IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


‘සංඝරත්නය මාතෘ භූමියේ ගෞරවය රැක්කා‘

‘අපේ ඉතිහාසය සැමවිටම කියා ඇත්තේ රාජ්‍ය පාලනය, රටේ පැවැත්ම, රටේ අනාගතය පිළිබඳව, රජ කළ මහ රජුන්ගේ සිට පාලකයින්ටත්, ජනතාවටත් මගපෙන්වුයේ ගෞරවනීය මහා සංඝරත්නය බවයි. අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා ඉතිහාසය පුරා අපේ ශ්‍රේෂ්ඨ මාතෘ භූමිය වෙනුවෙන් ථේරවාදි බුදුදහම ප‍්‍රචලිත කිරීමට පමණක් නොව අපේ මාතෘ භූමියට එල්ල වු ආක‍්‍රමණ වලදී රට අභ්‍යන්තරයෙහි ඇති වු විවිධ අරගල වලදී අපේ රටේ ඒකීයභාවයට, ස්වාධීනත්වයට, මාතෘ භූමියේ ගෞරවය ආරක්ෂා කරගනිමින් අඛණ්ඩ දේශයක් ලෙස පවත්වාගෙන යාමට යහපත් මානව සමාජයක් ගොඩනගන්නට භික්ෂුන් වහන්සේලා දුන් මගපෙන්වීම සහ ශක්තිය අගය කළ යුතුයි‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අස්ගරි මහනායක හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට මහනුවරදී එක්වෙමින් පැවසීය.

ඉතිහාසය තුළ අපිට කියාදුන් මගපෙන්වීම් තුළ අද දවස මෙන්ම හෙට දවස වෙනුවෙන් මේ රට ගොඩනගන්නට, යහපත් කරන්නට, සමාජය සුවපත් කරන්නට නව මහ නායක හා අනුනායක හිමියන්ගේ පදවි ප‍්‍රාප්තිය මුළු මහත් ලෝකවාසි බෞද්ධ ජනතාවට මහා ආශිර්වාදයක් බවද පැවසූ ජනපති වාණිජ ලෝකයේ නව තාක්ෂණයත් සමග ඇතිවන පිරිහීම්, පසුබෑම් මේ සියල්ල සඳහා ශක්තිමත් මගපෙන්වීම වන්නේ ථේරවාදී බුදුදහම තුළින් ඇතිවන අධ්‍යාත්මික ගුණවගාව බව පෙන්වා දුන්නේය.

වරකාගොඩ ශ්‍රී ඥානරතන ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අභිනව මහ නායක  සහ අනුනායක ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමිවරුන් දෙනමට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දළඳා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්විණි. 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ද උත්සවයට එක්ව සිටියහ.

asgiri_2016518 asgiri_2016518-2 asgiri_2016518-3 asgiri_2016518-4



අදහස් (0)

‘සංඝරත්නය මාතෘ භූමියේ ගෞරවය රැක්කා‘

පීරිස් Wednesday, 18 May 2016 09:06 AM

රටට ජාතියට ආගමට අනතුරක් නම් මහා සංඝරත්නය ඉදිරිපත්විය යුතුයි (බ)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 18 May 2016 10:15 AM

ඔය කියන්නේ අතීතයේ විසු සංඝයා වහන්සේලා ගැනද? වර්තමානයේ ඉන්න සංඝයා ගැනද? ජනාධිපති තුමාට නම් කොහොමද මන්දා, අපිට නම් දෙවිදිහකටයි පේන්නේ? (අ)

:       0       0

මංගල වේලාරත්න Thursday, 19 May 2016 03:45 AM

අතීත හිමිවරු රට වෙනුවෙන් හිටියා. දැන් තත්ත්වය වෙනස් (නි)

:       0       0

සනත් Wednesday, 18 May 2016 05:45 AM

අනුන්ගේ දොස් දැකීම පහසු ය. තමා ගේ දොස් දැකීම අපහසු ය. (ර)

:       0       0

සමීර Wednesday, 18 May 2016 06:17 AM

‘සංඝරත්නය මාතෘ භූමියේ ගෞරවය රැක්කා‘ කියන කතාව නම් හරියටම හරි. (ර)

:       0       0

සමන් Wednesday, 18 May 2016 06:29 AM

සංඝයා වහන්සේලා සිර කළේ හිතකින් නොවේ නේද (බ)

:       0       0

උපාලි Wednesday, 18 May 2016 06:35 AM

මහින්දට පෞද්ගලික ආරක්ෂක හමුදාවක් හදන්න කටයුතු කරන හාමුදුරුවරු කියන්නෙත් ඔබ තුමා කියන දේමයි. අපට නම් පේනවා ඒ පිරිසේ අරමුණ ජනාධිපති තුමා සඳහන් කරන අරමුණට හාත් පසින්ම වෙනස් බව. නමුත් රට ජාතිය සුරැකීම සඳහා කරන දෙයක් කියල තමයි ඒ කට්ටිය කියන්නේ. (බ)

:       0       0

සිසිර Wednesday, 18 May 2016 07:29 AM

අතීතයේ සිට අද දක්වා අපි ජාතියක් හැටියට කෙලින් සිටින්නේ සංඝයා වහන්සේලා නිසයි. (ර)

:       0       0

සදුන් Wednesday, 18 May 2016 07:36 AM

මේ පාර නම් නායක හාමුදුරුවෝ එක්ක ලේසි වෙන් නෑ (බ)

:       0       0

ඇසළ Wednesday, 18 May 2016 08:14 AM

මට අන්තිම දවස්වල සෝබිත හාමුදුරුවෝ කියපු දේවල් සහ අදාහන උත්සවේදී ජනාධිපති තුමා කියපු දේවල් මතක් වුණා (බ)

:       0       0

සිරිල් Wednesday, 18 May 2016 09:02 AM

කඩිනම් සහන සේවා සපයන්න විපතට පත් අයට, ඔබ තුමා උපදෙස් දෙන්න පක්ෂ පාට නොබලා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site