. ඒ වෙලාවේ ඒ ඇමෙරිකාවෙනේ නේද කියලා හිතපු අපිට අපේ රටේ ඒ වගේ පෞරුෂයක් තියෙන කෙනෙක් හිටි එක ආඩම්බරයට කාරණයක්. ඔබ දැනටමත් දිනුම්. (නි)

:       0       0

වසන්ත Friday, 12 December 2014 05:05 PM

මෙහෙම දේවල් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

රවිදු Saturday, 13 December 2014 08:09 AM

බලමු මොකද මේකට වෙන්නේ කියලා.(හේ)

:       0       0

කමල් ඩුබායි Friday, 12 December 2014 06:22 PM

ලංකාවේ වෙන දේවල් දැක්කහම හිනහ යනවා. මේ අයටද අපි ඡන්දෙ දුන්නේ කියලා. අර පැතෙන් මේ පැත්තට මේ පැත්තෙන් අර පැත්තට පනින හිඟන දේසපාලනය. මුන් ඔක්කොම දක්කනන්න ඕනේ සත්තු වත්තට. රට කනවා උන්ගේ බඩවල් පුරවාගන්නවා (නදී)

:       0       0

අනුර Saturday, 13 December 2014 11:55 AM

මේ මහත්තයා නඩු දාලා තියෙන්නේ නම ප්‍රසිද්ධ කරගන්න නෙවේ. අනිවාර්යෙන්ම මෙහෙමෙ දේවල් කරන්න ඕනි. තමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගත්තේ නැත්නම් මේ රටේ ජීවත්වෙන්න වෙන්නේ කොහොමද? (හේ)

:       0       0

විජේරත්න Saturday, 13 December 2014 01:28 PM

එතකොට ඩයලොග් සමාගමට නඩු දාන්න එයාට අමතක උනාද? එ්කෙත් පෙන්නුවෙ නෑ නේද?(හේ)

:       0       0

වීරසිංහ Saturday, 13 December 2014 01:04 AM

අපිට නම් හිතාගන්න පුලුවන් මේ වැඩේ කවුද කරන්න ඇත්තේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site