
(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පස්යාල සහ මීරිගම ප්‍රදේශයන්හි ගබඩා දෙකක සගවා තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගනු ලැබූ පොහොර කිලෝ 51,000 ක් ගොවීන්ට ලබාදීමට පියවර ගනු ලැබීය.
පොහොර ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි වී සහ අනෙකුත් භෝග සදහා මීරිගම, පල්ලෙවෙල සහ පස්යාල යන ගොවිජන සේවා බල ප්‍රදේශයන්හි ගොවීන් සදහා අලෙවි කිරීමට ලබාදී තිබූ පොහොර තොගයක් සගවා තිබියදී පසුගියදා අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වරුන් මාර්ගයෙන් ගොවි සංවිධාන 120 ක ගොවි මහතුන් හඳුනාගනිමින් රජයේ පාලන මිල යටතේ පොහොර ලබා දීමට පියවර ගනු ලැබූ බවද දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානීවරයා සදහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd