(නිමල කොඩිතුවක්කු)

සමගි ගොවිජන ප්‍රකාශනය එළිදැක්වීම  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(29) පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසලදී සිදු කෙරේ. 

සමගි ජන බලවේගයේ  සමගි ගොවිජන ප්‍රකාශනය තුළින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම, ගොවියාගේ ආර්ථිකය නගා සිටුවීම, අනාගතයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් භාවිතා කරන ක්‍රමවේද ආදිය  එළිදැක්වීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

ගොවි නායකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන මෙම වැඩපිළිවෙල සඳහා රටේ සමස්ත ගොවි ජනතාවට ආරාධනා කර සිටින බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.