තමන් රිමාන්ඩ් බාරයෙන් වහා මුදාහරින ලෙසත්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති හෙයින් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ඉල්ලා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සහ ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අද(11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
නීතිඥ ඒ.සී.එස්.දේවපුර මහත්මිය මාර්ගයෙන් ගොනුකළ මෙම පෙත්සමේ පොලිස්පති ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ,එහි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අධ්‍යක්ෂවරයා,නීතිපතිවරයා නම්කරනු ලැබ සිටිති.
ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයුතු ලෙස භාවිත කොට ඒවා නිසිපරිදි තමන් යළි බාර නොදුන් බවට කළ චෝදනා අසත්‍ය බවත්,ඒවා තමන් නිසිපරිදි බාරදුන් බව පෙත්සම්කරු කියා සිටී.එබැවින් තම මෙලෙස රිමාන්ඩ් භාරයේ රදවා තැබීම නීතියට පැටහැනි බවත් වහාම තමන් ඉන් මුදාහරින්නැයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණටෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් දේවල් මේ රටේ වෙනවනේ! (නි)
දැන් බලාගෙන ගියාම මොහුට ඡන්දය දුන් අපි තමයි මන්දබුද්ධික. දැන් එතකොට අපි පත්කරගත් ආණ්ඩුවත් මොහුට රුපියල් කෝටි පහ ගෙවයි. (ආණ්ඩුව නියෝජනය වෙන්නේ ජනතාවයි) දැන් කලින් ආණ්ඩුවේ හිටපු හොරු අධිකරණයට ගෙනියන්න ලැබෙන්නේ නැහැ. නඩු දාන්න වෙන්නේ රුපියල් කෝටි පහ බැගින් අතේ තියාගෙන. (නි)
සල්ලි ඕනෑ නම් මහන්සිවෙලා වැඩ කරන්න. නිකන් ඉඳලා සල්ලි ගන්න හිතන්න එපා (නි)
රටේ සල්ලි කාලා කාලා දැන් එනවද ඉතුරු ටිකටත් විදින්න නඩු දාලා? කළ එක හොරකමට අවුරුදු 10 ගානේ ජීවිතකාලෙම හිරේ යවන්නයි ඕනෑ. (නි)
බලාගෙන ! තමන්ගෙන් ගුටි කාපු රාජ්‍ය තාන්ත්‍රික උගත්තුත් හෙට අනිද්දා තමන්ට විරුද්ධව නඩු දැම්මොත් ඔය සද්දේ බහීවි.(බ)
මේ යකා හොරකම් කරපු මහජන සල්ලි වලට මොකද වෙන්නේ. (බ)
අපි නොදන්නා මොණරතැන්න! (නි)
දැන් දවස් 100 නෙමෙයි 200 ත් ළඟයි. කෝ එක හොරකමක්, එක හොරෙක් අහුවුණාද. මෙයට චෝදනා කරන්නෙත් වාහන පාවිච්චි කළාට. (නි)
අනේ! හරිම අහිංසක චෝදනාවක්නේ එයාට තියෙන්නේ (නි)
අනේ මන්දා! දැන් නම් අපේ ඔළුවත් විකාරවෙලා (නි)
මේ කරලා තිබෙන හොරකම් වලට කවදා ගෙවලා අවසන් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ (නි)
හිතවත් වාස්, ඔබට ඕනෑ ඕනෑ විදිහට ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ඕනෑ ඕනෑ විදිහට වාහන පාවිච්චි කරන්න බැහැ. ඒ සඳහා ක්‍රමවේදයක් තිබෙනවා (නි)
මෙහෙම ගියොත් කොහෙන් නවතීවිද දන්නෙ නැහැ (නි)