හිරු උදාව සිදුවන ආකාරය සීගිරි පර්වත මුදුනේ සිට දැකගැනීමට සහ පොළොන්නරුව උරුම භූමියේ වඳුරු රාජධානියේ සිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට මෙම මස 27, 28 දිනයන්හි අලුයම් කාලයේ සුවිශේෂී අවස්ථාවක් ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැරසෙයි.
ඒ අනුව මෙම ස්ථාන දෙක එම දෙදිනෙහි අලුයම 5 සිට සංචාරකයන්ට විවෘත කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා කොළඹ7, බෞද්ධාලෝක මාවතේ පිහිටි කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
මෙම මස 27 වැනිදාට යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මෙම අවස්ථාව ලබාදෙන අතර මීට අමතරව මෙම ස්ථානයන්හි සහ පොළොන්නරුව ශිව දේවාලය අසලද, මහනුවර නගරයේ සංරක්‍ෂිත ගොඩනැගිලිද, අනුරාධපුර අභයගිරිය, ජේතවනාරාමය හා මහා විහාර භූමියද, වයඹ සංස්කෘතික චතුරස‍්‍රය, රුහුණු සංස්කෘතික චතුරස‍්‍රය, ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය යන ස්ථානයන්ට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් මෙම දිනයන්හි විශේෂ ප්‍රදර්ශන ඇතුළු සංස්කෘතික හා දැනුම්වත් කිරීමේ වැඩසටහන්, පුරාවස්තු ප‍්‍රදර්ශන ඇතුළු වැඩසටහන් සංවිධානය කර ඇතැයි මහාචාර්යවරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් කටයුතු කවදත් අපි අගය කරමු.සංචාරයකන් කණ්ඩායම් වශයෙන් සිගිරි භූමියට ඇතුලුවීමේදී මර්ගෝපදේශකවරුන් හට සියල්ලන්ගේම බලපත්‍ර ඉදිරිපත් කිරීමට නොදී තනි තනිව ඒවා රැගෙන යාමේදී ඒවා මිලදීගෙන ඔවුන්ට මඟ පෙන්වාදීමේ කටයුත්ත කරන්නන්හට සහ සංචාරකයන්ට සිදුවන අපහසුතාවය තේරුම් නොගැනීම පිළිබඳව ඉමහත් කණගාටුවකින් මෙසේ දන්වා සිටිමි (නි)
මේ රටේ වෙන දේවල් වල හැටියට මෙහාට ඉර පායනවද මන්ද (අ)
ගංඟා ආසිරිත්ව සහ ලංකාව වටා යා හැකි සංචාරකයින් වෙනුවෙන් බෝට්ටු සහා නැව් සේවාවක් පටන් ගතහොත් හොඳයි. නෙලුම් කුලෙනේ වඩාත් ඉක්මනින් අවසන්කොට සංචාරක ආකර්ශනට යොදවන්ද. (අ)
පළමුව කරන්න අපේ රටට එන සංචාරකයන්ට වන හිරිහැර වලක්ක්වන්න . නොයෙකුත් හිරිහැර වෙනවා සංචාරකයන්ට ලංකාවේ දී .ඒවා වහ නවත්වන්න උත්සහ ගන්න .නැතිනම් ඔඋන් ලංකාවට එන එක අඩු වේවි (අ)
ගමේ ඉන්න නෑදෑයෝ ටික පෙන්නුවහම ලොක්කාට ලජ්ජා හිතෙයිද නැත්නම් තරහ යාවිද කියන්න බැහැ (අ)