අද ලංකාවෙ මියුසික් වීඩියෝ සඳහා ඇත්තේ තරගකාරී ස්වභාවයකි. එම තරගකාරීත්වය හේතුවෙන් මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීමට බොහෝ දෙනා පෙළෙඹෙනු ලබන්නේ එහි ඇති ගුණඅගුණ පිළිබඳව නොසිතාය. බොහෝ දෙනාගේ ආකල්පය නම් මියුසික් වීඩියෝවක් අන්තර්ජාලය තුළ නැරඹුම් වාර්තා අතරට ගෙන ඒමය. ඒ සඳහා කුමන හෝ සංකල්පයක් භාවිත කිරීමට බොහෝ දෙනා ඇල්මක් දක්වති. නමුත් අද තිබෙන කාලීන වූ මියුසික් වීඩියෝ රැල්ලෙන් ඔබ්බට නිර්මාණ වූ ගීතයක් පිළිබඳව මෙවර තරුණයා "New Release on Youtube" ඔස්සේ ගෙන ඒමට අපි සිතුවෙමු.
සොඳුරු කතාවක් වගේ
නුඹෙ හීනයේ දැවටී එදා වගේ
ඉන්න ආසයි තවමත් හිතේ
සංජීව දිසානායකගේ "දවසක් ඒවීද" යන ගීතය අද වනවිට ෆේස්බුක් තුළ ජනප්‍රියත්වට පත් ගීතයකි. එහි ඇති රූප රාමු පිළිබඳව බොහෝ ධනාත්මක ආකල්පයක් එහි නැරඹූ රසියකයන් අතර ඇති බව ෆේස්බුක් තුළින් දැක ගැනීමට හැක. අධ්‍යක්ෂකවරයෙකු වන සන්දේශ් බණ්ඩාර විසින් මෙම වීඩියෝව අධ්‍යක්ෂණය කරනු ලැබූ අතර, ඔහුගේ අධ්‍යක්ෂණය පිළිබඳව ඉතාමත් අගේ කොට සැලකීමට හැකියාව තිබේ. නවක ගායකයෙකු වන සංජීව දිසානායකගේ මෙම ගීතය සඳහා බොහෝ රුකුලක් මෙම වීඩියෝව ලබාදෙන බව කිව යුතුය.
වර්තමාන සමාජය තුළ නිර්මාණාත්මක අදහස් ඇතිව නිර්මාණය වූ මෙවැනි වීඩියෝ සංකල්ප සමාජයේ ධනාත්මක ස්වභාවයක් ගැනීමට මූලික්තවය ගනු ලබන බව කිව යුතුය.
එළිදැක් වූ දිනය - 2016 දෙසැම්බර් 22
ගායනය - සංජීව දිසානායක
පද රචනය - භාෂි දේවන්ග සහ කණිෂ්ක ගිහාන්
සංගීතය - භාෂි දේවන්ග





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd