රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන (21) දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
අසනීපයෙන් පසුවන බැවින් ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මහේස්ත්‍රාත්ට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම පුරවැසියෙකුටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි බන්දනාගාර ගත කල. දුගී පැලැන්තියට එකක් ධනවත් පැලැන්තියට එක නීතියකුත් නොවිය යුතුයි. (ර)
හොරාකාපු සෑම දේශපාලකයකුගේම වත්කම් බැරකම් වලින්, තුනෙන් දෙකක් රාජසන්තක කල යුතුයි. (ර)
ලොකු හොරු එළියේ මේ මනුෂ්‍යව විතරක් රිමාඩ් කරන එකේ තේරුමක් තියෙනවාද ? (ර)
ඉසුරන්දි, රුපවති, හරියටම හරි ඔය දෙන්නගේ කතාව. (ර)
ඉසුරන්දි කියන දේ ඉටුවීමට මාරුවෙන් මාරුවට බලය ලබන මේ දෙගොල්ලන්ගෙන් නම් කවදාවත් බලාපොරොත්තු විය නොහැකිය. මෙවැනි තත්ත්වයක් රටේ පවතින බව යමෙකු තේරුම් ගැනීමද සතුටුවිය යුතුය. (ර)
ඔබ දේශපාලකයකු නම් හෝ ලොකු සල්ලි කාරයකු නම් රිමාන්ඩ් එකත් ගෙදරත් දෙකම එක වාගේ , සියලු සැප සම්පත් ඇතුලේ ලැබෙනවා , යහළුවන් නිතර දෙවේලේ ඇවිත් බලලා යනවා , ඔබ අහිංසක දුප්පතකු නම් රිමාන්ඩ් එකත් අපායක් ඇතුලේ ඉන්න පරණ උන්ගෙන් ගුටි කාල උන්ගේ වැසිකිලි පවා සෝදන්න වෙනවා. ඕක තමා වෙනස, නීතියත් එසේමය. (ර)
බන්ධනාගාර රෝහලේද? (ම)