සජින් ද වාස් ගුණවර්ධනට ප්‍රභූ ආරක්ෂාව ලබාදීම තමාට ද බරපතල ගැටළුවක් බවත් රජය එවැනි තීන්දුවක් ගත්තේ කුමන හේතුවක් මතද යන්න අපැහැදිලි බවත් රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.
සජින් වාස්ට පමණක් නොව චෝදනා එල්ල වී ඇති කැබිනට් ඇමැතිවරුන්ට පවා නීතිය කඩිනමින් ක්‍රියාත්මක වී ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත් හෙතෙම කීය.
ජනවාරි 8 වෙනසට කැප වූ සිවිල් සමාජයේ බොහෝ දෙනා කලකිරීමට පත්ව සිටින බව තමා පිළිගන්නා බවත් දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ නොයෙදවීමෙන් ගැලවීමක් ලබන්නට මේ ආණ්ඩුවට නොහැකි බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු හම්බකළ විදියට ප්‍රභූ ආරක්ෂාව දීලාත් මදි. අතිවිශාල ධනස්කන්දය සුරක්ෂිතව රැකගන්න එපැයි (නි)
ඕක තමයි යහපාලනය කියන්නේ (නි)
අනේ මෙතුමලා මොකුත්ම දන්නෙ නැතුව ඇති (නි)
රජයේ ක්‍රියා ඔබටත් අපැහැදිලි නම් අප ගැන කවර කතාද? අබුද්දස්ස කාලේ, ලබුත් තිත්තවෙයි රාළේ කිවුවලු..! (නි)
මෙතුමාට ප්‍රශ්නයක් වුණාට ඔහුගෙන් රහස් හෙළිවෙතැයි බියවී සිටින පුද්ගලයන්ගෙන් ඔහුට ජීවිතයට අනතුරක් තියෙනවා. එමනිසා ඔහුට ආරක්ෂාව දියයුතුයි (නි)
ඒක අහන්න ඕනෑ කොහෙන්ද කියලා අපි නම් දන්නවා (නි)
ලොක්කෝ ටික තව මොනවාහරි හිතනවා ඇති. ඒ නිසා දැන්ම ආරක්ෂාව දීලා ඇති. (නි)
මේක තමයි යහපාලනය! (නි)
සමහරවිට රජයේ සාක්කිකාරයෙක් වුණ නිසා වෙන්න ඇති. (නි)
අපටත් පේනවා එ්ක. දැන් අපිට තේරෙනවා අපි සිහින ලෝකෙක ඉඳලා තියෙන්නේ කියලා. (නි)
පැනලා ගියොත් ඒකත් ලොකු ප්‍රශ්නයක්නේ (නි)
එක පිළකට පමණක් කිමද මෛත්‍රිය (බ)
අපටත් තියෙන එක ප්‍රශ්නයක් තම ඕක. හැමදාම පත්තරේ බැලුවොත් ඔය වගේ දේවල් සිය ගණනක් හොයාගන්න පුළුවන්. ඔන්න යහපාලනේ. (බ)
ඇමතිතුමාට ඕක තේරෙන්නේ නැහැ කියන එක අපිට පිළිගන්න අමාරුයි. (නි)
එයාට වැඩිපුර සළකන්නේ ඇයි කියන එක අපිට නම් පුදුමයක් නෙමෙයි (නි)
සජින් වාස්ව ආරක්ෂා කරගන්න ඕනෑ. ඕක නොතේරෙන අයත් ඉන්නවනේ හැබෑටම (නි)