ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ නිතර දකින්නට නැතත් සුජිවා ඩයස් පිළිබඳව හඳුන්වාදීමක් අවශ්‍ය නොවේ. මෑත කාලයේ ඇය සම්බන්ධව කතා කරන්නට කලා නිර්මාණයක් නොමැති වුවද "ආදරණීය පූර්ණිමා" "පාරා වළලු", "සිහින සිත්තරාවී" හා "සඳ නුඹ නම්" ටෙලි නාට්‍යයහි කළ රංගනයන් අදටත් අපගේ මතකයේ පවතියි. මේ පවසන්නට යන්නේ ඇය මැතකදී විවෘත කළ රූපලාවණ්‍යාගාරය පිළිබඳව තොරතුරුයි. "සාරවිට" අපිත් සමග එක්වූ සුජීවා මෙසේ දොඩමලු වූවා.
"මාසයකට උඩදි තමයි මගේ අලුත්ම සැලොන් එක පටන් ගත්තේ. එකේ නම තමයි "Lavish". තියෙන්නේ නුවර, පේරාදෙණිය පාරේ. මම නිළියක් වෙන්න කලින් ඉඳලාම තමයි මෙහෙම එකක් පටන් ගන්න ඕන කියලා හිතුවේ. නමුත්, පසුගිය කාලයේ දිගින් දිගටම කාර්ය බහුල වූ නිසා ඒ කාර්ය ටිකක් පමා වුණා. ඒත් රඟපෑමෙන් තාවකාලිව ඉවත් වුණ නිසා සැලොන් එක පටන් ගන්න වැඩේ ඉක්මන් වුණා. දැන් නම් මේකත් එක්ක තමයි කාලය ගෙවෙන්නේ.
කාන්තාවන්ට පමණයි මෙහි රූපලාවණ්‍ය කටයුතු සිදු වෙන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් 0771479666 මේ අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd