(ඉන්දිකා රාමනායක) 

නිවාඩුවක් ගත කිරීම සඳහා දිවයිනට පැමිණ සිටි මාලදිවයින් ජාතික වෛද්‍යවරියක්  බොරැල්ලේ නිවසකදි ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීමෙන් රෝගාතුරව නාරාහේන්පිට  පුද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියදී මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. 

මෙලෙස මියගොස් ඇත්තේ ජේ අයි ෂාහි  ශාහිෆ (29) නැමති වෛද්‍යවරිය බව පොලිසිය පවසයි.

එම වෛද්‍යවරිය ඉකුත් (24) දින මානසික ආබාධ සඳහා භාවිතා කරන ඖෂධ මෙලෙස පානය කර ඇති බවත්, දියෙන් බරපතල රෝගී වූ ඇය  නාර හේන්පිට රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ (25) පස්වරුවේ මිය ගොස් ඇත.

බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.