සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවි නැගුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කරන ලැදැයි නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල පිළිබඳ කඩිනම් විමර්ශන පවත්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමේ නොතීසි අගමැතිවරයා ඇතුළු සියලූම වගඋත්තරකරුවන්ට ලබා දීමෙන් පසුව ලබන 16 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) තීන්දු කළේය.
ඒ අනුව එම නොතීසි පෙත්සමේ වගඋත්තරකරුවන්ට ලබාදෙන්නැයි අධිකරණය පෙත්සම්කරු ගේ නීතීඥ ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතාට දැනුම් දුන්නේය.පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවි‚.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමය, එහි සභාපති, ලේකම් විසින් ගොනු කල මෙහි වගඋත්තරකරුවන් ලෙස දිවි නැගුම හිටපු අධ්‍යක්ෂක, අගමැති, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, කැබිනට් මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන්, පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් හොඳ කෙනෙක්,ඔහු වැරදියි කියලා මම නම් විශ්වාස කරන්නෙ නැහැ. සජිත්ට වංචාවක් කරන්න උවමනා නැහැ. සැමවිටම අඩු ආදායම් පවුල් සඳහා දේශපාලනයෙන් තොරව කටයුතුකරන නායකයෙකි. සත්භාවයෙන් කටයුතුකරන සජිත්ගේ දේශපාලන ගමන නවතන්නට කිසිවෙකුට බැහැ. (නදී)
හැමෝගෙම ප්‍රතිචාර ටික හොඳයිනේ (නදී)
සජිත්ලා සැමවිටට ග්‍රාමීය ජනයා එක්ක එකට සිටගත් පුද්ගලයෙක්. (නි)
අපේ නායකයා ඔබයි (නි)
සජිත්ට වංචාවක් කරන්න උවමනා නැහැ (නි)
අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිලි කරන්නේ නැද්ද? (නි)
සජිත් දුප්පතාගේ නායකයෙක් කියල ජනතාව දන්නවා (නදී)
අනේ ඔව් කෝලිත , සජිත් කියන්නේ ලොකු සල්ලි තියන පෙළපතකින් ආව කෙනෙක්නෙ . දන්නෝ දනිති . (අ)
සජිත් වැරදියි කියලා මම නම් කොහොමටවත් විශ්වාස කරන්නෙ නැහැ (නි)
සජිත් හොඳ කෙනෙක් (නි)
2020 අපේ රටේ ජනාධිපති. පොඩි මිනිස්සුන්ට සෙතක් කරන්නේ මෙයා විතරයි (නදී)
සජිත්ගේ දේශපාලන ගමන කැළැල් කරන්න බැහැ (නි)
සමෘද්ධියේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි රුපියල් 50000 ගාණේ බයිසිකල් ලෝන්වලට ගෙවපු සමෘද්ධි සල්ලි කාබාසිනියා කරපු අය දැන් සජිත්ට නඩු දානවලු. මේවට ඉතිං කොහෙන් හිනා වෙන්නද මන්දා (නදී)