සජිත් එදිරිසූරිය කියන්නේ ගීත ලොවට නවකයෙකු නොවෙයි. කණ්ඩායම් සංගීත තුළ වසර ගණනාවක් සිට සංගීත පිළිබඳව ඉගෙන ගනිමින් සිටි ඔහුගේ කුලුඳුල් ගීතය වන ‘පාලුවේ තනිවෙලා’ පසුගියදා එළිදක්වනු ලැබුවා. ඒ පිළිබඳව සහ ඔහුගේ සංගීත කටයුතු පිළිබඳව කතා බහ කිරීමට ‘සාරවිට’ සමග එකතු වූ මොහොතකි මේ.
මුලින්ම ඔබ ගැන කිවුවොත්?
මම සජිත් එදිරිසූරිය. කරන්නෙ නම් සංගීතය තමයි. මම මේ වන විට වෘත්තීය වශයෙන් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. මගේ ගම තිස්සමාහාරාමය. මේ දිනවල මගේ අලුත්ම මියුසික් වීඩියෝව රසවිඳින්න පුළුවන්.
කලාවට එකතු වෙන්නේ කොයිකාලෙද? ඒ වගේම කලාව කියන්නේ ඔබේ වෘත්තිය?
අධ්‍යාපන කටයුතු කරන අවසාන කාලයේදී මම සංගීත කණ්ඩායමක් සඳහා සම්බන්ධ වෙලා කටයතු කළා. පස්සේ ඒක දිගින් දිගටම ගියා. ඊට පස්සේ හිතුනා මියුසික් වීඩියෝවක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මියුසික් වීඩියෝවක් කළේ.
මෙය ඔබේ පළමු මියුසික් වීඩියෝවද?
මගේ පළමුවැනි මියුසික් වීඩියෝවයි. හිතුවක්කාරකම් තමයි Song Title එක යන්නේ. පාළුවේ තනි වෙලා තමයි සිංදුව. ඉතිං මේකේ වීඩියෝව කළේ චාමු ශ්‍රී, පදරචනය කවී සාරංග, සංගීතය මුසු කළේ තුෂාර විජේවර්ධන. මේ කට්ටියගේ එකතුවෙන් තමයි මේ වැඩේ ලස්සනට කරගත්තේ.
කාලීනවූ ආදර ගීතයක්ද?
නැහැ. හැමදාම තියෙන දේට වඩා පොඩි වෙනසක් කරලා තියෙනවා. හිතුවක් කාර ගෑනු ළමයෙක් ගැන තමයි මේකෙන් කියැවෙන්නේ. හිතුවක්කාර වෙලා කෙනෙක් එක්ක එළියට ගිය වෙලාවේ අනතුරක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ආයේ එන්න වෙන්නේ තමන්ගේ හරි පෙම්වතා ළඟටම තමයි. ඒ ගැන තමයි මෙයින් කියවෙන්නේ.
ගීතයට ලැබෙන ප්‍රතිචාර?
මේ වෙද්දී හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය හොඳයි කියලා කියනවා. හොඳ වගේම නරකත් මම බලාපොරොත්තු වෙනවා. හොඳ වගේම නරකත් සමබරව භාරගෙන තවත් හොඳ නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉදිරි කටයුතු?
සංගීත කණ්ඩායමේ කටයුතුත් කරගෙන අලුත් ගීතයක් සඳහා යන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගීතයත තුලින් අලුත් දෙයක් දෙන්න ගොඩක් උත්සාහ කරනවා. හැමදාම දකින දේට වඩා අලුත් දෙයක් කරන්න ඊළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා.
ඒකත් ආදර ගීතයක්ද?
ඒ ගීතයේ ගොඩක් වෙනසක් සිදුවෙයි. හැමදාම යන්නේ ආදර ගීත සහ විරහ ගීත නිසා නටන්න පුළුවන් පැත්තට ගීතයක් නිර්මාණය කරන්නයි හිතන් ඉන්නේ.
සංගීත කණ්ඩායම ගැන කිවුවොත්?
සංගීත කණ්ඩායමේ නම ‘Succesessfull’. අවුරුදු තුනක් විතර වෙනවා සංගීත කණ්ඩායමට. සංගීත කණ්ඩායමේ හැමදෙනාම සහයෝගය දෙනවා මගේ හැමදේටම. ඒ අයත් එක්ක ඒ කටයුතු කරගෙන යනවා වගේ මගේ දේවලුත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
සහයෝගය දුන් පිරිස?
විශේෂයෙන්ම මගේ බිරිඳ මුලින්ම මතක් කරන්න ඕනේ. එයා මගේ පස්සෙන්ම ඉඳන් මට ලොකු ශක්තියක් වුණා. මගේ අයියා. එයාවත් මතක් කරන්න ඕනේ. චමුශ්‍රී, මියුසික් කරපු තුෂාර අයියට, පදරචනය කරපු රවී අයියට. ඒ අය තමයි මේ ගීතයේ පිටුපසින් ඉන්න අය. නම් වශයෙන් කියන්න බැර වුණත් වචනයකින් හරි මට උදවු කරපු හැමෝටම ස්තුතියි කියනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd