ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කරමින් විකාශය වූ ‘සිරස‘ නාලිකාවේ ‘සටන‘ රූපවාහිනි වැඩසටහන අතරතුර මුදල්ගෙවා ලබාගන්නා සැටලයිට් රූපවාහිනි නාළිකා වල එම වැඩසටහන විකාශනයේදී අවහිරතා සිදු කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් නීතිඥවරයකු ගොනු කළ පෙත්සම ජූලි 14 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) තීන්දු කළේය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව , ඩයලොග් ආයතනය, ටෙලිකොම් ආයතනය නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම අද විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේවා හොයන්න ඕන (බ)
මේ වගේ කැත වැඩ නැවත නොවෙන්නත් වග බලාගන්න ඕන , (හේ)
දැන් ටි වී එකට ඇවිත් අඬන පැරදුනු කෙනා මේවා දන්නැද්ද? (බ)
මේවා හොයන එකත් වැරදි විදියට හිතන්න එපා. අපේ සමාජයෙන් මේ කාලකන්නි ගති සදහටම ඉවත් වෙන්න ඕන. (හේ)
එකාදී පති වියරුවේ තරම තමයි ඒකාලේ !(අ)
නොවැළැක්විය හැකි අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවෙලාද? (නි)