නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා ලෙස තමා නඩත්තු කිරීමට වෙන් කරන සියලු මුදල් රටේ නිවාස ඉදි කිරීමට බැර කරන බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු එසේ කීවේ කැබිනට් ඇමැතිවරයකු ලෙස ලැබුණු කුරුඳුවත්තේ නිල නිවස නැවත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට බාර දෙමිනි.
‘මට පෙර ගමන් රථ නෑ. පසු ගමන් රථ නෑ. මා සහ මගේ ආරක්ෂකයන් යන්නේ මගේ පෞද්ගලික රථයෙන්. ගෙවල් හැදූ රණසිංහ ප්‍රේමදාසගේ පුතා ලෙස මඩ ලැබුණු නිල නිවස යාන වාහන සහ සියලු දීමනා රටේ ජනතාවගේ සුඛ විහරණය උදෙසා පරිත්‍යාග කරනවා. රටේ නිවාස ප්‍රශ්නය විසඳන්න අපි ඇප කැප වෙනවා.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොද ආදර්ශයක්. අනිත් මැති ඇමැතිවරුත් මෙය ආදර්ශයට අරන් වැඩකළ යුතු අතර, මැති ඇමතිවරුන්ට ලැබෙන වරප්‍රසාද හා දීමනා පාර්ලිමේන්තුවට ගෙනෙන යෝජනාවක් මගින් හෝ අඩුකලයුතු බවයි මගේ අදහස. (ර)
සජිත් මහත්තයෝ විමල් ඔබේ පියා හදපු ගොඩනැගිලිවල මිනිහගේ නම කෙටුවා. ඒවා නැවත රණසිංහ ප්‍රේමදාස කරන්න පුලුවන්ද. විශේෂයෙන් කතරගම තියෙන ගම් උදාවේ ගොඩනැගිලි. (නදී)
අනිකුත් මැති ඇමති වරුන්ට ලොකු ආදර්ශයක් සජිත් ගෙන් (නදී)
බොහොම ආදර්ශවත් සහ උතුම් චරිතයක්. අනාගතයේදී දේශපාලනයට පිවිසෙන්න අදහස් කරන අපේ උගත්, චරිතවත්, තරුණයින්ට ආදර්ශයකට ගත හැකි වටිනා කියන රටට සහ ජනතාවට ආදරය කරමින් සේවය කලයුත්තේ කෙසේදැයි ක්‍රියාවෙන්ම පෙන්වන උතුම් ලංකා පුත්‍රයෙක්. (නදී)
රටට අවශ්‍ය මෙවන් ආදර්සමත් මැති ඇමතිවරු මිසක් ජනතා දේපොළ කොල්ලකන පවුල් බලය ගොඩ නගන දුෂිත දේශපාලකයන් නොවේ (නදී)
ප්‍රේමදාස පවුල කවදත් රටට ආදර්ශයක් දුන් පවුලක්. (නි)
එයාලගේ පුද්ගලික වියදමට සෑහෙන තරම් සල්ලි ඇති. අපි වගේ නෙමෙයිනේ එයාලා (නි)
මේ රටේ හෙට දිනේ නියම ජන මූල නායකයා ඔබ වේ (නදී)
ගරු ඇමතිතුමනි, 1) ජාතික නිවාස අධිකාරිය මගින් දැනට ලබා දෙන ණය මුදල් සඳහා අය කරනු ලබන 13% ක පොලිය ටිකක් අඩු කරන්න. 2) ජාතික නිවාස අධිකාරිය මගින් දැනට බෙදා දී ඇති සියලුම ඉඩම් සඳහා කඩිනමින් ඔප්පු ලබා දීමට කටයුතු කරන්න. 3) බොහෝ ඉඩම්වල මිණුම් කටයුතු අවසන් කර නොමැති නිසා ඒ පිළිබඳවත් කාරුණිකව සොයා බලන්න.(හේ)
අවංකව, නිහතමානිව ඉදිරියට ගියොත් ඊලග ජනාදිපති ඔබතුමා (නදී)
පරම්පරා ගානකට හරියන්න මෙතුමාගේ පියා පෙහොසත් (බ)
ඇත්තටම මේ අය වැය ගොඩක් හොඳයි කියල හිතෙනවා , එක අඩුපාඩුවක් තමයි මතක් වුණේ ..රට විරුවන්ට ව්ශේෂයක් නැහැ වගේ ...අඩුම ගාණේ ත්‍රිවිල් එකක්වත් ගන්න පහසුකම් සලසන්න බැරිද ? අවරුදු ගානක් දුක් විදලා හරි හමන් පවුල් ජිවිතයක් ගත කරන්න බැරිව ඉන්න අපිත් ලංකාවට අවට පස්සේ මොනවාද කරන්නේ කියන ප්‍රශ්නේ හැමදාමත් ඔලුවේ තියෙනෙව .අවරුදු 10ක් විතර මේ වැලිකතරේ දුක් විඳලා ලංකාවට ගියාට පස්සේ කරන්න දෙයක් නැහැ , ඉඩමක් අරගෙන ගෙයක් බාගෙට හදාගන්න විතරයි අපේ 90%ක් වගේ අයට පුළුවන් .ඊට පස්සේ ජිවිතේ අයෙත් කටුක වෙනකොට අයෙත් දරුපවුල දාල රට යන්න සිදුවෙනවා .(දිල්)
ඔබ හොඳ කෙනෙක් (නි)
සියලුම අය ඔහොම වෙනවා නම් ටික කලකින් රට දියුණුවෙනවා. හොරු ටිකත් අල්ලන්න ඕනෑ. (නි)