(රෝෂන් තුෂාර)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු චෝදනා එල්ල කළේ යැයි කියන මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

සාධාරණ හේතුවක් නොමැතිව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කිරීම ,අසත්‍ය තොරතුරු එල්ල කරමින් රහස් පොලිස් නිලධාරීන්ට බාධා කිරීම,අධිකරණයට හෝ පොලිසියට පදිංචි ස්ථීර ලිපිනයක් ලබාදීමට අපොහොසත් වීම සහ අධිකරණයක් මගින් වරින්තු ලද පුද්ගලයකු වීම හේතුවෙන් සැකකරුට ඇප ලබා දිම ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්වරයා ලබන පළවෙනි දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට  සැකකරු ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරියට නියෝග කරමින් දන්වා සිටියේය.

නීතිය ක්‍රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා නිලධාරීන්ට  අගෞරවය හා වෛරය  ඇති කරවන ප්‍රකාශ නිකුත් කිරීම,යම් තැනැත්තෙකුට පාඩු අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල් කිරීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින්  සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

 


සංජය මහවත්ත වරෙන්තුකරුවෙක්දැයි අධිකරණයෙන් වාර්තාවක් ඉල්ලයි

(රෝෂන් තුෂාර)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු චෝදනා එල්ල කළේ යැයි කියන ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු වරෙන්තු කාරයෙක්ද නැද්ද යන්න පිළිබඳව වහාම අධිකරණයට වාර්තාවක් ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ  ගමගේ මහතා රහස් පොලිසියට නියෝග කරමින් දන්වා සිටියේය.

සංජය මහවත්ව සැකකරුට එරෙහිව ළමා හා කාන්තා කාර්යාංශය මගින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවත්,අදාළ නඩුවට කරුණු ඉදිරිපත් නොකළ සැකකරුට මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවත් නිකුත් කර ඇති බවත් රහස් පොලීසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව  මෙම නියෝගය නිකුත් කළේය.

නීතිය ක්‍රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා නිලධාරීන්ට  අගෞරවය හා වෛරය  ඇති කරවන ප්‍රකාශ නිකුත් කිරීම,යම් තැනැත්තෙකුට පාඩු අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල් කිරීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින්  සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර කරුණු ඉදිරිපත් කිරීමේදී මෙම නියෝගය නිකුත් කිරිනි.