ලබන වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 25ක් ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
මේ වසරේදී දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂිත සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 18ක් වනු ඇති බවත් එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක (රුපියල් බිලියන 336) විදේශ විනිමයක් අපේක්ෂා කරන බවත් එම කාර්යාංශය පවසයි.
2015 වසරේ පළමු මාස 5 තුළ සංචාරකයන් 7, 14,584ක් ශ්‍රී ලංකාවට පැමිණි අතර එය පෙර වසරේ සංචාරක ආගමනයට වඩා 16.5% වර්ධනයකි.
මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ඉදිරි මාස 4 ඇතුළත සී.එන්.එන්, බී.බී.සී, සී.එන්.බී.සී. ඇතුළු විදේශීය මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමටද අපේක්ෂිත බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
මේ ප්‍රවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 200ක් වැය කෙරෙනු ඇතැයිද සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට අවශ්‍ය ඉන්දියාවෙන්, චීනයෙන්, පකිස්ථානයෙන් එන ඇල්වතුර බොමින් පාන් කන,රෙදි සහ කුඩු වෙලදාම් කරන සංචාරකයන් නොව ලෝකයේ දියුණු රටවලින් එන අතදිග හැර මුදල් වියදම් කරන සංචාරකයන්ය. ඔවුන්ව ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ ආණ්ඩුව මොනවද ක්‍රියාත්මක කල විශේෂ වැඩ පිළිවෙලවල් කියා මට දැනගන්න පුලුවන්ද? (නදී)
ආයෝජන මණ්ඩල හරහා මහා පරිමාණ බහුජාතික හෝටල් හිමියන්ට රජය මගින් විශාල සහන සැලසේ , නමුත් ඔවුන් උපයන මුදලින් වැඩි කොටසක් ආපසු විදේශයට. දැන් අපේ ශ්‍රී ලංකික සුළු පරිමාණ සංචාරයක් ව්‍යාපාරිකයන් දිරිමත් කිරීමය , නමුත් එහෙම දෙයක් සිදුවන් බව පෙනෙන්නට නැත .ඔය විදේශ මාධ්‍ය මගින් ප්‍රවර්ධනය කරන අතරම , දේශීය සුළු පරිමාණ ව්‍යාපාරිකයන් අඩු පොලියට ණය , සහන මිලකට ලිකර් බලපත්‍ර , සංචාරකයන් ප්‍රවාහනයට බදු සහන මත වාහන වැනි දෙයක් දුන්නොත් මොකද? (ම)
කොළඹ හා ප්‍රධාන නගර ලස්සනට තියාගන්න ඔතරම් මුදල් වියදම් වෙන්නේ නැහැ.(ම)
කලින් රජය මෙවැනි ප්‍රචාරණ වැඩ සටහන් කරනකොට මටමතකයි ඒ කාලයේ විපක්ෂයේ හිටපු උදවිය ඒවා විවීචනය කරපු අන්දම. ඒ උනාට මෙයාලට දැන් තේරිලා එදා කරපු දේවල් හරි කියලා. (ර)
මුස්සමිල් උන්නැහේ ඔය ලස්සනට තියන්න හදන්නේ.(හේ)
මේ වසරේ මුල් මාස කිහිපය වනවිට විදේශ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 7 ඉක්ම වුයේ පසුගිය වසර කිහිපය තුළ සංචාරකයින්ට අවශ්‍ය ලොකු හා මධ්‍යම පරිමානයේ හෝටල් ඉක්මනින් ඉදිකිරීමත්, තිබුණු හෝටල් නවීකරණය හා පුළුල් කිරීමත් නිසාය. එමෙන්ම රටපුරා සංචාරයට අවශ්‍ය යටිතල පහසුකම් විධිමත් කිරීම සිදුවිය. සංචාරකයන්ට අවශ්‍ය කාමර පහසුකම් පුළුල් කිරීමකින් තොරව මෙම ඉලක්ක සපුරාලිය නොහැක. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට නව රැකියා හා අමතර ආදායම් ලැබුනේ ඒ නිසා බව අමතක කළයුතු නැහැ. (හේ)
මගේ අදහස නම් මේ සඳහා ශ්‍රී ලංකා එම්බසි ටිකත් කැපවෙලා වැඩකරන්න ඕනෑ. මම දුටුව විදිහට අපේ එම්බසි වලින් කරන්නේ දාන, වෙසක්, නත්තල්, දීපාවලි වගේ දේවල් විතරයි. ඊටපස්සේ ලංකාවේ මිනිසුන්ගෙන්ම සල්ලි එකතු කරලා සමරු පොත් ගහනවා. ඔයාලා අපේ එම්බසි වෙබ් වලට ගිහින් බලන්න. සිංගප්පුරුවේ ඉන්න නිසා මම දන්නවා. මෙහෙත් එහෙමයි. ඕවා කරන්න ඕනෑ ඒ රටවල ඉන්න ශ්‍රී ලංකා සංවිධාන. මේ ගැන සංවාදයක් ඇති කරන්න. (නි)
අර මල් පැල ටික එහෙම ගලවල විසික් කරේ ඒවට සල්ලි යනව කියල නෙ. (අ)
මේ සල්ලි වියදම් වෙනහැටි කවුද බලන්නේ? . (ම)
සංචාරක ආකර්ෂණය ලබාගන්න අපි තවමත් පසුපසින් ඉන්නේ අනෙක් රටවල් එක්ක සසදද්දී.විශේෂයෙන් ඉන්දියාව වගේ රටක් ලෝකේ හැම තැනකම එයාලගේ දේශීයත්වය ලොවට කියාපාන්න තරම් පෙරමුණ අරන් තියෙනවා විවිධ මාධ්‍ය තුලින්.ඒ වගේ අපේ රටත් ලෝකයා සමඟ කටයුතු කලොත් මිට වඩා ආකර්ෂණයක් ලබාගන්න බැරි වෙන එකක් නැහැ.(ම)
මොනදේ කළත් වැඩක් නැහැ, සංචාරකයන්ට අවශ්‍ය ආරක්ෂාව දෙන්න බැරිනම්.මුල්තැන දෙන්න ඕනෑ ඒකට. (නි)