සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවිනැඟුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම්ව සිදුකරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන17 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය .
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය ,එහි සභාපති ,ලේකම් ගොනු කල මෙම පෙත්සම අද කැදවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දෙන ලදී.
ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැදවිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල් මහතා කරපු වැරදි සහ මෙතුමා දැන් කරන වැරදි අතර වෙනසක් නැහැ. අයථා ලෙස මුදල් පරිහරණය කරන්නේ නැතිව මෙයාලට ඡන්දෙ දිනන්න අමාරු තත්වයක් තියෙන්නේ. මෙයාල කියන්නේ මෙයාලගේ පක්ෂේ වැඩවලට මුදල් යොදවන්නේ දානපතියන්ගේ පුද්ගලික මුදල් කියල. නිකන් සල්ලි වියදම් කරන්න කාටවත් අමාරුවක් නැහැ. ඇත්තටම දෙපැත්තටම සල්ලි වියදම් කරන්නේ කුඩු , එතනොලේ, කසිප්පු, බදු නොගෙවා බඩු ගෙන්වන, ගණිකා ජාවාරම් පවත්වාගෙන යන මුදලාලිලා. (බ)
අනිල්, එහෙම තමයි යහපාලනය! අපේ පක්ෂයට ඒවා වලංගු නැහැ.ඒවා කොහෙද අපිත් එක්ක. අවුල්නම් ගඟේ පනින්න, මේක අපේ ආණ්ඩුව! මහින්දගේ කාලේ ඉවරයි (නි)
මොකද? ඒ පාර සජිතුත් ලිත් අච්චු ගහලද? නැත්නම් ඉඳි ආප්ප වංගෙඩි, ගෑස් කුකර් එහෙම බෙදලද? (නි)
සමෘධි මුදල් එයාගේ වගේ යු එන පි අයට බෙදනවා.මෙයාට නඩු දාල හිරේ දාන්නේ නැත්ද?(අ)
සුරන්! ඔබේ කටේ මසුරන් දාන්න ඕනේ. ඇත්ත කියන්නයි බිම වාඩිවෙන්නයි බය වෙන්න ඕනේ නැහැ. දැක්ක නේද ආකාසේ අල්ලන්න ගිය මැද මුලන අයට වෙච්ච දේ (බ)
දන්නේ නැති නිසා අහන්නේ, ඇයි එහෙනම් අනිත් පක්ෂවල අය වගේ මෙයාව ප්‍රශ්න කරන්න ගෙනියන්නේ නැත්තේ? අනිත් අයව විමර්ශන යද්දී රිමාන්ඩ් කරනවනේ? (නි)
ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ ගැනත් අපි දන්නවා (බ)
සජිතුත් ගෑස් කුකර් බෙදලා, පින්තූරය දාලා ලිත් ගහලද? (නි)
එයාටත් පැමිණිලිද? (නි)
අනිල්, දන්නවා නේද ගමරාළගෙයි සේවකයාගෙයි බත්මුලේ කතාව? (නි)
රනිල්ගේ එෆ්සීඅයිඩී එකට වෙනත් අයට පැමිණිලි කරන්න බැහැනේ. සමුර්දි බැංකුවත් අනිකුත් බැංකු වගේ ස්ථාපිත බැංකුවක්. එ්කේ මුදල් එයාට ඕනේ අයට පමණක් හිතේ හැටියට බෙදා දෙන්ට බැහැ. එහි ඉන්න නිලධාරීන් පවා මෙය අනුමත නොකරන බව තමා කියවෙන්නේ. (ස)
බැසිලුත් පුද්ගලිකව හොරකන් කළා කියල නෙමෙයිනේ හිරේ දාලා තියෙන්නේ.ඒ තියරිය එහෙනම් කාටත් වලංගු වෙන්න ඕනෑ. (නි)