හිටපු මන්ත්‍රීවරුන් වන සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා මහත්වරුන්ට නාම යෝජනා නොදීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ පාර්ශ්වයෙන් පැනවූ කොන්දේසිවලට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් එකඟ වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
එකම ලැයිස්තුවකින් දෙපාර්ශ්වය තරඟ වැදීම සඳහා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට සන්ධාන නාමයෝජනා ලැයිස්තු සකසා ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.
විජයරාම මාවතේ පිහිටි හිටපු මන්ත්‍රීවරයකුගේ නිවසේ අද සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩිලාන් පෙරේරාගේ නම් ජාතික ලැයිස්තුවට ඇතුළු කිරීමට ද තීරණයක් ගෙන ඇත.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි, කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර, බස්නාහිර පළාත් මන්ත්‍රිනී සමන්මලී කලසූරියගේ නම් ද නාමයෝජනා ලැයිස්තුවට ඇතුළු වී නැතැයි දැනගන්නට තිබේ.
දැනට සකසා ඇති පොදු ලැයිස්තුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ නම් ඇතුළත් කර නැත. නාමයෝජනා සකසන අවස්ථාව වන විටත් ඔවුන් දෙදෙනාගේ ඇමෙරිකා පුරවැසි භාවය අත් නොහැරීම ඊට හේතුවයි.
ශ්‍රීලනිපයේ නාමයෝජනා අවසන් වශයෙන් ජනපති ප්‍රමුඛ කමිටුවකට ඉදිරිපත් කරන අතර එහි දී තවත් නම් කිහිපයක් ප්‍රතික්ෂේප වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මහින්දටත් දෙන්නෙ නැහැ කිවුවේ? (නි)
ඉතාමත් නිවැරදි තීරණයක්.මෙය ඉදිරියේදී මොන දේශපාලන පක්ෂ නායකයාටත් පුර්වාදර්ශයක් වේවි හා වියයුතුයි (නි)
පොලිස් නිලධාරීන් බඳවා ගැනීමේදී අනුගමන කරන ක්‍රමය වැනි ක්‍රමයක් නාමයෝජනා දිමේදී අනුගමනය කළයුතුයි. කොන්දේසි පනවා අත්සන් ගතයුතුයි (නි)
කරුණාකරලා අර ගුරුවරිය දණගස්සපු කෙනාට දෙන්නත් එපා. එහෙම දුන්නොත් ඒක නරක ආදර්ශයක් වෙනවා. පාසල් ළමයින්ට සහ කාන්තාවන්ට කරන නිග්‍රහයකුත් වෙනවා (නි)
එහෙම හොඳයි. කවදාවත් ඉතින් ඡන්දෙන් එන්න වෙන්නෙත් නැහැනේ (නි)
මටත් කාලයකට පස්සේ සතුටක් දැනුනා (නි)
මේ දෙන්නා කොහොමහරි එකතුවුණොත් තමයි හොඳ. (නි)
තව දෙපාරක් හිතාබලන්න වටින අය ඉන්නවා (නි)
කාන්තාවන් නම් දැන් නිග්‍රහවෙන වැඩ තමයි චමිලා වැඩිපුර කරන්නේ (නි)
මාගලි, ඒ කාලේ ඉතින් නීතිය තිබුන හැටි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. (නි)
ඔය හැමෝටම නාමයෝජනා දුන්නාවේ. අපි ඔවුන්ව ගණන් ගන්නේ නැහැ. (නි)
නීතිය හමුවේ තවම චූදිතයන් පමණයි නේද? (නි)
ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් ගෝඨා වැනි කෙනෙක් නැත්නම් ඇත්තෙන්ම එය වැරදියි.කෙනෙක් බනීවි මට. ඒත් යම්කිසි විදියට ලෝකය ගැන ඇස ගසාගෙන හිටියා නම් එය ඔබ දන්නවා ඇති (නි)
ජයවේවා! නියමයි (නි)
මගේ පොඩි මොළේට ආවා අදහසක්. කරුණාකරලා හොඳට හිතලා බලන්න මේක. කොහොමද අපිට පුලුවන් නම් ඔක්කොම මැති ඇමතිවරුන්ගේ දරුවන්ට අපේක්ෂත්වය දීලා අපේ පාර්ලිමේන්තුව උගත් බුද්ධිමත් අයගෙන් පිරි සම්භාව්‍ය තැනක් කරන්න. අපේ රට බලා සිටියදී සංවර්ධනය වේවි. හොඳයි නැද්ද කියන්න. ඔය ඔක්කොම ළමයි උගත් අයනේ. නිකන් අදහසක් හැටියට මම කියන්නේ. (නි)
අනෙකුත් දූෂිතයින් සම්බන්ධයෙනුත් මේ විදිහටම කරන්න (නි)
ඇමෙරිකාවේ පුරවැසිකම තිබෙන එක නාමයෝජනා නොදෙන්න හේතුවක්ද? අපට රටවල් දෙකක පුරවැසිකම් තියාගන්න නීතියෙන් අවසර තිබෙනවා නේද? (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
දුමින්ද උසාවියටවත් පොලිසියටවත් ගිහින් නෑ මොකද මේ ...???(හේ)
මහින්දටත් නාමයෝජනා දෙන්නේ නැහැ කිවුවනේ! (නි)
මම විශ්වාස කරනවා ගම්පහට ගෝඨාභය මහතා ඇතුලත් විය යුතුයි කියලා...(හේ)
අයියෝ! මර්වින් මහත්තයට ඇයි නොදෙන්නේ? අපේ ගමට වැඩක් කළේ එතුමා විතරයි. දැන් ගංවතුර නැහැ කැළණියේ. අපිට ඕනෑ ඒ වගේ කෙළින් වැඩක් කරන කෙනෙක්. (නි)
ජනපතිදුනි, ඉතාහොද ක්‍රියාවක්. ඔබ දෙපලගෙන්ම හොද ආරම්භයක්. හොද ආදර්ශයක්, මෙයයි සිදුවිය යුත්තේ ශ්‍රී ලාංකේය දේශපාලයේ. අපගේ පැතුමද ඔබ දෙදෙනා පෙරටු කරගත් යහපත් ශ්‍රී ලංකාවක් දැකීමයි. (ර)
මට නම් කිසිකෙනෙක් විශ්වාස නැහැ දැන් (නි)
හිටපු එකෙකුටවත් දෙන්න හොද නැහැ. (ර)
ගන්න පන්ෂයටවත් ඡන්ද දෙන්න වටින්නෙ නැහැ. (ර)
තවත් ගොඩක් අය ඉන්නවා (නි)
යුද්දෙ දිනුවා කියන එකට පස්සේ මම ලංකාවේ දැක්ක හොදම පුවත. මේක ආරම්භයක් වෙනවනම් ගොඩක් හොදයි... මම මෛත්‍රීපාල මහත්මයාට පින් දෙනවා. තව නූගතුන් මිනිමරුවන් අපරාධ කාරයන් ඉන්නවා උන්වත් මහඋලු ගෙදරටම දක්කලාම වැඩ පටන් ගන්න. මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා, වගේම ජෙනරාල් සරත් ෆොන්සේක මහත්තයලා වගේ අයගේ සේවය හොදට ගන්න එයලාත් පලපුරුදු ශක්තිමත් අය. අර අභයභූමි විනාස කරපු කෙනාටත් දඩුවම් එකසේ ලැබෙන එක මගේ ප්‍රාර්තනාවයි. පිටරට ඉන්න ඔබේ පුතාත් මේවා කියවලා උගත් එතුමාත් මේවා ගැන ඔබතුමාට දන්වනවා කියලත් අපි දන්නවා... (ර)
සජින් ,මර්වින් ,දුමින්ද,ට නාමයෝජනා දෙන්නේ නැතිනම් මහින්දටත් දෙන්න බැහැ.මොකද ඔය තුන්දෙනා කරපු දේවල් මහින්ද අනුමත කළා.(හේ)
මම නම් මේ තීරණයට අකමැතියි (නි)
මෙවර ගෙන ඇති තීරණයට අපගේ උත්තමාචාරය.(හේ)
මට නම් මොවුන් පෙනෙන්න බැහැ (නි)
හිටපු කාටවත් දෙන්න හොද නැහැ. (ර)
ඇමෙරිකානු පුරවැසිභාවය අත් නොහැරීමද බැසිල් මහතාට නාම යෝජනා නොලැබෙන්න හේතුව? නැතුව අධිකරණයේ නඩුවක් තිබීම නෙමෙයිද? එතකොට ගියපාර එතුමාට නාම යෝජනා ලැබුනේ කොහොමද? එතකොටත් ඇමෙරිකානු පුරවැසිභාවය තිබුණානේ. (නි)
මෙච්චරමද ඉන්නේ? මහින්දට නාම යෝජනා නොදෙන්න ගත් තීරණය වගේ තියෙයිද දන්නෙ නැහැ. (නි)
මේ රටේ අසරණ දුගී දුප්පතාගේ සිට මහජන මුදල්,දේපළ,ස්ත්‍රී දුෂණ ,පගා,මිනිමැරුම් ,අතුරුදහන් කිරීම් වලට වගකිවයුත්තේ කවුද? (නි)
ලිස්ට් එක පරිස්සමට හදන්න. (නි)
ඒත් ඉතින් අහවලා ඇතුළට ගියොත් තවත් හොරුන් එකතු කරගන්නවා (නි)
මම නම් නාමයෝජනා බාර දෙනකම් මේ දවස්වල වෙබ් අඩවිවල, පුවත්පත්වල පලවෙන දේවල් එකක්වත් විශ්වාස කරන්නේ නැහැ.(ර)
බදුල්ලේ එක්කෙනාට ජාතික ලැයිස්තුව දුන්න එක හොඳයි. (ර)
අනේ! අහවලාගේ නමත් කැපුනොත් අපේ අනාගත පරම්පරාව ගොඩ. නැත්නම්......??? (නි)
එතකොට බැසිල්ට දෙන එක හරිද ? (ර)
වැඩේ හොඳයි. (ර)
ඔය මොන කතා කිවුවත් දුමින්ද සිල්වට නම් නාමයෝජනා ලැබෙනවාමයි කියලයි මම නම් කියන්නේ. දේශපාලකයෝ මොනවා කිවුවත් දුප්පත් මිනිස්සු දුමින්ද එක්ක ඉන්නවා (නි)
මනුස්සයෙක් ගස් බැඳලා ඒ මිනුස්සයට කල අවමානය... (ර)
මොන අතින් බැලුවත් මර්වින් අහිංසකයි. (නි)
තව ඉන්නවා.... (නි)
හොද වැඩේ කියලා තමයි කියන්න වෙන්නේ.(හේ)
මේ හැම පක්ෂයක්ම බලන්නේ වැඩිම ඡන්ද ගන්න පුළුවන් පුද්ගලයා මිසක් එයාගේ උගත්කම, දූෂිත බව නෙමෙයි. නාමයෝජනා ලිස්ට් එක දකින්න කලින් ඒ ගැන අදහස් ප්‍රකාශ කරන මේ අය ලංකාවේ උපන් අයද කියලා හිතෙනවා. ලංකාවේ දේශපාලනය තමිල්නාඩුවට වඩා වෙනස් වෙන්නේ අල්ප ප්‍රමාණයකින්. ඒක තමයි තිත්ත ඇත්ත (නි)
මෙවර මැතිවරණය මුළු ජාතියටම වැදගත් මැතිවරණයකි.(හේ)
සෝලංගආරච්චිට නම් දෙන්නම ඕනෑ. එයා නම් සුදුසු කෙනෙක්. (නි)
මම විශ්වාස කරනවා ගම්පහට ගෝඨාභය මහතා ඇතුලත් විය යුතුයි කියලා. (නදී)
මර්වින්ට දෙන්න අහිංසකයා නිදැල්ලේ ඉන්නවා (නදී)
රට වනසන, තරුණ පරපුර අගාධයට යොමුකරන මත් ජාවාරම් වලට සම්බන්ධ අයට අපේක්ෂකත්වය නොලැබිය යුතු සේම ඔවුන්ගේ මුදල් මැතිවරණ ව්‍යාපාර වලට යොදාගන්නා පක්ෂද වර්ජනය කළයුතුයි. (නි)
මූලිකවම " අහවලා" ට ලැබුනොත් ඔය නොලැබුණ අයට උඩ පැන පැන බෙදයි. එහෙම වුණොත් ඒ පක්ෂය අමතක කරලා වෙනත් පක්ෂවලට ඡන්දය බෙදලා තමයි දාන්නේ. අපිත් එහෙම තමයි. අතිගරු ශ්‍රීමත් ජනාධිපති උතුමාණෙනි,"අහවලාට"නම් දෙන්නම එපා (නි)
මෛත්‍රී ජනපතිට ප්‍රණාමය. මේ මොලේ මහින්දට තිබුනානම් අපිත් ඡන්දෙ දෙනවනේ. (ර)
මම විශ්වාස කරනවා ගෝඨාභය මහතා ඇතුලත් විය යුතුයි කියලා.(හේ)
හොඳ -හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නි)
පුලුවන් නම් තවත් අයටත් නොදෙනවා නම් තමා හොඳ (නි)
දැන්වත් වුණ දේ ඇති නේ රටටට මගේ නම් අදහස අපේක්ෂකයකු වීමට උසස් පෙළවත් සමත් විය යුතුය (ම)
ඒක හොඳයි. මේ වගේ අය දේශපාලනයෙන් අතුගාලම දාන්න ඕනෑ. එතකොට තමයි සමාජයට යහපතක් වෙන්නේ (නි)
මෙම පිරිස පමණක් නොව පසුගිය රජයේ බහුතරයකට අල්ලස් චෝදනා තිබෙන බව අපි දන්නවා. ඔවුන් ගැන බුද්ධිමත් ජනතාව තීරණය කරනු ඇත (නි)
කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ හොරුන්ට නාමයෝජනා දෙන්න . මොකද ඔය හොරු පන්නන්න තමයි ජනවාරි අටවෙනිදා මේ රටේ ජනතාව තීරණයක් දුන්නේ. තමාගේ ජීවිත අවදානම ගැන හිතන්නේ නැතුව මේකට නායකත්වය දුන් ජනතා නියෝජිතයන්ට මොකද්ද දෙන උත්තරය? (නි)
මටත් දැනුනේ පුදුමාකාර සතුටක් (නි)
මහින්ද සහ මෛත්‍රීට ජයවේවා.(ම)
එතනෝල්කාරයන්ට ආයෙත් දෙනවද කියලා කියනවද අපිට? (නි)
හොරාකෑ කිසිදු කෙනෙකුට නාමයෝජනා දියයුතු නොවේ. (නි)
එතකොට මෙච්චර කාලයක් ඇමරිකාවේ පුරවැසිබාවය තියාගෙන තමයි ඇමතිකම් ආරක්ෂක ලේකම්ධූර කරලා තියෙන්නේ? නීතිය කාටත් පොදුද? (නි)
ලකී මහතාගේ ප්‍රකාශය පිළිගත යුතුය. වරදකට අනුබලදීමත් වරදකට සමාන වියයුතුය. නොදැනුවත්ව කිසිවක් සිදුවී නොමැත. (නි)
නියමයිනේ! (නි)
මේ දෙදෙනාගේ සුසංයෝගයෙන් අමුතුම ශ්‍රී ලංකාවක් බිහිවේවි. (නි)
ඇයි, මර්වින් සජින්, දුමින්ද විතරක්?? (නි)
අනිත් ඔක්කොම සුද්දවන්තයෝ. (ර)
මර්වින්, දෙවියන්ගේ අත අල්ලගෙන කියල කොහොම හරි වැඩේ කරගන්න බලන්න (ස)
හපොයි වෙච්ච දෙයක්. (ර)
මම විශ්වාස කරනවා තවත් අය ඇතුළත් වියයුතුයි කියලා (නි)
මට නම් විශ්වාස කරන්න අමාරුයි (නි)
එය එසේ වියයුතුයි (නි)
ලොකුම හිනාවක් ගියා මට. තව කොච්චර ඉන්නවද? (නි)
හපොයි වෙච්ච දෙයක්,(අ)
මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. මර්වින්ට දෙන්නේ නැත්තම් නාමයෝජනා, අතින් ගෙවලා ටිකට් අරගෙන ලංකාවට ඇවිල්ලා මහින්දට ඡන්දය දානවා (නි)
වැරදිකරුවන්ට දඬුවම් දියයුතුයි (නි)
හැබැයි අපි අකමැති තවත් අය ඉන්නවා. එයාලට නාමයෝජනා ලැබෙනවා (නි)
අපිව රවට්ටන්න නම් එපා ඔන්න (නි)
කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු මට නම් පිළිකුල් (නි)
මට දැනෙන සන්තෝෂය (නදී)
රට වෙනුවෙන් මෛත්‍රී සහ මහින්ද අනිවාර්යයෙන්ම එකතු වියයුතුයි කියා දැනෙනවා.මෛත්‍රී සහ මහින්ද සමඟ රට පෙරට යන තේමාව තිබිය යුතුයි (නි)
මර්වින්ට දුන්නේ නැති එකට මට තනි ඇහැට ඇඬෙනවා. (නි)