IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘සජින්ට ප්‍රභූ ආරක්ෂාව දීම ප්‍රශ්නයක්‘‘

සජින් ද වාස් ගුණවර්ධනට ප්‍රභූ ආරක්ෂාව ලබාදීම තමාට ද බරපතල ගැටළුවක් බවත් රජය එවැනි තීන්දුවක් ගත්තේ කුමන හේතුවක් මතද යන්න අපැහැදිලි බවත් රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

සජින් වාස්ට පමණක් නොව චෝදනා එල්ල වී ඇති කැබිනට් ඇමැතිවරුන්ට පවා නීතිය කඩිනමින් ක්‍රියාත්මක වී ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත් හෙතෙම කීය.
 
ජනවාරි 8 වෙනසට කැප වූ සිවිල් සමාජයේ බොහෝ දෙනා කලකිරීමට පත්ව සිටින බව තමා පිළිගන්නා බවත් දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ නොයෙදවීමෙන් ගැලවීමක් ලබන්නට මේ ආණ්ඩුවට නොහැකි බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

‘‘සජින්ට ප්‍රභූ ආරක්ෂාව දීම ප්‍රශ්නයක්‘‘

ටී.සිල්වා Thursday, 26 May 2016 06:12 AM

සමහරු හම්බකළ විදියට ප්‍රභූ ආරක්ෂාව දීලාත් මදි. අතිවිශාල ධනස්කන්දය සුරක්ෂිතව රැකගන්න එපැයි (නි)

:       0       0

පාඨලී Thursday, 26 May 2016 06:55 AM

ඕක තමයි යහපාලනය කියන්නේ (නි)

:       0       0

සුරන් Thursday, 26 May 2016 07:06 AM

අනේ මෙතුමලා මොකුත්ම දන්නෙ නැතුව ඇති (නි)

:       0       0

ජයනාත් Friday, 27 May 2016 01:53 AM

රජයේ ක්‍රියා ඔබටත් අපැහැදිලි නම් අප ගැන කවර කතාද? අබුද්දස්ස කාලේ, ලබුත් තිත්තවෙයි රාළේ කිවුවලු..! (නි)

:       0       0

අමිරා Wednesday, 25 May 2016 11:15 PM

මෙතුමාට ප්‍රශ්නයක් වුණාට ඔහුගෙන් රහස් හෙළිවෙතැයි බියවී සිටින පුද්ගලයන්ගෙන් ඔහුට ජීවිතයට අනතුරක් තියෙනවා. එමනිසා ඔහුට ආරක්ෂාව දියයුතුයි (නි)

:       0       0

මහේෂ් Thursday, 26 May 2016 12:01 AM

ඒක අහන්න ඕනෑ කොහෙන්ද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

රමණි Thursday, 26 May 2016 12:15 AM

ලොක්කෝ ටික තව මොනවාහරි හිතනවා ඇති. ඒ නිසා දැන්ම ආරක්ෂාව දීලා ඇති. (නි)

:       0       0

සෙනරත් Thursday, 26 May 2016 09:17 AM

මේක තමයි යහපාලනය! (නි)

:       0       0

ඩිලාන් Thursday, 26 May 2016 01:14 AM

සමහරවිට රජයේ සාක්කිකාරයෙක් වුණ නිසා වෙන්න ඇති. (නි)

:       0       0

උපාලි Thursday, 26 May 2016 01:41 AM

අපටත් පේනවා එ්ක. දැන් අපිට තේරෙනවා අපි සිහින ලෝකෙක ඉඳලා තියෙන්නේ කියලා. (නි)

:       0       0

අර්ජුන රණවන Thursday, 26 May 2016 02:06 AM

පැනලා ගියොත් ඒකත් ලොකු ප්‍රශ්නයක්නේ (නි)

:       0       0

දුමින්ද Thursday, 26 May 2016 10:14 AM

එක පිළකට පමණක් කිමද මෛත්‍රිය (බ)

:       0       0

ජයම්පති Thursday, 26 May 2016 10:24 AM

අපටත් තියෙන එක ප්‍රශ්නයක් තම ඕක. හැමදාම පත්තරේ බැලුවොත් ඔය වගේ දේවල් සිය ගණනක් හොයාගන්න පුළුවන්. ඔන්න යහපාලනේ. (බ)

:       0       0

විපුල Thursday, 26 May 2016 02:42 AM

ඇමතිතුමාට ඕක තේරෙන්නේ නැහැ කියන එක අපිට පිළිගන්න අමාරුයි. (නි)

:       0       0

පීරිස් Thursday, 26 May 2016 03:11 AM

එයාට වැඩිපුර සළකන්නේ ඇයි කියන එක අපිට නම් පුදුමයක් නෙමෙයි (නි)

:       0       0

චමල් Thursday, 26 May 2016 05:07 AM

සජින් වාස්ව ආරක්ෂා කරගන්න ඕනෑ. ඕක නොතේරෙන අයත් ඉන්නවනේ හැබෑටම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site