IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


සංජීව පුෂ්පකුමාරගේ Burning Birds ටෝකියෝ යයි

2016-11-21-ent-100

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ "දැවෙන විහඟුන්" (Burning Birds) චිත්‍රපටය 17 වැනි ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උ‍ලෙළෙහි (17th Tokyo FILMeX International Film Festival) තරගකාරී අංශය සඳහා තේරී පත්ව තිබේ. පසුගිය 19 වැනිදා සිට එළඹෙන 27 වැනිදා දක්වා ජපානයේ, ටෝකියෝ නගරයේදී එම සිනමා උලෙළ පැවැත්වේ.

2016-11-21-ent-99සිනමා උලෙළ අතරතුර සංජීව පුෂ්පකුමාර ටෝකියෝ ටැලන්ට් කැම්පස් (Tokyo Talent Campus) ආයතනයේ ආරාධනයකට අනුව ආසියාවේ අනාගත තරුණ සිනමාකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුවේදී ලෝක සිනමාකරණයේ නව ප්‍රවේශයන් පිළිබඳ විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිතය. සංජීවගේ %දැවෙන විහඟුන්^ චිත්‍රපටය පසුගිය ඔක්තෝබර් මස පැවැති 21 වැනි බුසාන් අන්තර්ජාතික සිනමා උලෙළෙහිද (21st Busan International Film Festival) තරගකාරී අංශය සඳහා තේරුණු අතර, එහිදී එම චිත්‍රපටය ප්‍රේක්ෂක සහ විචාරක දෙපිරිසේම දැඩි අවධානය දිනාගැනීමට සමත් විය.

දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. එය ශ්‍රී ලංකා, ප්‍රංශ, දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. දැවෙන විහඟුන් තිර රචනය කාන් සිනමා උලෙළෙහි 2012-2013 වසරේ සිනේ ෆොන්ඩේෂන් නේවාසික අංශයට (Cinéfondation  Résidence, Cannes Film Festival)  තේරුණු අතර, පසුව චිත්‍රපටයේ තිර රචනය වැඩිදුරටත් සංවර්ධනය කිරීම සඳහා 2014 දී ඊශ්‍රායලයේ, ජෙරුසුලම් තිර රචනා ඇකඩමියට (The Jerusalem International Film Lab) තෝරාගන්නා ලදී. එහිදී සංජීව ප්‍රංශ ජාතික තිර රචනා උපදේශක ජාක් අක්කොතිගේ උපදෙස් මත දැවෙන විහඟුන් තිර රචනය වැඩිදුරටත් රචනා කළේය.

ප්‍රංශයේ නියෝන් (Neon Production) ප්‍රඩක්ෂන් වෙනුවෙන් අන්තොනා දෙදේ (Antonin Dedet) සහ ඩොමිනික් විලෙන්ස්කිත් (Dominique Welinski), ශ්‍රී ලංකාවේ සපුෂ්ප එක්ස්ප්‍රෂන්ස් (Sapushpa Expressions) වෙනුවෙන් සංජීව පුෂ්පකුමාරත් දැවෙන විහඟුන් චිත්‍රපයේ නිෂ්පාදකයෝ ලෙස කටයුතු කරති.

ලන්ඩනයේ පිහිටි ෆිල්ම් රිපබ්ලික් (Film Republic) සිනමා සමාගම දැවෙන විහඟුන් චිත්‍රපටයේ අලෙවි සමාගම ලෙස කටයුතු කරයි.

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලියෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. ඇඳුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, සංස්කරණය අජිත් රාමනායක සහ කැතරිනා වර්තේනා(Katharina Wartena), වර්ණ සංයෝජනය එළි අකෝකා (Elie Akoka), ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් (Nicolas D'halluin) සහ පළමු සහාය අධ්‍යක්ෂණය අරුණ තිලකරත්නගෙනි. එහි දෙවැනි සහාය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න සහ නිෂ්පාදන කළමනාකරණය හැරල්ඩ් කරුණාතිලක විසින් සිදු කර තිබේ.

 

2016-11-21-ent-98
2016-11-21-ent-97
2016-11-21-ent-96
2016-11-21-ent-95
2016-11-21-ent-94
2016-11-21-ent-93



අදහස් (0)

සංජීව පුෂ්පකුමාරගේ Burning Birds ටෝකියෝ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site