ඉකුත් නොවැම්බර් 22 වැනි දින සවස විකාශය වූ ‘‘සටන‘‘ දේශපාලන වැඩසටහන පියෝ ටීවි චන්ද්‍රිකා නිලිකාවෙන් විකාශ විමට අවහිර කිරීම මඟින් ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම සිය මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් වන්දි ලෙස රුපියල් කෝටියක් ඉල්ලා නීතිඥවරයෙක් ශ්‍රේෂ්ඨාධීකරණ හමුවේ අද (12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
යටියන්තොට නීතිඥ මංජු ශ්‍රි චන්ද්‍රසේන මහතා විසින් ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විදුලි සංදේශ නියාමන කොමිසම, ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම් ආචාර්ය චරිත හේරත්, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන් සහ නීති වගඋත්තරකරුවන්ය.
මෙම වැඩසටහන විකාශය බාධා කිරීමෙන් ආණ්ඩුවකට ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා එල්ල වී ඇති බවත් ඉන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පොත්සම්කරු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. අපි හැමදෙනාගේම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ඔබට අපේ ප්‍රණාමය! (නි)
නියමනේ ,ඔහොම තමයි කරන්න ඕනේ. (අ)
අනේ මන්දා අප්පා (දී)
පාරේ වාහන එලවද්දී හරක්වගේ යන, මෝඩ ටෙලි නට්‍ය බලන, කිසිම විචාර බුද්දියක් නැති, ලංකාවේ අයට මොන යහ පාලනය ද . හරියන්නේ, හරක් දක්කන්න කියන්න ජහ -පාලනය (අ)
නඩුව දාන්නෙ නැතිව පත්තරේට දැන්වීමක් දැම්මනම් ඔබතුමාගේ නම එක දවසින් ප්‍රසිද්ධ වෙනවනෙ. අපි නොදන්නවාද ඔබතුමාලගේ වැඩ? (අ)
ඔබගේ තීරණයට අපගේ සුභ පැතුම්. ඉදිරියටම යන්න. පොදු මහජනතාව ඔබ පිටුපසින් පෙලගැසී ඔබව දිරිමත් කරාවි.(නදී)
රෑට කපු දේ උදේට මතක නැති අතීතය වර්ථමානය ගලපලා අනාගතය දකින්න බැරි මුහුණු පොතයි බහු බූත ටෙලි නාට්‍යවලින් තොර ලෝකයක් නැති යට අරි යන්නෙම "ජහ පාලනය" තමා. (හේ)
හොද වැඩක්, එත් ප්‍රතිපලය කුමක් විය හැකිද? (හේ)
නලින් මහත්මයා නියම අදහස, අපේ රටේ බහුතරය නිකන් මඩේ හිටවපු ඉනි වගේ, අරයට නැමෙනවා , මෙහාට වැනෙනවා. (නදී)
උත්සාහය නම් උත්කෘෂ්ටයි. ඒත් ප්‍රතිපලය? (නදී)
වැඩක් නෑ නඩු දැන්මට.(හේ)
මම මෙය ඉතාම අගයකොට සලකමි .මේවා අනිවාර්යෙන්ම හැමදේකටම ඕන , නඩු දන්නා, අසාධාරන වැඩ නතර වෙනවා .(හේ)
මේ නඩුව දැම්මට ඔය ඉල්ලන වන්දිය ලැබෙයිද.(හේ)
තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු විය යුතුය !(හේ)
මේකනම් හොද වැඩක්.(හේ)
නලින් ගේ අදහස නම් 100% ගැලපෙනවා. (නදී)
පෙරකදෝරුවන්ට සල්ලිවලින් තොර ලෝකයක් තියෙනවද (නදී)
රජයට කඩේ යන මේ ආයතනවල් වල ලොක්කන්ට නඩු පවරලා ඔවුන්ගේ පුද්ගලික මුදලින් වන්දි ගන්න ඕනේ. (නදී)
මේ වෙනුවෙන් අපිත් උදව් කරනවා.(හේ)
මොනිකා ලෙවෙන්ස්කි සිද්ධියේදී නඩු දැම්මේ ඇමෙරිකාවේ පෞද්ගලික නීති කටයුතු ආයතනයකින්. ඒ වෙලාවේ ඒ ඇමෙරිකාවෙනේ නේද කියලා හිතපු අපිට අපේ රටේ ඒ වගේ පෞරුෂයක් තියෙන කෙනෙක් හිටි එක ආඩම්බරයට කාරණයක්. ඔබ දැනටමත් දිනුම්. (නි)
මෙහෙම දේවල් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නි)
බලමු මොකද මේකට වෙන්නේ කියලා.(හේ)
ලංකාවේ වෙන දේවල් දැක්කහම හිනහ යනවා. මේ අයටද අපි ඡන්දෙ දුන්නේ කියලා. අර පැතෙන් මේ පැත්තට මේ පැත්තෙන් අර පැත්තට පනින හිඟන දේසපාලනය. මුන් ඔක්කොම දක්කනන්න ඕනේ සත්තු වත්තට. රට කනවා උන්ගේ බඩවල් පුරවාගන්නවා (නදී)
මේ මහත්තයා නඩු දාලා තියෙන්නේ නම ප්‍රසිද්ධ කරගන්න නෙවේ. අනිවාර්යෙන්ම මෙහෙමෙ දේවල් කරන්න ඕනි. තමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගත්තේ නැත්නම් මේ රටේ ජීවත්වෙන්න වෙන්නේ කොහොමද? (හේ)
එතකොට ඩයලොග් සමාගමට නඩු දාන්න එයාට අමතක උනාද? එ්කෙත් පෙන්නුවෙ නෑ නේද?(හේ)
අපිට නම් හිතාගන්න පුලුවන් මේ වැඩේ කවුද කරන්න ඇත්තේ කියලා (නි)