2014 මාර්තු පළාත් සභා ඡන්දය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ මුදලින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් රුපියල් 4295480ක දැන්වීම් පළ කරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති සහ කළමනාකරු රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
හේවා ගුණරත්න සේනක හෙවත් බාස්කර සේනක ගුණරත්න සහ මොහොමඩ් ජවුෆර් ඉර්ෂාඩ් හෙවත් රූමි ජවුෆර් එසේ ඇප ලැබූහ.
ඔවුන්ගේ ගමන් බලපත්‍ර ද තහනම් කැරිණි.
දණ්ඩ නීති සංග්‍රහයේ 113 (බී) හා102 වගන්ති අනුව සහ අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ ඔවුනට එරෙහිව චෝදනා ගොනු කරන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd