ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් කැරුණු විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලට ඇතුළු කළ පළමු දිනයේ ඇඳක් ලැබී නැතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
පළමු දිනයේ ඔහුගේ දේශපාලන සගයන් ඔහුට අවශ්‍ය දත් බෙහෙත්, රෝසර් පවා ලබා දී නැතැයි ද දැනගන්නට ඇත.
ඔහු එදි ඉතා හැඟීම්බරව කටයුතු කළ බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර පරීක්ෂණ කරනුයේ නම් හෙළිකරගත හැකිවනුයේ මොහු ගැනම නොව වෙනත් අයගේත් මහා පරිමාණයේ වංචා දුෂණ රාශියකි. (නි)
බුද්ධිමතා හා මෝඩයා අතර වෙනස මෙය නොවේද ? (බ)
මේ හැමෝම ඉස්පිරිතාලේ දාන්නේ මොකද? අපි රිමාන්ඩ් නම් ලගින්නේ කූඩුවේ. මොවුන්ට තවත් සැප. සාමාන්‍ය ජනතාවට නියම දඬුවමත් මොවුන්ට විශේෂ සැළකිළිත් ඇයි? (නි)
ඇයි මොකද එයාට ඇඳක් ඕනෑමයි කියලා නීතියක් තිබෙනවද? ලෙඩ්ඩු පිරිලා ඇති. ඇඳක් නැත්නම් නැහැ. (නි)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය තමයි ඔය ඵලදෙන්නේ (නි)
අනේ දෙවියනේ! (නි)
සියලු දෙනාටම හොඳ අවබෝධයක් වේවා! ඕනෑම දෙයක අන්තයට යාමේ විපාක (නි)
ඡන්දෙට කලින් කිව්වේ මහා හොරකම් ගැන. දැන් රිමාන්ඩ් කරලා තියෙන්නේ රජයේ වාහන අයථා ලෙස පාවිච්චි කිරීම, ආණ්ඩුවේ වාහන අයථා ලෙස පාවිච්චි කරනවට. මේවට හිරේ දානවා නම් අපේ කාර්යාල වල ලොක්කෝ ඔක්කොම ඉන්න ඕනෑ හිරේ. (නි)
අපරාදේ රෝහලට ආවේ. බන්ධනාගාරයේ හිටියා නම් ඇඳක් ගන්න තිබුනා. (නි)
බලය නොමැතිකම,සැමටම ආදර්ශයක්. (නි)
අනේ පව්! මේ වගේ අහිංසක , බොහෝම දුක්විඳලා දාඩිය මහන්සියෙන් හරිහම්බ කරගත් මිනිසුන්ට නේද මේ කැත විදිහට සළකන්නේ ? කැතයි හොඳේ... (නි)
බලය නැත ඉතින් දැන් මේ කාලේ... (නි)
සිරකරුවෝද මිනිසුන්මය (නි)
බිම නිදාගන්න එක හොඳයි කොන්දේ අමාරුවට (ම)
බලයේ සිටි කාලයේ ඔහු චන්ද දායකයන්ටත් සැලකුවේ මිනිස් හදවතක් නැති ගානට තමයි. (කේ)
ජීවිතය කලකිරෙන්න නම් බන්ධනාගාරයට , මහරගම පිළිකා රෝහලට වගේම වැඩිහිටි නිවාසයකටත් යන්නම ඕන . තමන්ට පරිහරණය කරන්න බැරි අති විශාල ධනස්කන්දයක් රැස්කළාම ස්වාභාව ධර්මය එය අන් අය අතරේ බෙදාහරිනවා. ධනවතාගෙයි ධන කුවේරයන්ගෙයි වෙනස වටහාගන්න .(බ)
මෙයාලගේ හිස ඉදෙමීම නිසා තමි ජනාදිපතිවරනේයේදී මහින්දට අවාසි වුනේ.(කේ)
මෙවැනි දේවල් දැකබලා අපි අපේ ආත්මය සකසා ගමු. (කේ)
ඒ කාලේ ඔයා අන්තර්ජාතික වැදගත් පුද්ගලයින්ට එහෙම සළකනකොටත්, ඒ කට්ටියටත් ඔය වගේ තමයි හැඟීම් එන්න ඇත්තේ.දැන් තේරෙනවා නේද කළ වැරදි වැඩ? (නි)
ඕකත් හොඳ වැඩියි (නි)
අහිංසක ජනතාවගේ මුදල් හොරකම් කර සැපවිඳි සැමටම කවදා හෝ වන්දි ගෙවන්නට සිදුවන බව සත්‍යයකි. (නි)
මන්ත්‍රී වෙන්න කලින් කවුරු කවුරුත් බිම තමා නිදාගන්න ඇත්තේ (නි)
දැන් තේරෙනවා ඇති මහජනතාවගේ දුක (නි)
සජින් ද වාස් ගුණවර්ධනට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු. (ර)
මෙය හොද දෙයකි. (බ)
අපරාදේ පොලොව යට නිදා ගන්න ඕන කෙනෙක් (බ)
බුදුදහම ගැන හරි අවබෝධයක් තියෙනවා නම් මිනිසුන් හරිමඟ යනවා. (නි)
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුණු මට, මෙහෙමත් කල යාද රෝහලේ බිම මත... (නි)
මූව විතරක් නොවී මෙයාගේ පරම්පරාවම හිරගෙදර බිම නිදි කරවන්න ඕනා සරත් ෆොන්සේකා මහතාට කරපු දේවලට. (බ)
කළ කළ දේ පළ පළ දේ (නි)
මෙයාට බිම නිදාගන්න වෙන එක අපිට නම් එච්චර අරුමයක් නොවෙයි. (නි)
රජකම් කළත් කළකම් පළදෙයි (නි)
තවම අරයට මේ ගැන කිවුවේ නැද්ද? (නි)
අන්තිමට මෙයත් ඉස්පිරිතාලෙද නැවතිලා තියෙන්නෙ? මෙහෙමත් වැරදිකරුවන්ට සැප දෙන රටක්! (නි)
යන හැමෝම බන්ධනාගාර රෝහලටද? (නි)
සුමන, ඔයා හරියටම හරි (නි)
හරි පුදුම දෙයක්නේ ! බන්ධනාගාර ගතවෙන හැමෝම ලෙඩ්ඩුනේ (නි)
ශ්රී ලංකාවේ ආදරණීය ඡන්දදායකයන් වෙත, ඔබ මෙතෙක් ඔබව නියෝජනය කිරීමට තෝරාගෙන ඇත්තේ සොර මුලක් පමණක් නොව ලෙඩුන් පිරිසකි. බන්ධනාගාර ගතවූ වහාම ඔවුනට ලෝකයේ ඇති සියලු ව්‍යාධින් වැළඳීම මඟින් මෙය තහවුරු වේ. සොරුන්ට සහ ලෝකයේ ඇති සියලු බරපතල රෝග වලින් පෙළෙන්නන්ට ඔබ නිසි පරිදි නියෝජනය කිරීමට නොහැකි බව ඔබ පිළිගන්නවා ඇත. එනිසා ඊළඟ මැතිවරණයේදී සොරුන්වත් ලෙඩුන්වත් ඔබව නියෝජනය කිරීමට තෝරානොගන්නට බුද්ධිමත් වන්න. (නි)
මෙයාලව බිම නොවේ මහා පාරෙයි නිදිකරවන්න ඕනෑ. (නි)
මෙහෙම අය ගැන අපිට නම් දුකක් නැහැ (නි)
මෙයා රිමාන්ඩ් කරලා තියෙන්නේ අමුතුම චෝදනාවකටනේ. එතකොට අර ඡන්දෙට කලින් කියූ හෙලිකොප්ටර්, ගුවන් යානා, ගුවන් පුහුණු පාසල් ආදිය? ඒවා බොරු කතාද? (නි)
තානාපති කාර්යාලයක ගුස්ති අල්ලලා රටේ නම ජාත්‍යන්තරයේ කැතකළ වරදටම බිම නෙමෙයි නිදි කරවන්න වටින්නේ. (නි)
ඇයි අර ක්‍රිස් නොනිස් සම්බන්ධ ප්‍රශ්නයට මොකුත් කරන්නේ නැද්ද? (නි)
බලය නැති වුනාම ඔය දේ වෙනවා කියලා මේ අය කලින් හිතුවේ නෑ.(හේ)
පවු කියලා නම් කියන්න හිතෙන්නෙම නැහැ (නි)
ජනතාවගේ සල්ලි වලින් කෑවා නම් ප්‍රතිවිපාක විඳින්න ඕනෑ නේද? (නි)
ෆොන්සේකාට පළමු දිනයේදී පමණක් නොව අනිත් දිනවලදීත් කරන්න හදපු දේවල්... ? එවන් දුකක් මොහුට නොවේවා! (නි)
අනේ පව් කියන්නවත් පුළුවන් මිනිස්සුද මේ අය? (නි)
මෙයාලා හැමකෙනෙක්ම බන්ධනාගාර රෝහලට යවන්න කියලද විනිසුරුවරුන් නියෝග දෙන්නේ? එතකොට හිරගෙවල් ඕනෑම නැහැනේ. පුදුම රටක්! මේවා විහිළුද? නාඩගම්ද? (නි)