IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිඟිත්තියට පහරදුන් මව පියා අත්අඩංගුවට

(ප්‍රසාද් රුක්මල් ) 

රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේ නිවසකදී අවුරුදු 3 ක් පමණ වයස සිගිති දැරියකට  කෲර ලෙස පහරදී  ළමා හිංසනය කළැයි සැකපිට මව්පිය යුවලක් අද (1) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද ඌරණිය  කහටවාඩිය  13 කනුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මවක සහ 27 හැවිරිදි පියෙකු යැයි පොලිසිය කීය .

මව්පියන් විසින් පහරදීමෙන් තුවාල ලැබු 3 හැවිරිදි සිගිති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මහියංගණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .

සිගිති දැරියකට  මව්පියන් විසින් කෲර ලෙස පහරදෙන  බවට ලැබුණු තොරතුරක් මත රිදීමාලියද්ද පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම නිවස වටලා මව්පිය යුවල සැකපිට අත්අඩංගුවට ගෙන සිගිති දැරිය පොලිසිය බාරයට ගත් බව පොලිසිය සදහන් කළේය .



අදහස් (0)

සිඟිත්තියට පහරදුන් මව පියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site