භික්ෂු පනත සම්බන්ධ ප්‍රශ්නයේදී සියලු සංඝයා කැඳවා සමගි වන්නැයි කීමට මහනාහිමිවරුන්ට හැකි බවත් රජයට අවශ්‍ය නම් සංඝාධිකරණයක් පිහිටුවිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (20) කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ දී පැවැති ස්වාධීන භික්ෂු එකමුතුව සංවිධානය කළ නව ව්‍යවස්ථාව පිළිබඳ භික්ෂු කතිකාවතේදී පැවසූහ.
භික්ෂූන් වහන්සේලා දැන්වීම් දමා වෙළඳ ප්‍රචාර කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නවත්වන්න මහනායක හිමිවරුන්ට නීතියක් දාලා කරන්න පුළුවන් බවත් සංඝ සමාජයේ තිබෙන ප්‍රශ්න සංඝයාගේම නීතිවලින් විසඳාගත හකි බවත් ඒ හිමියෝ කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් ආණ්ඩුවට කියන්න එපායැ. මාධ්‍ය සාකච්ඡා තියලා හරියනවද? (නි)
අපි නම් දැන් කතා අහන්නේ නැහැ (නි)
කියලා මොකටද ප්‍රසන්න, ප්‍රශ්න විසඳන්න මෙයාලව පත්කළාම, මෙයාලා අපිටම ඒවා ආපසු කියනවා! (නි)
සංඝාධිකරණයක් අවශ්‍ය නම් එය කළයුත්තේ මහා නායක ස්වාමින් වහන්සේලාගේ නායකත්වයෙන්, උපදේශකත්වයෙන් (නි)
දැන් නම් එකක් පැහැදිලියි. අපේ රට අපේ ආගම සහ අපේකම ඉවරයි (නි)
ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට (නි)
කොහෙද බොලන් මෙච්චරකල් ගිහිල්ල හිටියේ දැන්නේ රට ජාතිය මතක් වෙලා තියෙන්නේ (අ)
මීටියාගොඩ හිමි නමක් පහු කාලේ සද්දේ දැම්මේ. දැන් මොකද සද්දෙයක් නැත්තේ? (බ)
ඔබලා ඔය සිව්රු දාගෙන ඉන්න සමහර අසීලාචාර චීවරදාරීන්ට දඩුවම් නොකර බලාසිටිය . එකයි ආණ්ඩුව හොඳ වැඩක් කරන්න යනවා ඔබලා සියලුදෙනාම කඩාකප්පල් නොකර සහයෝගය දෙන්න (අ)
සත්වයෙක් පුද්ගලයෙක් නොවන බව දන්නවානම් මෙවැනි ගැටුම් හටගන්නේ කෙසේද? තච පංචකය නම්වූ පළමු කමටහන අමතකද , බුදුන් නම් දැන් නැත ,සිත වනය තවමත් තිබේ .(අ)
ඉතින් හාමුදුරැවනේ, එහෙනම් මොන ඉලව්වකටද පනතක් ගේන්නේ? තමුන්ගේම ආණ්ඩුවෙන්නේ ඕක ගේන්නේ. මේ කියන කතාවලින්ම පේනවා පනතේ අරමුණ ඉස්සරහට රජය කරන්න බලාපොරොත්තු වෙන වැඩවලට විරුද්ධ වෙන හාමුදුරුවන් වහන්සේලා දඩයම් කිරීම මේ පනතේ එකම අරමුණ බව.(අ)
කතාව ඇත්ත (නි)
ඇයි මේ එලියට ඇවිත් මාධ්‍ය සංදර්ශන පවත්වන්නෙ. ඔබ වහන්සේගේ අදහස් වලට දැන් ඔය ඊනියා යහපාලන ආණ්ඩුව තුල තැනක් නැත්ද? (බ)
සංඝයා වහන්සේලා බුදු බණට අනුව ක්‍රියා කරලා, රටෙත් ජාතියේත් උන්නතියට වැඩ කරලා දුරාචාරයෙන් ඈත්ව ඉන්නවා නම් හොඳයි. එතකොට ආණ්ඩු වලට හදන්න දෙයක් ඉතිරිවෙන්නේ නැහැ. සංඝයා වහන්සේලා තුළින්ම නීති සකසාගත්තොත් වඩාත් උචිතයි (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
අනේ මන්දා?(හේ)
හරිමඟ ගෙනියනවා කියලා දහඅතේ මිනිසුන්ට පොරොන්දු වෙලා ගෙනා ආණ්ඩුවනේ මේ (නි)
මේ පනත් ගෙනෙන්නේ ඇයි කියලා අපිට තේරෙනවා (නි)
මේගොල්ලන්ව සමගි කරන්න කලින් පන්සලේ කුලබේදය අවසන් කරගන්න ඕනෑ. මින් එහාට ඒ ගැන කියනවා කියන්නේ උඩබලා කෙළ ගසා ගැනීමක්. කුලවත් බලවත් පන්සල් සහ දානයවත් නැති පන්සල් අපේ රටේ තියාගෙන කවරනම් සමගියක්ද??? (නි)
නමුත් වෙන්නෙ නැත්තේත් ඒකනේ හාමුදුරුවනේ. අනික නිකායම කීයක්ද? සිවුරුවල පාටත් දේදුනු වර්ණ වෙලා. සමහරු බීලා වාහන පදවලා උසාවිවල සමාව ගත්තා නේද? මොකක්හරි කරලා සංඝාධිකරණයක් නම් ශාසනයේ දියුණුවට අවශ්‍යයි (නි)
ඒ කතාව නම් අපිත් පිළිගන්නවා (නි)