( ඞී.කේ.රත්න)
බණ්ඩාරවෙල පල්ලෙවෙල පනංගල ප්‍රදේශයේ කටාර් ජාතිකයෙකුට අයත් සංචාරක හෝටලක තිබී ඩ්‍රෝන කැමරා තුනක් අද (1) පොලිස් බාරයට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
විදේශීය සංචාරකයින් සදහා ඉදිකර ඇති වල්ලාපට්ට වගාවකින් යුත් මෙම සංචාරක හෝටලයේ ඩ්‍රෝන කැමරා ඇති බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ඩ්‍රෝන කැමරා තුන පොලිස් බාරයට ගෙන ඇත.
මේ පිළිබදව කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න හොරේ අහුවුණා නේද? වල්ලපට්ටා නැතිනම් අගිල් අරටු වලින් නිස්සරණය කරගන්න රේසින වලින් සාදන සුවඳ විලවුන් අරාබි රටවල අධික මිලක් වෙනවා. අපේ මිනිස්සු කැලේ තියෙන වල්ලපට්ට ගස් කැපුවට මැලේසියාව, තායිලන්තය ඉන්දියාව වැනි රටවල් මේ වල්ලපට්ට වගා කරලා අවුරුදු 5-6 කින් විශේෂිත ක්‍රම භාවිතා කරලා මෙම රෙසින නිපදවා ගන්නවා. මේ සඳහා ලංකාවේ ඉතා සුදුසු දේශගුණයක් පවතිනවා. එහෙත් ඒ වගාවට ඉඩම් ලබාගැනීමට අරාබි ජාතිකයින්ට නොහැකි නිසා ඔවුන් සංචාරක හෝටල් මුවාවෙන් පැමිණ අගිල් නැතිනම් වල්ලපට්ට වගා කරනවා. අපේ අය උඩබලාගෙන සිටිනවා. ඔවුන් රට යනවිට රැගෙන යන්නේ වල්ලපට්ට කැබලි නොවෙයි, සමහරවිට නිස්සරණය කළ රෙසින දියරය වෙන්නට පුළුවනි...
මේවාගෙන් ගිහින් බෝම්බ දාන්න වෙන්නැති තියන් හිටියේ...
රාජසන්තක කරන්න.