තමන් රිමාන්ඩ් බාරයෙන් වහා මුදාහරින ලෙසත්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති හෙයින් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ඉල්ලා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සහ ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අද(11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
නීතිඥ ඒ.සී.එස්.දේවපුර මහත්මිය මාර්ගයෙන් ගොනුකළ මෙම පෙත්සමේ පොලිස්පති ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ,එහි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අධ්‍යක්ෂවරයා,නීතිපතිවරයා නම්කරනු ලැබ සිටිති.
ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයුතු ලෙස භාවිත කොට ඒවා නිසිපරිදි තමන් යළි බාර නොදුන් බවට කළ චෝදනා අසත්‍ය බවත්,ඒවා තමන් නිසිපරිදි බාරදුන් බව පෙත්සම්කරු කියා සිටී.එබැවින් තම මෙලෙස රිමාන්ඩ් භාරයේ රදවා තැබීම නීතියට පැටහැනි බවත් වහාම තමන් ඉන් මුදාහරින්නැයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණටෙන් ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සජින් වාසුත් රජයෙන් සල්ලි ඉල්ලයි
නිලක්ෂි Thursday, 11 June 2015 06:43 PM
අනේ මෙහෙමත් දේවල් මේ රටේ වෙනවනේ! (නි)
ජෙෆ් Thursday, 11 June 2015 06:46 PM
දැන් බලාගෙන ගියාම මොහුට ඡන්දය දුන් අපි තමයි මන්දබුද්ධික. දැන් එතකොට අපි පත්කරගත් ආණ්ඩුවත් මොහුට රුපියල් කෝටි පහ ගෙවයි. (ආණ්ඩුව නියෝජනය වෙන්නේ ජනතාවයි) දැන් කලින් ආණ්ඩුවේ හිටපු හොරු අධිකරණයට ගෙනියන්න ලැබෙන්නේ නැහැ. නඩු දාන්න වෙන්නේ රුපියල් කෝටි පහ බැගින් අතේ තියාගෙන. (නි)
වජිර Thursday, 11 June 2015 09:58 PM
සල්ලි ඕනෑ නම් මහන්සිවෙලා වැඩ කරන්න. නිකන් ඉඳලා සල්ලි ගන්න හිතන්න එපා (නි)
සඳුන් Thursday, 11 June 2015 10:22 PM
රටේ සල්ලි කාලා කාලා දැන් එනවද ඉතුරු ටිකටත් විදින්න නඩු දාලා? කළ එක හොරකමට අවුරුදු 10 ගානේ ජීවිතකාලෙම හිරේ යවන්නයි ඕනෑ. (නි)
ජෙහාන් Thursday, 11 June 2015 10:41 AM
බලාගෙන ! තමන්ගෙන් ගුටි කාපු රාජ්‍ය තාන්ත්‍රික උගත්තුත් හෙට අනිද්දා තමන්ට විරුද්ධව නඩු දැම්මොත් ඔය සද්දේ බහීවි.(බ)
සමන් ද සිල්වා Thursday, 11 June 2015 11:22 AM
මේ යකා හොරකම් කරපු මහජන සල්ලි වලට මොකද වෙන්නේ. (බ)
ලක්මාල් Friday, 12 June 2015 02:28 AM
අපි නොදන්නා මොණරතැන්න! (නි)
දහම් Thursday, 11 June 2015 12:44 PM
දැන් දවස් 100 නෙමෙයි 200 ත් ළඟයි. කෝ එක හොරකමක්, එක හොරෙක් අහුවුණාද. මෙයට චෝදනා කරන්නෙත් වාහන පාවිච්චි කළාට. (නි)
දුමින්ද Thursday, 11 June 2015 01:43 PM
අනේ! හරිම අහිංසක චෝදනාවක්නේ එයාට තියෙන්නේ (නි)
යසිරු Thursday, 11 June 2015 02:24 PM
අනේ මන්දා! දැන් නම් අපේ ඔළුවත් විකාරවෙලා (නි)
සහන් Thursday, 11 June 2015 02:33 PM
මේ කරලා තිබෙන හොරකම් වලට කවදා ගෙවලා අවසන් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ (නි)
මදුසි නයනි Thursday, 11 June 2015 02:36 PM
හිතවත් වාස්, ඔබට ඕනෑ ඕනෑ විදිහට ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ඕනෑ ඕනෑ විදිහට වාහන පාවිච්චි කරන්න බැහැ. ඒ සඳහා ක්‍රමවේදයක් තිබෙනවා (නි)
යසන්ත Thursday, 11 June 2015 02:43 PM
මෙහෙම ගියොත් කොහෙන් නවතීවිද දන්නෙ නැහැ (නි)