සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවිනැඟුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම්ව සිදුකරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ නොතිසි අගමැති ඇතුළු සියලුම වගඋත්තරකරුවන්ට ලබාදීමෙන් පසුව පෙත්සම ලබන ජූලි 10 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.
අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ,නිවාස හ සමෘද්ධි අමාත්‍යවරයා,පොලිස්පති සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය ,එහි සභාපති ,ලේකම් ගොනු කළ මෙම පෙත්සම අද රෝහිණී මාරසිංහ , සිසිර ද ආබෘ, සහ උපාලි අබේරත්න යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ට කිව්වේ ඔය දින 100 ට (බ)
මේක රනිල්ගේම කුමන්ත්‍රණයක් (අ)
දැන් යහපාලනය හොරු එනවා එලියට (අ)
ලංකා කියනවා වගේ මේක අරයගේ ගැටයක්ද දන්නේ නැහැ (නදී)
මෙන්න තවත් යහපාලනයේ මගඬියක් අසව් අසව් (බ)
ඔය පෙත්සම ගොනු කළේ අර සබරගමුවේ පතල් හොරා නේද? (බ0
මහින්ද රාජපක්ෂ මහතාට බියෙන් මැතිවරණ වලට තරග කිරීම මගහැරිය රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිධූරය ලැබීමත් සමග සිංහ වෙස්ගෙන ඇති බවයි. රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉදිරියේදී සිදු වන්නේ සිංහ වෙස්ගත් කොටලූවාට සිදුවූ දෙය බවත් රනිල්ගේ අභියෝගයට පිලිතුරු මෙරට ජනතාව විසින් ලබා දෙනු ඇති (බ)
මෙන්න තවත් ප්‍රතිපලයක්. (හේ)
සජිත් ඔබතුමා දුප්පතුන්ගේ හිතවතා, අනාගත අපේ නායක තුමා, අපි ඔබතුමා සමගයි.(බ)
දුප්පතාගේ හිතවත කියලා තමන්ගේ ආධාරකරුවන්ට විතරක් දුප්පත් සමෘද්ධි ලාභීන්ගේ සල්ලි ටික බෙදලා දෙන්න අයිතියක් නැහැ. එය මූල්‍ය අපරාධයක්. (ම)
ආධාර කරුවන්ට දුන්නේ ලබන ඡන්දෙ වැඩට ගන්න (බ)
තාත්ත වගේමයි. (බ)