ප‍්‍රංශයේ යුනෙස්කෝ ආයතනයේ වෙසක් අනුස්මරණය වෙනුවෙන් පැවති විශේෂ උත්සවය වෙනුවෙන් පැමිණි බුද්ධ ශාසන හා පළාත්පාලන කටයුතු පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට සහ ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගත්තේය.
ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව බුද්ධ මන්දිරයේදී බුද්ධ වන්දනාව සිදුකොට මහා සංඝ රත්නයේ ආශීර්වාදය ලබාගත් ඒ මහතා ප‍්‍රකාශ කළේ වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ භික්ෂු සාසනය තුළ ඇතිවී තිබෙන විපරීත තත්තවයන් සමනය කර යම් වෙනසක් ඇති කිරීම තමන්ගේ බලාපොරොත්තුව බවයි. භික්ෂු කතිකාවතක් සකස් කිරීමට හා සංඝාධිකරණයක් පිහිටුවීමටත් අවශ්‍ය කටයුතු මහනාහිමිවරුන්ගේ උපදෙස් අනුව දැනටමත් සකස් කර ඇති බවත් ඒ සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් පැවසීය.
සිවුරු දරාගෙන සාසනයට නොගැලපෙන ක‍්‍රියා සිදු කරන පුද්ගලයන් සසුනින් නෙරපා හරින්නට වැඩ පිළිවෙලක් සකස් කරගෙන යන බවත් රහතන් වහන්සේ නමක් ලෙස තමන් හඳුන්වා ගනිමින් රහතන් වහන්සේලාට නිගාකරන අයට විරුද්ධව යම් පියවරක් ගන්නට කටයුතු කරන බවත්, පෙළපාළි යමින් ගල් මුල් විසි කරමින් ගිහියකු විසින්වත් නොකළ යුතු පහත් වැඩ චීවරයක් දරාගෙන සිදු කරන අය ගැන විශේෂයෙන් ඉදිරි කාලයේදී නිසි පියවර ගන්නා බවත් ජයසූරිය මහතා පැවසීය.
ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මුල් කර ගනිමින් පරවාහැර චන්දරතන නාහිමියන් ශ‍්‍රී ලංකාවේ සිදු කරන සමාජ සේවා කටයුතුවලට සිය ප‍්‍රසාදය පළ කළ අමාත්‍යවරයා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වර්තමාන දියුණුව ගැනද මහත්සේ සතුටට පත්වන බවද ප‍්‍රකාශ කළේය.
ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් ප‍්‍රංශ බසට පරිවර්තනය කරන ලද පිටු 525 කින් යුත් ධම්මපදය පොතේ පිටපතක් කරු ජයසූරිය ඇමැතිවරයා වෙත ලබාදීමද එහිදී පරවාහැර චන්දරතන නාහිමියන් අතින් සිදු කෙරුණි.
මෙම අවස්ථාවට ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද හිමියෝ සහ ශ‍්‍රී ලංකාවේ සිට වැඩම කළ පුවක්ගහකොරටුවේ ඉන්දජෝති හිමියෝද එක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, ජනවාරි අටවෙනිදා සිට අද දක්වා රටට සේවයක් වෙතැයි අපි බලාසිටියා (නි)
ගිහියන්ට මුල්‍ය අපරාධ කොට්ඨාශය. හාමුදුරුවන්ට සංඝාධිකරණය. මුල් එක නම් හිතුමතේට කළ හැකිවුණාට මහත්තයෝ, දෙවැනි එකට නම් ඔබ හිතන හැටියට කරන්න ටිකක් පමාවෙන්න වෙයි. මොකද කියනවා නම් අපේ බෞද්ධ ශාසනය භාරව ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ඇතුළු විද්වත් සංඝ සභාවක් ඉන්නවා. උන්වහන්සේලා විනය පිටකය මනාව හදාරා ඇති අයයි. සංඝාධිකරණයක් අදත් තිබෙනවා මහත්තයෝ. (නි)
මහින්දව බලයට ගේනවා නම් ඉබේම බුදුදහම රැකෙවී. (ර)
මේවා බොහොම සීරුවෙන් පියවර ගතයුතු මහා නාහිමිවරුන්ට අයිති වැඩ.දේශපාලකයෝ ඇඟිලි ගැසීම සුදුසු නැහැ.පාර්ලිමේන්තුවේ විනය හදාගන්න බැරි අයට සංඝයා වහන්සේලාගේ විනය හදන්න සදාචාරාත්මක අයිතියක් තිබේද? (නි)
අදහස හොඳයි. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් කියන පිළිගැනීම ඇතුව සිදුවෙන දේවල් සිදුවිය යුතුබව අමතක නොකරන්න. (නි)
ඕවා නිකන් කියමන් විතරයි. කොහෙට හරි ගියාම මොනවා හරි කියන්න එපායැ. පත්තරේට නැත්නම් නිකන්ම පන්සලට ගිහින් තේ එකක් බිලා පොතක් අරන් ආවා කිව්වාට වැඩක් තියෙනවායැ. අඩුම තරමේ ඇදුම තියා හරවත් කතාවක් වත් කරන්න බැරි ඇමතිවරු තමයි රට නියෝජනය කරන්නේ (නදී)
සිවුරු දරාගෙන සාසනයට නොගැලපෙන ක‍්‍රියා සිදු කරන පුද්ගලයන් හාමුදුරුවරු නොවෙයි. සංඝාධිකරණයක් පිහිටුවීම හාමුදුරු වරු කල යුතුයි. හාමුදුරුවරු දේශපාලනයෙන් ඉවත් වෙනවා වගේම කොටින්ම ආණ්ඩුව ආගමික වැඩ වලින් ඉවත් විය යුතුයි.(නදී)
අපේ රටේ පහු ගිය ආණ්ඩු හැම එකකින්ම වගේ බුද්ධශාසන ඇමති ලෙස පත්කරන්නේ රටට මෙලෝ වැඩක් කරන්නේ නැති නිහඩ චරිත . (ම)
අනේ ගරු ඇමති තුමනි, කරන්න පුළුවන් දෙයක් කතා කරනවද?. ඔබ තුමා කළු පාට කිට් එකක් දමාගෙන යුනෙස්කෝ එකේ වෙසක් උත්සවේ හිටියේ හරියට කතෝලික මල ගෙදරක ඉන්නවා වගෙයි . අපිටත් ඕවා ආරංචියි.(බ)
අපිට ඕන පූජ්‍ය පක්ෂයට මැතිවරණ තරග කිරීම සහ පාර්ලිමේන්තු යාම තහනම් නීතියක් ගේන්න. නමුත් ඔබ තුමා මේ හදන්නේ බොදු බල සේනාව තහනම් කරන්නයි.එහෙනම් අනෙක් ආගමික සංවිධානත් තහනම් කරන්න. (බ)
බොරු පොරොන්දු . සංඝාධිකරණය පිහිටවන්නේ ප්‍රංශයේද? (ම)
තීරණය නම් වටිනවා! (නි)
කරන්න පුලුවන් නම් හොඳයි (නි)
විද්‍යා,ඔයාගේ අදහස හොඳයි...නමුත් උගත් අය ඔය ..කුඩුවලින් එතනෝල් වලින් අල්ලස් වලින් හොර සල්ලි වලින් ජරා ජීර්ණ වුණ පාර්ලිමේන්තුවට එන්න කැමති නැහැ.එතනයි ප්‍රශ්නය තියෙන්නේ.(ම)
මේ විවෘත වුනේ ඉතාම කාලෝචීත කථිකාවතක්. ඇත්ත තමයි අද ඉතාම සුලු පිරිසක් හැරෙන්නට භික්ෂු සංඝයා ඉන්නේ ඔලුවෙන් හිටගෙන. එ්කට ගිහියොත් සෘජුවම වග කියන්න ඕනේ. මහානායක හිමිවරුවරු ඊටත් වඩා වගකියන්න ඕනේ මේ විපරිත තත්වය සමනය කරන්න මහනායක හිමිවරුන්ගෙන් උපදෙස් පැතීම හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගෙයි. අන්න ඒ උපදෙස් දුන් භික්ෂු සංඝයා අතර එකම එක් සෝතාපන්න මාර්ග පලස්ත පුද්ගල භාවයට පත් භික්ෂුවක් සීටිත්දැයි සැක සහිතයි. ඒ නිසා ඇමතිතුමා නොවෙයි ඊටත් වඩා තනතුරෙන් උසස් පෘතග්ජනයෙක් උනත් බුද්ධ සාසනයට සෘජුව බලපාන මෙවන් ක්‍රියාවන්ට අත නොගැසිය යුතුයි. අධිකරනයක් පිහිටුවිමට වඩා,දැඩි ප්‍රයෝගික විසදුමක් තියෙනවා, කුමක් ද ඒ ප්‍රෘතග්ජන මහනායක හිමිවරුන්ගේ සිට අද දවසේ සිවුරු පෙරවු සාම නේර හිමිවරු දක්වා නිසිලෙස විදසුන් වඩන්න බලපැම් කරන්න ඕනේ.මාර්ග පලස්ත භික්ෂු සංඝයා තුල අමන ගති කොහෙද? රෙරුකානේ චන්දවිමල නාහිමියෝ සකල බෞද්ධ සිවුවනක් පිරිසට සඳමඩලක්, භික්ෂු සංඝයාට පුර්වාදර්ශයක්. (නදී)
ප්රංශ භාෂාවෙන් ලියපු පොත් ලංකාවට ගෙනල්ල කවුද ඕක කියවන්න දන්නේ? භික්ෂූන්ගේ වැඩ භික්ෂුන්ට බාරදීලා, උගතුන් පිරිස පාර්ලිමේන්තුවට ගෙනල්ලා, පාර්ලිමේන්තුවට විනය සම්බන්ධව කටුතු කරන්න. (නි)