විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජනරැළියට පෙර ඔහුට සෙත් පැතීමට වැඩමවන 500ක් වූ මහා සංඝරත්නය වෙනුවෙන් ඉදිකළ ආවරණය අද (29) සවස හදිසියේම ගලවා ඉවත් කැරිණි. ඉරිදා (30) පැවැත්වෙන ජනරැළිය ආරම්භකිරීමට පෙර පොළොන්නරුව ගල්විහාරය ඉදිරිපිට දී සෙත් පැතීමේ පිරිත් දේශනයක් ඇතුළු ආගමික වතාවත් පැවැත්වීමට මේ ආවරණය ඉදිකළැයි දැනගන්නට ඇත. පොළොන්නරුව ගල් විහාරයේ හිමිනමක් කියා සිටියේ ආවරණය ලබාදුන් ආයතනයේ දැනුම් දීමකට අනුව එය යළි ගලවා ඇති බවයි. ආවරණය නොමැතිව වුව ද උත්සවය පැවැත්වීමට සියලු විදි විධාන යොදා ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයට ලයිට් කණුවක් ගහක් ගලක් ගානෙ පෝස්ටට් කටවුට් ගහන්න සල්ලි තියෙද්දි මෛත්‍රී මහත්තයට සල්ලි නෑ කියලද ලලිත් පෙරේරා මහත්මයා කියන්නෙ. හැබැයි රජයේ පාර්ශවයෙන් නම් අපිට අහන්න ලැබෙන්නෙ එන්ජීඕ වලිනුයි බටහිර කුමන්ත්‍රන කාරයොන්ගෙනුයි රටේ එක මිනිහෙක්ට රුපියල් ලක්ෂ ගනන් ගෙවන්න පුළුවන් වෙන තරමටම සල්ලි හම්බවෙලයි කියල. ඒත් මේව ඇහෙද්දි දැන් අපිට හිතන්න වෙන්නෙ ඔය දීල තියනවයි කියන්නෙ මොන පැත්තටද කියන එකයි. (ස)
මෙතන ප්‍රතිචාර දක්වන අය තේරුම් ගන්න ඕන මෙතන 50/50 දෙපැත්තටම වෙන්න පුළුවන්. ආණ්ඩුවට දොස් නගන්න මේ ගොල්ලන්ගෙම වැඩක් වෙන්නත් පුළුවන්,එහෙම නැත්නම් ආණ්ඩුවෙන් කළා වෙන්නත් පුළුවන්.හරියට දන්නේ නැතුව යමක් නොකියනව නම් එක තමා හොඳම දේ. (ස)
මේක සත්තකින්ම "මානුෂීය මෙහෙයුමක්".ඒ, ඔබ, අපි,රට,රටේ ඉදිරි පරම්පරාව .... එ්කාධිපති වියරුවෙන් මුදවා ගැනීමේ මෙහෙයුමක් .ඒ වෙනුවෙන් අපි දිවි හිමියෙන් කැපවෙමු.(ම)
නගරයේ අස්සක් මුල්ලක් නෑර හැමතැනම බැනර් ප්‍රදර්ශනය කරලා.ඒවත් ප්‍රකෝටි ගානක් අපේ මුදල් තමයි .(ම)
සාධාරණ සමාජයක් සඳහා ජනවාරි 8 වෙනිදා වෙනසක් කරමු, (ස)
මේක මේ ගමන නතර කරන්න වැඩ කරන උන්ගේ කුපාඩි වැඩක් මිසක්. මේවා තේරුම් ගන්න බැනේ මේ රටේ ඉන්නේ සමහර මිනිස්සුන්න්ට.(ම)
ලලිත් පෙරේරා මහින්ද ගාව ඔයාගෙත් ෆය්ල් එකක් තියනවා වගේ, ඒකයි ඔච්චර දෙන්නේ.....(ම)
ඇත්තටම ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද ? මෙවන් මිනිසුන් රටේ නායකයන් බවට පත් කිරීම රටට කරන නිගාවක් මෛත්‍රීපාල මහතාණෙනි, ඔබට සියලු යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (ම)
මෙච්චර බලවත් විපක්ෂයක් ඉන්න රටේ ඔය ටෙන්ට් එක ගැලෙව්වට ටෙන්ට් 100ක් ගහ ගන්න බැරිද. කාටද මේ විහිලු සපයන්නේ..එතකොට මේ රටේ විපක්ෂය රැස්වීම් තියලම නැද්ද ..වේදිකා හදල නැද්ද? හට් ගහල නැද්ද මිට කලින්. මෛත්‍රී මහත්තයට පොළොන්නරුවෙන් හට් එකක් හොයා ගන්න බැරිද? පොළොන්නරුවේ ඔච්චර කාලයක් පොල් ගෑවද? ඔය මන්ත්රිලා බිලි බාන්න තානාපති කාර්යාලවලින් මැඩම් හරහා පොම්ප කරන සල්ලි වලින් හට් පිට රටවල් වලට විකුනන්න ෆැක්ටරියක් දාන්න බැරියැයි. (ස)
මහින්ද හෝ මෛත්‍රී කවුරු ජනපති උනත් මුස්ලිම් අය ඇමති කම් ගන්නවා. එදාට අපේ සිංහලයන්ට තේරෙයි පාට පක්ෂ වලට බෙදිලා රට ජාතිය, ආගම වෙනුවෙන් කටයුතු නොකරපු එකේ වැරැද්ද. (ස)
ආණ්ඩුවේ පිස්සු වැඩ නිසා මෙයා නිකන්ම දිනනවා. (ස)
ජනතාවනි අවදිවවු. බොරු දේශප්‍රේමී බොල් පිළිම වල වැඩවලට ඔබතුම සැලෙන්න එපා. අවරුදු 47 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු වූ ඔබට මෙවැනි බොල් මිනිසුන්ට වඩා හොඳ හිතක් තියෙන බව අපි සැවොම දනී. අපි ජනවාරි 8 වෙනිදට ජනතවගේ බලේ පෙන්වමු. (ස)
මරා ගත්තා ඇති. මෛත්‍රී කරමු. (ස)
මහින්ද ජනාධිපතිතුමාගේ ආරම්භය රටට හොඳ, හිතකර ලක්ෂණ වලින් යුක්ත වූ වක් වුවද අසීමිත බලය අභිමුව ඔහු සම්පූර්ණයෙන්ම වෙනත් පුද්ගලයෙක් බවට පරිවර්තනය වී ඇත. ඔහු දැනුවත්ව මේ රටේ දුෂණය,නාස්තිය, අයුක්තිය, අසීමිත ඥාති සංග්‍රහය, ඉහවහා ගොස් ඇත. මෙයට සාක්ෂි ඔනෑ තරම් ඇත. ඔහුගේ ඇමතිවරයෙක් පවසන පරිදි ඔවුන් ඇතිතරම් අනුභව කර තිබෙනවාලු. ජනාධිපතිවරණය දිනවා අතුරුපස සදහා අවස්ථාව ලබා දෙනලෙස ඉල්ලා සිටිනවාලු. මේ අනුව පෙනෙන්නේ පවතින ආණ්ඩුවේ පාලකයන් හොඳින් හෝ නරකින් මැතිවරණ ජය ගැනීමට කටයුතු කරන බව නොවේද? මහින්ද දැන ගෙනම රට විනාස වන තැනට වැඩ සිද්ද වෙන බවකි පෙනෙන්නේ. එනිසා ඔහුට නැවත ජනධිපතිධූරය දැරීමට යුක්ති සහගත තත්වයක් නැත. යුද්දය ජයගත්තාට ඔහුට රට යුක්තිගරුක කිරීමට හැකියාවක් හෝ රට ආර්ථික වසයෙන් සක්තිමත් කිරීමට වැඩ පිළිවෙලක් නැත. නැකත් බලා තමන්ගේ අවශ්‍යතා අනුව අකාලයේ ජනදිපතිවරනයක් කැඳෙව්වේ රටට ආදරයකට නොවන බවත් එය හුදෙක් තමන්ගේ අසීමිත බලය තවත් කාලයකට තහවරු කර ගැනීමට ගන්න කපටි දුෂ්ට වැයමක් බවත් පොදු ජනතාවට වැටහෙනවා නම් එයම රටේ යහපතට අවශ්‍ය තීරණය ගැනීමට හේතුවනවා ඇත. (ස)
මේවා අනුකම්පා ඡන්ද බලාගෙන තමා කරන දේවල් (ම)
තවම තේරුනේ නැද්ද රටට වෙලා තිබෙන වින්නැහිය? (නි)
මේ වගේ වැඩ කරලා මුළු රටේම මිනිස්සු බයකරන්නද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ ? (නි)
කතාකළොත් නම් ප්‍රජාතන්ත්‍රවාදය වැක්කෙරෙනවා. එහෙත් යටින් දෙන ගේම්? (නි)
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලෝකෙටම දැනගන්න කටයුතු කරන්න. (නි)
බයවෙලා තියෙන තරම හොඳටම තේරෙනවා (නි)
වැඩේ වැරදියි තමා. ඒත් එකපාරටම මහින්දට ඇඟිල්ල දික්කරන එක හරිද? (නි)
ඉදිරියට ජයවේවා!
මේවා කළා නම් වැරදි වැඩ (නි)
මේක තමා සැබෑ දේශපාලනය . (නි)
තේරුමක් නැතුව වෛරය වපුරනවා (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
අනේද කියන්නේ! (නි)
බන්දුල පෙරේරා,මොකද දැන්වත් විලිලැජ්ජාව කියන එක දැනුනද? (නි)
මේවාට ප්‍රතිචාර ලියන්න වචන නැහැ. (නි)
මේවා තමන්ගේම වැඩ වෙන්නත් බැරිද? (නි)
ඔන්න බලන්න මේපාර මැතිවරණය ඉවරවෙනකොට අහිංසක ජිවිත කියක් විනශවෙයිද කියලා. (හේ)
පරාජයේ සෙවනැලි හමුවේ මෙවැනි ක්‍රියාවලට යොමු වීම ස්වභාවිකයි.(හේ)
මේ වගේ පිරිසක් නිසා රට විනාශය කරා යන එක විතරයි.(හේ)
පුලතිසි පුතාට ජයවේවා ! (ස)
ලැජ්ජයි. දුකයි..බිහිසුණුයි.. මෙකද රටේ ප්‍රජාත්‍රන්තවාදය (ස)
ගේම පටන් අරන් (ස)
මහා ලොකු ආශ්චර්වයය (ස)
බන්දුල මහත්තයෝ, මේ රටේ ඕනෑතරම් විපක්ෂ රැස්වීම තියලා තියනවා. හැබැයි මේ වගේ බොළද වැඩ කරන එක අනුමත කරන්න පුලුවන්ද? (නි)
මේක තමයි ලංකාවේ ප්‍රජත්ර්න්ත්ර්වාදය මේකට කියන්නේ එකදිපති වියරුව තණ්හාව ජායති සෝකෝ තණ්හාව ජායති බයන් ! (ස)
පොළොන්නරුවේ ජනතාව ඔහු සමග සිටිනවා මොකද ජෙලේස්ද ?? (ස)
අනේ මෙහෙමත් කෝන්තර ඕකෙන් ම පේනවා නේ යහපාලනයක් නැහැ කියලා කුඩ්ඩන්ගෙන් පිරි සමාජයක් තමා ඉතිරි වන්නේ (ම)
රාජපක්ෂ මහත්තය මුලින්ම වැඩ පටන් අරන් වගේ. (ස)
මෙහෙමත් බියගුළු ක්‍රියා. ඇත්තටම විළිලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද ? (ස)
මෙහෙමයි බන්දුල, බලවත් වුණේ ජනතා ප්‍රසාදයෙන් මිසක් සල්ලි වලින් නෙමෙයි. (නි)
බන්දුල, ඊළඟ ටෙන්ට් එක ඔයාගේ ගෙදර ඉස්සරහා තමයි ගහන්නේ. (නි)
ලොක්ක බයවෙලා තියෙන්නේ හොදටම මෛත්‍රීට අපි ඔබ වෙනුවෙන් පෙනිසිටිමි ජයවේවා.!(ස)
අපි පළිගන්නේ නෑ අපේ හාමුදුරුවනේ (ස)
අවංක, සත්‍ය ගරුක හා නීති ගරුකව වැඩ කරන තාක් පීඩාවට පත්ව සහනයක් සොයන හැම පුර වැසියෙක්ම ඔබට සාධාරණත්වයක් ඉටු කරනවා. වෛරී දේශපාලනය අවසන් කිරීමේ එයිතිහාසික කාර්ය භාරය ඔබට පැවරීමට ජනතාව පුල පුලා සිටිනවා. ඉවසීමෙන් සැනසීම පමණක් නොවේ ජයග්‍රහණයත් ලැබේ.(හේ)
මේක වෙන එක අහන්න දෙයක්ද? ටෙන්ට් සල්ලි දීලා ගහලා තිබ්බනම් ඕක වෙන්නේ නැහැ . සල්ලි වෙලාවට දීපු නැති නිසා මේක ගලවාගෙන ගිහින් තියෙන්නේ. මෛත්‍රී මහත්තය ජනාධිපති වෙන්න ඉල්ලුවට අද කවුරුවත් එතුමා වෙනුවෙන් මුදල් වියදම් කරන්න ලේස්ති නැහැ. මොකද ටම හැමෝම ඉන්නේ වැට උඩ. අර එනවා කියපු සෙට් එක ආවේත් නැහැ. එහෙම අවා නම් තත්වේ වෙනස් වෙනවා. අන්තිමට ෆොන්සේකා මහත්තයට කල වගේ රනිල් මහත්තයත් ගිහින් ජනාධිපති තුමටම කතිරේ ගහවි. මෛත්‍රී මහත්තය කියපු විදිහට එලි වෙන ජාමේ පටන්ගන්නේ ජනාධිපතිවරණය ඉවර උනමද මන්ද? මෛත්‍රී මහත්තය වෙනුවෙන් කමෙන්ට් දාන අයට තියෙන්නේ එතුමා වෙනුවෙන් අරමුදලක් පටන් ගන්න එක. අඩු ගානේ ඇප මුදලට වත් ගන්න. (ස)
මේ මහින්ද ජනපතිගේ පරාජය පටන්ගැනීම. (ස)
මේකද ලංකාවේ තියන ප්‍රජාතන්ත්‍රවාදය? මෛත්‍රී ට දේශපාලනය කරන්න බැරිද...සිංහලයෙකුට ලංකාවේ දේසපාලන කරන්න තහනම් නම් වෙනත් ජාතීන්ට කවර කතාද ?(ස)
මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයවේවා!! රජරට ජනතාව ඔබ සමගයි !! (ස)
හාමුදුරුවරු 500 ම එකතුවෙලා වස්කවි කියමුද? (ස)
ඔය ඔක්කොගෙම ෆයිල් ළඟ තිබුණට පළිගන්න යන්න එපා (නි)
මේවා නම් තුට්ටු දෙකේ වැඩ. (ස)
ටෙන්ට් මුදලාලි යන්තම් ණයෙන් නිදහස් වුණා. (නි)
මෙහෙම වැඩ කරලා ඡන්දේ දිනන්න පුළුවන්ද ? චී. චී කැතයි වැඩේ. (ස)
මෙම අර්බුදකාරී අවස්ත්ත්වේ මහජනයා කුපිත්කරවන අයුරු මෙවැනි අනිසි ක්‍රියාවලින් වැළකී සිටියයුතු අතර සඟ රුවනද මෙවැනි යුගයක කටයුතු කරන ආකාරය ගැන හුදු ජනයාට ධර්මනුකුලව අනුසාසනා කිරීම උචිතවේ (ස)
මේක තමයි කියන්නේ තුප්පහි දේශපාලනේ කියා. තව අවුරුදු හයක් දුන්නොත් කොහොම හිටීවිද ? (ස)
බයටයි ඉවත් කළේ. (ස)
ලංකාදීපයට මොකද වුනේ? (ස)
නොසැලෙන්න යන්න පෙරටම (ස)
මේ වගේ වැඩ වලින් වෙන්නේ මහින්ද මහත්තයට හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් නැති වෙන එක.(ස)
මේවා අනුකම්පාවත් අවධානයත් ලබාගන්න කරන වැඩ කියලයි මමත් කියන්නේ (නි)
අනේ යන්න සත්‍ය මහත්තයෝ යන්න.ලංකාවේ කවදද වෛරි දේශපාලනය නැතිවුණේ? . (නි)
එතුමාට ජනතා ආශීර්වාදය තියෙනවා. ජයවේවා (ස)
සියලු හිමිවරු දේශපාලන කටයුතු වලින් ඉවත් වීම යහපත්ය (ස)
මෛත්‍රී අනාගත ජනාධිපති තුමනි, මේ ක්‍රියා නිසා ඔබට තව තවත් චන්දෙ වැඩිවෙනවා. (ස)
චාරයක් නැති කම තමයි මේ දේවල් වලින් පේන්නේ. (ච)
හැබෑ නේන්නම්. මෛත්‍රී බුදු හාමුදුරුවෝ පහල වෙලාලු.(ම)
මේවාට තමා දන්දෙන්න ඕන දුප්පත් මිනිස්සුන්ට හාමුදුරුවන් දේශපාලනේ නිසා දානේ ගන්න වෙලාවක් නෑ. (ම)
විනාස කාලේ විපරිත බුද්ධි කිව්වලු. කුඩාරම නැතත් මහා සංඝ රත්නයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා! (ම)
මේවා දකින කොට හිතා ගන්න පුළුවන් සමහරුන්ගේ හැටි.(හේ)
වැඩ බැරි ටාසන්ලාගේ වැඩ (ම)
කුඩාරම නෙමෙයි එතුමාගේ ගේ ගලවා ගෙන ගියත් අසාධාරණයට විරුද්ධව සටන ගෙනියනවා. (ම)
ඉවක් බවක් නැතුව ගහන්න ගියහම මිනිස්සුන්ට එපා වෙන්නේ ගහන මිනිහද ගුටිකන මිනිහද?(ම)
කවුරු කලත් ඕවා ජරා සවුුත්තු වැඩ. නැතැයි කියන වෙෙරී දේශපාලනය (ස)
හොඳ වැඩක් . ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම් වැදගත් (ස)
මෙහෙම වැඩ කරන්නේ කොහොම උදවියද කියලා අපි දන්නවා (නි)
හිතාගෙන ඇත්තේ යන යන තැන ලෙඩ ඇද්දාම බයේ අකුලා ගනීවි කියලා. (නි)
ඔය දේශපාලන කපටිකම් එයාලම ගහලා එයාලම ගලවනවා. එතකොට අනුකම්පා ඡන්ද ලැබෙන්න පුළුවන්නේ. (ස)
මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයවේවා!! රජරට ජනතාව ඔබ සමගයි !! (ස)
මොන විදියට බාධා ආවත් මෙතුමා ඉදිරියට යාවි. ෆයිල් එක පෙන්නලා හරි යන්නේ නැති නම් යන එන තැන කඩා කප්පල් කරලා හරි වැඩේට බහීවි. මේවා නවත්තන්න බැහැ. (ස)
රට බේරා ගත්තා ඒ නිසා ඕන දෙයක් පුළුවන් කියමින් තමන් යන මාර්ගයේ නිවැරදි බව කවදා හෝ තමන්ගේ දයිවය විසින්ම තීරණය කරාවි. (ස)
අන්න එක පවිත්‍ර කමට ප්‍රසිද්ධ නෝනා කෙනෙක් කියල තියනවා සහන දීල කාන්තාවන් සියලු ගින්දරින් බේරා ගත්තේ අසවලා කියල. එයා ඉතින් එළවලු මාළු ගණන් අහන්න කඩේකටවත් යනවයි. ඔක්කොම වියදම් රජයෙන් නඩත්තු කරන කොට කොහොමද දන්නේ රටේ කාන්තාවන් තුන් වේලට මොනවද තම්බන්නේ කියල. (ස)
මෛත්‍රීපාල මහතාණෙනි, ඔබට සියලු යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! ඔබගේ ජය ඔවුන් පිළිගෙන අවසානය. මෙවැනි ක්‍රියා කරන අයට නැවත බලය දෙනවාද යන්න ජනතාව තීරණය කරාවි. (නි)
ලලිත් පෙරේරා , මෝඩ කතා කියන්න එපා (නි)
ලලිත් පෙරේරා ලෙස පෙනීසිටින්නේ බන්දුල පෙරේරා වගෙයි. (නි)
ලලිත් පෙරේරා හරි (නි)
මට නම් හිතාගන්න බැහැ කිසිම දෙයක් (නි)
ලලිත් පෙරේරා වැනි අය සිටිනතාක් රටට සෙතක් නම් නොවේ (නි)
මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය.මෛත්‍රී මහතාණෙනි,මේවාට සැළෙන්න එපා. ලලිත් පෙරේරා මහතා කී පරිදි අපි කවුරුත් අරමුදලක් පටන්ගෙන ඉදිරිය ශක්තිමත් කළයුතුය. (නි)
ඔවුන්ටත් මෛත්‍රී කළයුතුමය. සිනාමුසුව ඉදිරියට යා යුතුය. බාධා මඟින් මිනිසෙකු දිරිමත් කෙරේ / දිරිමත් වේ. (නි)
පුතේ,නුඹට ජය නියතයි. මේ දේවල් දෙවියන්ම බලාගනිත්වා! (නි)
මේවා බයට කරන දේවල් කියලයි මම නම් කියන්නේ (නි)
ඔහොම යමු. එවිට ඡන්ද ප්‍රමාණය ඉක්මනටම අඩුකරගත හැක (නි)
ගලවන්න ඇත්තේ මේදවස්වල ඇතිවෙන සුළඟට ටෙන්ට් රෙදි ගැලවෙයි කියන බයට වෙන්නැති. (අ)
අනේ ලලිත් පෙරේරා! (නි)
මේ වැඩ වලින් අපි යන ගමන නවත්වන්න බැහැ (නි)
වෛරයට එරෙහිව මෛත්‍රිය පතුරවමු (නි)
මේ වැඩ නම් අනුමත කරන්න අමාරුයි (නි)
ලලිත්, මේ වගේ අසාධාරන බියගුළු වැඩ වලට හුරේ දාන ඔයාලා වගේ අය ඉන්නතුරු රටට ගොඩඒමක් නැහැ.මේ වගේ වැඩ කොතරම් බොළඳද? (නි)
ප්‍රජාතන්ත්‍රවාදය නැතිකමේ හොඳම උදාහරණය... (නි)
අපේ මවුබිම තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාව ඉහළින්ම පවතින මේ සිදුවීමෙන් මැනවින් ඔප්පු කර ඇත. අහෝ රටට ගිය කලක්! (නි)
තව ඉස්සරහට අලුත් ඩ්‍රාමා පෙන්නයි (නි)
අපේ මනාපය මහින්ද මහත්තයාට තමා. දන්න යකා හොඳයි, නොදන්න යකාට වැඩිය. ජය වේවා මහින්ද....!! (ස)
ඉවත් කරගෙන තිබ්බේ හිමිවරුන් 500 දෙනෙකුට සෙවන දෙන ආවරණය. මෙම පාප කර්මයම ඇති. (ස)
මෙහෙම වැඩ කරණ කොටත් ආශීර්වාද කරනවනම් ලංකාවේ අයගේ මනස ගැන හිතාගත හැකියි. බලන්න එතුමා මේ ක්‍රියාව හෙලා දකින්නේ නැද්ද කියල. (ස)
අපේ හාමුදුරුවනේ, කියලා කතාව පටන් ගත්තාට මේ තමයි කරන වැඩ. (නි)
ආණ්ඩුව පරාජය දැනටම බාරගෙන !(ස)
අපේ අයට නොතේරුනාට මේක තනිකරම අැමරිකාවෙ සැලැස්මක්, ඇමෙරිකාවේ ක්‍රමය තමයි එකම රටේ හෝ එකම පක්ෂයේ අය කොටවල තමන්ගේ උවමනාව පිරිමහන එක, බලන්න ඉරාකයට සිරියාවට උන දෙය, සදාම් හුසේන්ට එරෙහිව යොදාගත්තේ ඉරාක ජතිකයෙක්ම නේද. අමෙරිකාවත් ඉන්දියාවත් කැමති නෑ ලංකාව චීනය එක්ක මිතුරු වෙනවට, ඕක අපේ අයට තේරෙනකොට පරක්කු වැඩියි. (ස)
ටෙන්ට් එකට සල්ලි දීල නැති හින්දනේ ගලවල තියෙන්නේ, එකට මහින්ද ජනපති තුමා පලි නැහැ. (ස)
අද තියෙන ප්‍රජාතන්ත්‍රරවාදයේ අනුහස විය නොහැකිද.? (ස)
මේවා නිවට වැඩ. මෛත්‍රිට ජය වේවා! රටට නීතිය හා යහපාලනය ඇති කරන්න ඔබට ශක්තිය ලැබේවා! (නි)
මෙතෙක් සත්‍ය අවබෝධ නොවූ පිරිසගේ ඔල මොළ පෑදේවා! (නි)
අනේ ජනපති නොදුටු මොක්පුර. (ස)
මේක ඉතින් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමයි. අනෙක් පාර්ශවයට බාධා කරදර සිදු කර නිහඬ කර තමන් ඉස්මතු වීම . (හේ)
මේ ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)
මේවා තුට්ටු දෙකේ වැඩක්.(හේ)
කවුද මේ වැඩ කරන්නේ.(හේ)
මොනවා කළත් අපි ඔබ තමා දිනවන්නේ (නි)
ඔය සියල්ලටම මහජනතාව නියම වෙලාවට නියම විදිහට ප්‍රතිචාර දක්වාවි (නි)
එහෙම නේද? අපේ හාමුදුරුවනේ කියන්න වෙනත් නායකයෙකුට තහනම් කරලද දන්නේ නෑ. එහෙම තහනමක් දාලනම් ඔතනට හාමුදුරුවන් වහන්සේලා ට වැඩ ඉන්න පුලුවන්කමක් නෑ , මේක ගැන ලලිත් පෙරේරා හොයල බලන්න (ස) 9
මේවගේ දේවල් තමන් විසින්ම කරගෙන අනුන්ට බිලක් දන්නා කරන වැඩ වෙන්න පලුවන් අපි නොදන්නා දෙසපලුවෝ (ස)
රටේ සිදුවන දේවල් ගැන දන්නා අපිව මේ වගේ දේවල් කරලා රවට්ටන්න බැහැ. ඉකමනට ගලවන්න පුළුවන් වහලයක් අටවලා ඉක්මනට ගලවාගෙන ගියේ ආණ්ඩුවෙන් නොවෙයි වගේ. අනුකම්පාව ලබාගන්න මෛත්‍රී චින්තනයෙන් කරපු වැඩක් මේක. (ස)
අද බලන්න අපේ සමහර මහජනතාවට නිවැරදි දේ තේරුම් ගන්න බැරිවෙලා තියනවා.අද රටට ඕනෑ මහින්ද එන එකද ,මෛත්‍රී එන එකද කියන එක නෙමෙයි. රටට ඕනෑ නියම ප්‍රජාතන්ත්‍රවාදය. (නි)
මමත් මේවා අනුමත කරන්නේ නැහැ (නි)
මේ වගේ දේවල් ඉතාම පහත් මට්ටමේ වැඩ. එක් පාර්ශවයක රැස්වීම් වලට විතරද දැන් පුජ්‍ය පක්ෂය සහභාගි වෙන්න ඕනෑ? (නි)
මම ඡන්දෙ දෙන්නේ මහින්ද මහත්තයට. හැබැයි කවුරු කළත් මේ කරන දේවල් වැරදියි. (නි)
මේවා කැත වැඩ (නි)
ලලිත්, ඔයා කොහේද ඉන්නේ? (නි)
මෙච්චර බලවත් විපක්ෂයක් ඉන්න රටේ ඔය ටෙන්ට් එක ගැලෙව්වට ටෙන්ට් 100ක් ගහගන්න බැරිද? කාටද මේ විහිලු සපයන්නේ.එතකොට මේ රටේ විපක්ෂය රැස්වීම් තියලම නැද්ද? වේදිකා හදලම නැද්ද? හට් ගහලම නැද්ද? (නි)
ටෙන්ට් එක ගහපු කෙනා බයවුණාවද්ද? (නි)
මේ වගේ වැඩ නම් බොහොම නරකයි (නි)
මේවා වෙනස් කරන්න බැහැ. (නි)
මේ වගේ ක්‍රියා අනුමත කරන්නේ බුද්ධියෙන් අඩු යයි. ඕවට අපි නම් කියන්නේ ලැජ්ජා නැති වැඩ කියලා. (නි)
මේවා අපේ මිනිසුන්ට නොපෙනෙන එක තමයි වරද (නි)