රජය පිළිගත් ඩෙන්ඩර් පටිපාටිය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය රජය ක්‍රියාත්මක කරන ලද සියලු මාර්ග හා සෙසු සංවර්ධන සෙසු සංවර්ධන ව්‍යපෘති ඉදිරියට ක්‍රියාත්මක කරන බවට හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය සජිත් පේමදාස සහ අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු අද 06 එකඟත්වය පළ කළහ.
නව රජයේ පළමු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ දී සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අපි රජයට එක් වූයේ සංවර්ධන ව්‍යපෘති නතර කිරීමට නොව ඉදිරියට ගෙන යෑමට බව ද හම්බන්ටතාට වරාය මත්තල ගුවන් තොටුපළ වසා නොදමන බවද සම සභාපතිවරු මෙහි දී ප්‍රකාශ කළහ.
මාර්ග සංවර්ධනයේ දී උරහිස කාපට් නොකර එයට බොරළු දමා මාර්ග සංවර්ධනය කර මුදල් ඉතිරී කර එම මුදල් නාස්ති හා දූෂණය වී ඇති බව පෙන්වීම සාධාරණ නොවන බවද මාර්ග සංව්ර්ධනයේ දී උරහිස කාපට් කිරීම අනීවර්යෙන් සිදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙහි දී කීය.
හම්බන්තොට ඉඩම් කිසිවකුට කොල්ල කෑමට ඉඩ නොතබන බව ද ඉඩම් නොමැති අනු පවුල් සඳහා සාධාරණ ක්‍රමයක් යටතේ ඉඩම් ලබා දීම සිදුකරන බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය රජයෙන් කරපු සංවර්ධන වැඩ ලංකාවේ මෙතෙක් පැවති කිසිම රජයකින් කරලත් නැහැ ඉදිරියේදී කෙරෙන්නේත් නැහැ. ගසා කෑම සිද්ද වෙන්න ඇති නමුත් මොන රජයෙන් කලත් ගසා කෑම නවත්වන්න වන්න බැහැ. ඒක දෙසපාලුවන්ගේ තියන අතීතයේ සිට පැවත එන ප්‍රතිපත්තිය. (ර)
මෙන්න නියම ලිච්චවී ක්‍රමය (බ)
අන්න හරි එකතු උනොත් කීයක් හරි බෙදාගෙන .......කන්න පුළුවන්. (ස)
බලය රැකගන්න. (ර)
කරුණාකර පාරවල් අලුතින් හදන්න පළමුව හැදූ පාරවල් වල දෙපැත්තේ කාණු බඳින්න. නැත්නම් ඒවා නැවත කාර්පට් කිරීමට සහ කොන්ක්‍රීට් කිරීමට සිදුවේවි. (නි)
අනේ අනුර කොලුවෝ, ඔය වගේ විහිළු පොදු වැඩවලදී හොද නැහැ නේද?.(ම)
එකමුතුව වැඩකරන්න පුලුවන් නම් බොහොම හොඳයි (නි)
ජයවේවා! ඔහොම යමුකෝ (නි)
කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා වෙනවලු. හැබැයි මෙතන තත්ත්වය නම් තවම හරියට හිතාගන්න අමාරුයි (නි)
හොද ආදර්ශමත් ආරම්භයක්, පක්ෂ වලට නොබෙදී සමගිව පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් දුෂණයෙන් තොරව යහපත් සිතින් පටු වාසි නොතකා සේවය කිරීමට සුබපතමි. ජය වේවා (අ)
එකමුතුවෙන් වැඩක් කරනවානම් රට දියුණුයි මෙලහටත්.කොහෙද එකාට එකා කුලල් කාගන්නවා මිසක් වැඩක් කරන්නේ නැහැනේ.ගිරිය පුප්පගෙන ගිරවු වගේ කියවන්නෙම නැතුව ඒවා ආදර්ශවත්ව රටවැසියා හමුවේ තබනවානම් තමයි හැමෝම කැමති. (ස)