අඩු ආදායම් පවුල් වල කපරාරු නොකළ නිවාස 25,000ක් පිළිසකර කිරීමේ වැඩසටහනක් ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් අරඹන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
එක් දිස්ත‍්‍රික්කයකින් නිවාස 1000 බැගින් දිස්ත‍්‍රික් 25ක නිවාස 25,000ක් කපරාරු කිරීම මෙම වැඩසටහන යටතේ සිදුකෙරෙන බවද එක් නිවසකට රුපියල් 10,000ක් වටිනා සිමෙන්ති හා සහනදායී පදනමක් යටතේ වැලිද සැපයේ.
ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උළෙල කොළඹ මාළිගාවත්ත නිවාස ක‍්‍රම භූමියේ දී පැවැත්වෙන බව ද හෙතෙම සඳහන් කළේය.
‘විවෘත භූමිය සැමට’ යන්න මෙවර ලෝක ජනාවාස සැමරුම් දින තේමාව වී ඇති අතර ඒ නිමිති කරගනිමින් මහල් නිවාස පිළිසකර කිරීම, නිවාස 50,000ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ ඉදිවූ ගම්මාන විවෘත කිරීම, අඩු පහසුකම් ජනාවාස සංවර්ධනය, චිත‍්‍ර හා නාට්‍ය තර`ග ඇතුළු වැඩසටහන් රැෙසක්ද ක‍්‍රියාවට නංවන බව ඇමතිවරයා කීවේය.
ඇමති සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමීර.ඔයා හොඳට ගණිතය දන්නවා වගේ. (බ)
ඔබතුමාට පමණයි පොඩි මිනිහගෙ,දුප්පත් මනුස්සයාගෙ දුක තේරුම්ගන්න පුලුවන්. (නි)
පුෂ්පා, තමන්ගේ නමේ ගෞරවයවත් තියාගන්න බලන්න (නි)
පියුමි, මාලුවාට කට නිසා වුණු දේ දන්නවද? (නි)
දුප්පතාගේ බලාපොරොත්තු මල් ඵලගැන්වීමක් (නි)
බොහොම සන්තෝෂයි (නි)
මේ පුංචි රටේ දැන් තට්ටු නිවාස හදන සංස්කෘතියකට අපි යන්න අවශ්‍යයි. (නි)
එතුමා දුප්පතාගේ හිතවතා! (නි)
ඔබට ජය වේවා !(අ)
ගෙයක් සම්පුර්ණ කරදීම ලොකු පිනක් සහ ජාතික වැදගත් කමින් යුතු හොඳ අදහසක්. තෝරා ගැනීමේදී පැහැදිලි වැඩපිළිවෙලක් වෙත අවධානය යොමු කිරීමට සිත් පහල වේවා.(හේ)
25,000 x 10,000 = රු 250,000,000. මෙය විශාල මුදලක් රටකට. මේ දේවල් ගොඩක් වෙලාවට යන්නේ ඇත්ත දුප්පතුන්ට නොව දේශපාලකයන්ට කඩේ ගිය හෙන්චයියන්ට ය. ඇත්තටම වෙන්නේ මහන්සියෙන් ඉගනගෙන යම් තරමකට වත්කම් ඇති මිනිස්සුන්ට බදු බර සහ බිල් තවත් වැඩිවීමයි. නිකන් මාළු බෙදීමට වඩා මාළු අල්ලන්න කියා දෙන එක වඩා වටිනා බව මේ රටේ දේශපාලකයෝ කවදා තේරුම් ගනීද? (අ)
පුෂ්පා ඔබ ගණිතය දන්නෙත් නැහැ උපහැරණ දන්නෙත් නැහැ. (අ)
බොරු වැඩ නොකර ඉන්නවද