මහා සංඝ රත්නය නඩු හබ වලට උසාවි ගානේ වැඩම කිරීම අවසන් කිරීම සඳහා නිකායට බලතල පැවරෙන පරිදි සංසෝදනය කරන බවත් ඒ සඳහා මහ නායක හිමිවරුන් සමග ලබන සතියේ සාකච්ඡා කරන බව ආගමික කටයුතු අමාත්‍ය කරු ජයසුරිය මහතා බලපිටියේදී පැවසීය.
විහාර දේවාලගම් පනත සංසෝදනය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කීවේය. ප්‍රමිතියෙන් යුතු අටපිරිකර වෙළඳ පොලට ගෙන ඒමට පියවර ගන්නා බවත් ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ කාර්්‍යය ඉතාමත් වටිනා කාලයට උචිත තීරණයක්. මෙවැනි අර්ථවත් ක්‍රියාවන් වලට අපේ ඉමහත් ගෞරවය පුද කරමු. (ර)
ඉතා හොඳ තීරණයක් (නි)
අගය කළයුතු ක්‍රියාවක්... (නි)
සාධූ සාධූ සාධූ!!! බුද්ධ ධර්මය චීවරධාරීන්ගෙන් බේරාගන්නත් වැඩපිළිවෙළක් සකස් කළොත් බොහොම අගෙයි ඇමතිතුමා. සංඝරාජ නායක හිමිවරුනට චීවරහැරවීමට බලය පවරන ආකාරයේ යම් සංශෝධනයක් කරන්න පුලුවන් නම් ඔබතුමාට නිවන් යන්න ඒ පිනම ඇති. (නි)
අගය කළයුතු වැඩක් (නි)
රටේ නීතිය සැමට එක ආකාරයකින් තිබිය යුතුයි. ජාති, ආගම්, තනතුරු මත වෙනස් නොවිය යුතුයි. පන්සිල්, සාමණේර හෝ උපසම්පදා ශීලය රකින ස්වාමීන් වහන්සේලා අතින් රටේ නීතියද රැකේවි. සියලු නඩු නිකායන් මඟින් විසඳීම ශාසනයේ පරිහානියටත්, රටවැසියන්ගේ ගර්හාවටත් හේතුවේවි කියා මට සිතෙනවා. බුදුදහමට අනුව විනයකර්ම සිදුකර ශාසනයට අදාළ විනය රැකීම නැවත බලගන්වන්න. (නි)
පසුගිය ආණ්ඩුව කටයුතු කළ ආකාරයට මහ නාමිහිමිවරුන්ගේ විවේචන එල්ල වුණා. නමුත් මෛත්‍රී පාලනයෙන් අාගමට සහ චීවරයට නිසි තැන ලැබෙනවා . (නි)
මඩගැසීමට හවුල් නොවූ, මහත්මා දේශපාලනයක් කරන මෙතුමාගේ මෙම කාලෝචිත තීරණය අගය කරමි. (නි)
නොමනා හැසිරීම් සහිත චීවරධාරීන් ගැනත් අවධානය යොමුකරන්න (නි)
අනේ මෙච්චර උගත් බුද්ධිමත් ස්වාමීන් වහන්සේලා ඉන්න රටේ මේ ගැටලු ටික විසඳන්න දීගුකාලීන වැඩපිළිවෙළක් සකස්කරන්න බැරිද? බුදුදහම කියන්නේ මානසික සුවය දෙලොවටම සාදන,පිළිගත හැකි මාවතක් කියාදෙන දහමක්. ඒත් එම නිරිමල දහම තිබෙන ලංකාවට වෙච්ච දෙයක්? උගත් බුද්ධිමත් ගිහි පැවිදි උතුමන් එක්වෙලා බුදුදහමේ සුරක්ෂිතතාවය සඳහා වැඩපිළිවෙළක් කරන්නට අවබෝධයක් සැම දෙනාටම ලැබේවා! තෙරුවන් සරණයි! (නි)
නිකාය ක්‍රමය හොඳින් ප්‍රතිස්ථාපනය කර භික්ෂු භික්ෂුණී දෙපිරිසටම ගරුකරන විදියේ ක්‍රමයක් ඇතිකරන්න (නි)
එතකොට මිනීමැරුමක් වගේ ගිහි පාර්ශවය හා සම්බන්ධ අපරාධයකට එහෙමත් උසාවි යන්න ඕනෑ නැද්ද? (නි)
රට හැම විදියටම බෙදිලා. හාමුදුරුවරු නිකායවලට බෙදිලා. ගිගියෝ ජාති, කුල, ආගම් වලට බෙදිලා. (නි)
අර සමහර සේනාංක කරන වැඩවලට යන්න වෙන්නේ කොහාටද මන්දා? (නි)
හාමුදුරුවරුන් වහන්සේලා උසාවි යන්නේ ඇයි? බුදු හාමුදුරුවන්ගෙ ධර්මය පිළිබඳ අවබෝධයක් ඇත්නම් නිකායන් මොකටද? (නි)
මොරටුව භික්ෂු ඝාතනය ගැනත් නැවත පරීක්ෂණ කරන්න කියලා ඉල්ලනවා (නි)
අරක කරන්නම් මේක කරන්නම් කියන දේශපාලනඥයෝ බොහොමයි. කරපු දෙයක් ගැන කියන කෙනෙක් නම් දකින්න නැහැ.(දිල්)
හරි එතකොට, දඬුවම් පැමිණවීමත් නිකායටම අයත් ද ? සමහර බරපතල කාරණා සම්බන්ධයෙන් මෙහෙම ක්‍රියාපටිපාටියක් අනුගමය කරල හරි යනවද ? අපිට මේක තේරුම් ගන්න බැහැ. (ර)
හරි එතකොට , දඬුවම් පැමිණවීමත් නිකායටම අයත් ද ? සමහර බරපතල කාරණා සම්බන්ධයෙන් මෙහෙම ක්‍රියාපටිපාටියක් අනුගමය කරලා හරි යනවද ? නීතිමය පැත්ත ගැන පුජක පක්ෂයට දැනුමක් තිබේද ? ඔය එක එක සේනාවල් වල නීතිමය කටයුතුත් මෙහෙම කරලා ගොඩින් බේරා ගන්න විදියට ඉඩ සැලසෙන වැඩක් ද මේක ? අපිට මේක තේරුම් ගන්න බැහැ. (දිල්)
එතකොට බරපතල ප්‍රශ්න නඩු විසඳීම ස්වාමින් වහන්සේලාට භාර දෙනවාද ? මේක ප්‍රයෝගිකද ?නැහැනේ. නීතිමය පැත්ත ගැන පුජක පක්ෂය දන්නවද ? අර නොයෙක් සේනාවල් වල කටයුතු හින් සැරේ ලිස්සලා යවන ක්‍රමයක්ද කොහෙද? ! (දිල්)
සරසි, මේවා පවතින්නේ රටේ නීතියට යටත්වි. එක නිසා ඔයා බයවෙන්ට එපා. (ර)