සංක‍්‍රමණිකයින්, සංචාරකයින් හා ව්‍යාපාරිකයින් ලෙස අසල්වැසි රටවලින් මෙරටට පැමිණෙන අයගෙන් විවිධ රෝග රටට ඇතුළු විය හැකි නිසා ඔවුන්ට වීසා නිකුත් කිරීමේදී සෞඛ්‍ය තත්ත්වය ගැන සොයාබැලීමේ නීති රීති දැඩි කළ යුතුයැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ආදියත් එලෙස රටට පැමිණිය හැකි බවත් ආගමන විගමන කටයුතුවලදී වඩා සැලකිලිමත් විය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
උතුරෙන් අලූත් මැලේරියා මදුරුවෙක් සොයාගෙන ඇති බව මාධ්‍ය මගින් වාර්තා කර ඇතැයි කී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව මැලේරියාවෙන් නිදහස් රටක් වුවත් සංක‍්‍රමණිකයින්ගේ හා සංචාරකයින්ගේ පැමිණීම නිසා මෙම ගැටලු ඇතිවෙන බව කීවේය.
සිරිසේන මහතා මේ බව පැවසුවේ අද (31) පැවති කොළඹ ජාතික දන්ත වෛද්‍ය රෝහල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීටපස්සේ පෙදරේරු මහත්වරුත් මේසන් හැන්දේ රිබන් පටි බැඳගෙන වැඩ කරයිද දන්නේ නැහැ. (නි)
අලුත් මදුරුවෙක්? ඒ ගමන තවත් ප්‍රශ්නයක් වගෙයි (නි)
දැන් කවුද හරියටම නැකතට මුල් ගල තිබ්බේ? (ම)
මෙයා මේවගේ අවශ්‍යතාවන් ගැන දැනගන්න ඇත්තේ පිටරටවලට යන්න ගත්තට පස්සේ. එහම නැතිනම් හිටපු සෞඛ්‍ය අැමතිවිදියට මීට වඩා දැනුමක් මෙයාට තියෙන්න ඕනෙනේ. ඔක්කොම දැනගන්නේ පතරෙන්නේ . අලුත් මදුරුවෙක් ඉන්න බව දන්නෙත් පත්තරෙන්. එතකොට පත්තරෙන්ද මේ මදුරුවා සොයාගත්තේ ? කිට විද්‍යාඥයො නෙමෙයිද ? (අ)