(උපාලි ආනන්ද)

රාජ්‍ය ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අත්සන නිළ මුද්‍රාව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂයක් සහිත ලිපි දෙකක් වංචනික ලෙස සකසා එම ව්‍යාජ ලිපි දෙක උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කළැයි කියන  පොලිස් පරික්ෂකවරයකු මැයි මස 4 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය නියෝග කළාය

සිද්ධිය සම්බන්ධයනේ සිදු කෙරෙන විමර්ශනවල වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත් හේවාවසම් මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තfමින්තුවට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

මෙසේ රිමාන්ඩ් කළේ පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන ඊ. එම්. නිමල් සේනානායක නැමති 55 හැවිරිදි පොලිස් පරික්ෂකවරයෙකි

පොලිස් නිලධාරීන් 14 දෙනකු විවිධ ස්ථානවලට ස්ථාන මාරු කර යවන ලෙසට දන්වමින් ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සහ රාජ්‍ය ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා විසින් යොමු කල බව හැඟවෙන ලිපියක් උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දමින්ද ශ්‍රි තිසේරා මහතාට ලැබී ඇති බව අධිකරණයට දැන්වීමය.

අදාළ ලිපියේ සදඟන් කරුණු සහ ලිපියේ ස්වභාවය සහ ලිපිය යොමු කර ඇති ආකාරය පිළිබදව සැක සිතා ඇති උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම ලිපියේ සත්‍යතාවය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසා ඇති බවද අධිකරණයට ප්‍රකාශ කළ රහස් පොලිසිය එහිදි තහවුරු වී ඇත්තේ මෙවැනි ලිපියක් ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් උතුරු ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පතිවරයාට යොමු කර නොමැති බවයි

පසුව මෙම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා  පොලිස්පතිවරයාට දැන්වීමෙන් අනතුරුව ඒ පිළිබදව විමර්ශන ඇරඔූ බවද රහස් පොලිසිය සදඟන් කළේය