‘අපේ ඉතිහාසය සැමවිටම කියා ඇත්තේ රාජ්‍ය පාලනය, රටේ පැවැත්ම, රටේ අනාගතය පිළිබඳව, රජ කළ මහ රජුන්ගේ සිට පාලකයින්ටත්, ජනතාවටත් මගපෙන්වුයේ ගෞරවනීය මහා සංඝරත්නය බවයි. අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා ඉතිහාසය පුරා අපේ ශ්‍රේෂ්ඨ මාතෘ භූමිය වෙනුවෙන් ථේරවාදි බුදුදහම ප‍්‍රචලිත කිරීමට පමණක් නොව අපේ මාතෘ භූමියට එල්ල වු ආක‍්‍රමණ වලදී රට අභ්‍යන්තරයෙහි ඇති වු විවිධ අරගල වලදී අපේ රටේ ඒකීයභාවයට, ස්වාධීනත්වයට, මාතෘ භූමියේ ගෞරවය ආරක්ෂා කරගනිමින් අඛණ්ඩ දේශයක් ලෙස පවත්වාගෙන යාමට යහපත් මානව සමාජයක් ගොඩනගන්නට භික්ෂුන් වහන්සේලා දුන් මගපෙන්වීම සහ ශක්තිය අගය කළ යුතුයි‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අස්ගරි මහනායක හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට මහනුවරදී එක්වෙමින් පැවසීය.
ඉතිහාසය තුළ අපිට කියාදුන් මගපෙන්වීම් තුළ අද දවස මෙන්ම හෙට දවස වෙනුවෙන් මේ රට ගොඩනගන්නට, යහපත් කරන්නට, සමාජය සුවපත් කරන්නට නව මහ නායක හා අනුනායක හිමියන්ගේ පදවි ප‍්‍රාප්තිය මුළු මහත් ලෝකවාසි බෞද්ධ ජනතාවට මහා ආශිර්වාදයක් බවද පැවසූ ජනපති වාණිජ ලෝකයේ නව තාක්ෂණයත් සමග ඇතිවන පිරිහීම්, පසුබෑම් මේ සියල්ල සඳහා ශක්තිමත් මගපෙන්වීම වන්නේ ථේරවාදී බුදුදහම තුළින් ඇතිවන අධ්‍යාත්මික ගුණවගාව බව පෙන්වා දුන්නේය.
වරකාගොඩ ශ්‍රී ඥානරතන ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අභිනව මහ නායක සහ අනුනායක ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමිවරුන් දෙනමට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දළඳා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ද උත්සවයට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ජාතියට ආගමට අනතුරක් නම් මහා සංඝරත්නය ඉදිරිපත්විය යුතුයි (බ)
ඔය කියන්නේ අතීතයේ විසු සංඝයා වහන්සේලා ගැනද? වර්තමානයේ ඉන්න සංඝයා ගැනද? ජනාධිපති තුමාට නම් කොහොමද මන්දා, අපිට නම් දෙවිදිහකටයි පේන්නේ? (අ)
අතීත හිමිවරු රට වෙනුවෙන් හිටියා. දැන් තත්ත්වය වෙනස් (නි)
අනුන්ගේ දොස් දැකීම පහසු ය. තමා ගේ දොස් දැකීම අපහසු ය. (ර)
‘සංඝරත්නය මාතෘ භූමියේ ගෞරවය රැක්කා‘ කියන කතාව නම් හරියටම හරි. (ර)
සංඝයා වහන්සේලා සිර කළේ හිතකින් නොවේ නේද (බ)
මහින්දට පෞද්ගලික ආරක්ෂක හමුදාවක් හදන්න කටයුතු කරන හාමුදුරුවරු කියන්නෙත් ඔබ තුමා කියන දේමයි. අපට නම් පේනවා ඒ පිරිසේ අරමුණ ජනාධිපති තුමා සඳහන් කරන අරමුණට හාත් පසින්ම වෙනස් බව. නමුත් රට ජාතිය සුරැකීම සඳහා කරන දෙයක් කියල තමයි ඒ කට්ටිය කියන්නේ. (බ)
අතීතයේ සිට අද දක්වා අපි ජාතියක් හැටියට කෙලින් සිටින්නේ සංඝයා වහන්සේලා නිසයි. (ර)
මේ පාර නම් නායක හාමුදුරුවෝ එක්ක ලේසි වෙන් නෑ (බ)
මට අන්තිම දවස්වල සෝබිත හාමුදුරුවෝ කියපු දේවල් සහ අදාහන උත්සවේදී ජනාධිපති තුමා කියපු දේවල් මතක් වුණා (බ)
කඩිනම් සහන සේවා සපයන්න විපතට පත් අයට, ඔබ තුමා උපදෙස් දෙන්න පක්ෂ පාට නොබලා (බ)