සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවිනැඟුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම්ව සිදුකරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන17 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය .
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය ,එහි සභාපති ,ලේකම් ගොනු කල මෙම පෙත්සම අද කැදවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දෙන ලදී.
ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැදවිණි .
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සජිත්ට එරෙහි පැමිණිල්ල සලකා බැලීම 17
සුරන් Saturday, 13 June 2015 06:42 AM
බැසිල් මහතා කරපු වැරදි සහ මෙතුමා දැන් කරන වැරදි අතර වෙනසක් නැහැ. අයථා ලෙස මුදල් පරිහරණය කරන්නේ නැතිව මෙයාලට ඡන්දෙ දිනන්න අමාරු තත්වයක් තියෙන්නේ. මෙයාල කියන්නේ මෙයාලගේ පක්ෂේ වැඩවලට මුදල් යොදවන්නේ දානපතියන්ගේ පුද්ගලික මුදල් කියල. නිකන් සල්ලි වියදම් කරන්න කාටවත් අමාරුවක් නැහැ. ඇත්තටම දෙපැත්තටම සල්ලි වියදම් කරන්නේ කුඩු , එතනොලේ, කසිප්පු, බදු නොගෙවා බඩු ගෙන්වන, ගණිකා ජාවාරම් පවත්වාගෙන යන මුදලාලිලා. (බ)
සිතාර Friday, 12 June 2015 09:48 PM
අනිල්, එහෙම තමයි යහපාලනය! අපේ පක්ෂයට ඒවා වලංගු නැහැ.ඒවා කොහෙද අපිත් එක්ක. අවුල්නම් ගඟේ පනින්න, මේක අපේ ආණ්ඩුව! මහින්දගේ කාලේ ඉවරයි (නි)
අජිත් කරුණාරත්න Friday, 12 June 2015 12:10 PM
මොකද? ඒ පාර සජිතුත් ලිත් අච්චු ගහලද? නැත්නම් ඉඳි ආප්ප වංගෙඩි, ගෑස් කුකර් එහෙම බෙදලද? (නි)
ප්‍රකාශ් Saturday, 13 June 2015 12:48 PM
සමෘධි මුදල් එයාගේ වගේ යු එන පි අයට බෙදනවා.මෙයාට නඩු දාල හිරේ දාන්නේ නැත්ද?(අ)
සත්‍යයා Saturday, 13 June 2015 12:55 PM
සුරන්! ඔබේ කටේ මසුරන් දාන්න ඕනේ. ඇත්ත කියන්නයි බිම වාඩිවෙන්නයි බය වෙන්න ඕනේ නැහැ. දැක්ක නේද ආකාසේ අල්ලන්න ගිය මැද මුලන අයට වෙච්ච දේ (බ)
අනිල් Friday, 12 June 2015 01:15 PM
දන්නේ නැති නිසා අහන්නේ, ඇයි එහෙනම් අනිත් පක්ෂවල අය වගේ මෙයාව ප්‍රශ්න කරන්න ගෙනියන්නේ නැත්තේ? අනිත් අයව විමර්ශන යද්දී රිමාන්ඩ් කරනවනේ? (නි)
සුමුදු Saturday, 13 June 2015 03:09 AM
ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ ගැනත් අපි දන්නවා (බ)
ගාමිණී Saturday, 13 June 2015 03:22 AM
සජිතුත් ගෑස් කුකර් බෙදලා, පින්තූරය දාලා ලිත් ගහලද? (නි)
නිවන්තක Friday, 12 June 2015 01:31 PM
එයාටත් පැමිණිලිද? (නි)
සමන් Friday, 12 June 2015 01:59 PM
අනිල්, දන්නවා නේද ගමරාළගෙයි සේවකයාගෙයි බත්මුලේ කතාව? (නි)
ටිකිරි Saturday, 13 June 2015 05:16 AM
රනිල්ගේ එෆ්සීඅයිඩී එකට වෙනත් අයට පැමිණිලි කරන්න බැහැනේ. සමුර්දි බැංකුවත් අනිකුත් බැංකු වගේ ස්ථාපිත බැංකුවක්. එ්කේ මුදල් එයාට ඕනේ අයට පමණක් හිතේ හැටියට බෙදා දෙන්ට බැහැ. එහි ඉන්න නිලධාරීන් පවා මෙය අනුමත නොකරන බව තමා කියවෙන්නේ. (ස)
පිවිතුරු යහපාල Friday, 12 June 2015 02:19 PM
බැසිලුත් පුද්ගලිකව හොරකන් කළා කියල නෙමෙයිනේ හිරේ දාලා තියෙන්නේ.ඒ තියරිය එහෙනම් කාටත් වලංගු වෙන්න ඕනෑ. (නි)