IMG-LOGO

සාගල රත්නායකගේ අත්සන ගැසූ අයි.පී .රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

රාජ්‍ය ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අත්සන නිළ මුද්‍රාව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂයක් සහිත ලිපි දෙකක් වංචනික ලෙස සකසා එම ව්‍යාජ ලිපි දෙක උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කළැයි කියන  පොලිස් පරික්ෂකවරයකු මැයි මස 4 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය නියෝග කළාය

සිද්ධිය සම්බන්ධයනේ සිදු කෙරෙන විමර්ශනවල වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත් හේවාවසම් මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තfමින්තුවට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

මෙසේ රිමාන්ඩ් කළේ පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන ඊ. එම්. නිමල් සේනානායක නැමති 55 හැවිරිදි පොලිස් පරික්ෂකවරයෙකි

පොලිස් නිලධාරීන් 14 දෙනකු විවිධ ස්ථානවලට ස්ථාන මාරු කර යවන ලෙසට දන්වමින් ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සහ රාජ්‍ය ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා විසින් යොමු කල බව හැඟවෙන ලිපියක් උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දමින්ද ශ්‍රි තිසේරා මහතාට ලැබී ඇති බව අධිකරණයට දැන්වීමය.

අදාළ ලිපියේ සදඟන් කරුණු සහ ලිපියේ ස්වභාවය සහ ලිපිය යොමු කර ඇති ආකාරය පිළිබදව සැක සිතා ඇති උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම ලිපියේ සත්‍යතාවය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසා ඇති බවද අධිකරණයට ප්‍රකාශ කළ රහස් පොලිසිය එහිදි තහවුරු වී ඇත්තේ මෙවැනි ලිපියක් ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් උතුරු ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පතිවරයාට යොමු කර නොමැති බවයි

පසුව මෙම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා  පොලිස්පතිවරයාට දැන්වීමෙන් අනතුරුව ඒ පිළිබදව විමර්ශන ඇරඔූ බවද රහස් පොලිසිය සදඟන් කළේය

 



අදහස් (0)

සාගල රත්නායකගේ අත්සන ගැසූ අයි.පී .රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site