මෑතකදී පාර්ලිමේන්තුවේදී සම්මත කළ දුම්කොළ හා මද්‍යසාර පනතට අනුව කටයුතු කිරීමට නම් සිගරට් පැකට්ටුවේ 80% ක ප්‍රදර්ශනය කළ යුතු රූපමය සෞඛ්‍ය අවවාද කවරේද යන්න සඳහා සංයුක්ත තැටියක් (සීඩී) ලබාදෙන ලෙස දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට නියෝග කරන ලෙස ලංකා දුම්කොළ සමාගම අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
එම නීතියට අනුව කටයුතු කිරීමට දුම්කොළ සමාගම එකඟවූ බවත් එහෙත් එම රූපමය අවවාද සඳහා තොරතුරු අඩංගු සංයුක්ත තැටිය තවමත් තමන්ට ලබාදීමට බලධාරීන් පියවර ගෙන නැති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසිප්පු හදන්න ගන්න එතනෝල් ගෙන්නන්න කසිප්පු මුදලාලි කෙනෙකුට පර්මිට් එකක් දීල කියන්නේ ඇත්තද ? මේ ගැන වැඩි විස්තර අපි ලංකාදීපයෙන් දැනගන්න කැමතියි (අ)
ඔය සිගරට් නිෂ්පාදනය, වෙළඳාම මරණ දඬුවම ලැබිය හැකි වරදක් ලෙසට නීති සම්පාදනය කළා නම් කිසිම ඉසරදයක් නැහැනේ. (අ)
80% ක් නෙමෙයි 100% ක්ම රූපමය අවවාද ගැහුවත් සිගරට් බොන එකා බොනවමයි. චින්තනේ, යහපාලනය නෙමෙයි නාසි ආවත් ඒක නවත්වන්න බෑ (බ)
දුම්බොන කීදෙනෙක් සිගරට් පැකට් ගණන් අරගෙන බොනවද කියලා සමීක්ෂණයක් කරලා ඔය නීතිය ක්‍රියාත්මක කළා නම් හොඳයි (නි)
අනේ අම්මපා! ඔය වෙලාවට තමයි අර පරණ ක්‍රමයටම යන්න හිතෙන්නේ. ඒ කාලේ ඔය කවුරු කවුරුත් විරුද්ධවුණේ නැහැනේ ආණ්ඩුව පැවසූ දෙයකට. (නි)
සමන්, ඒ කාලේ වෙනස ආණ්ඩුව අවශ්‍ය දේ පැවසු නැති එක. "පනත අතුරුදහන් උනානේ" ඒ කාලේ. (නදී)
ඕකට තමයි අපි බාලගිරි දෝෂය කියන්නේ (නි)
රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාවය මනාව පැහැදිලිවන්නක්. (නි)
රාජ්‍ය ආයතනවල කැපවීමෙන් වැඩ කරන හොඳ නෝනා මහත්මීන් ඉන්නවා. ඒ වගේ කිසිම වැඩකට නැති ලැජ්ජාවක් නැති කොටසක් ඉන්නවා. (දිල්)
මම නම් හිතන්නේ මේක එච්චරම වැඩක් නැති වැඩක් කියලා. මොකද "දුම්බොන කීදෙනෙක් සිගරට් පැකට් ගණන් අරගෙන බොනවද කියලා සමීක්ෂණයක් කරලා ඔය නීතිය ක්‍රියාත්මක කළා නම් හොඳයි". මේ කතාව ඇති ඒක ගෑන සිතන්න. (දිල්)
දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ ඉන්න කට්ටිය කතාව සමජවාදේ, ස්දේශිකත්වය ධනවාදේ... විදේශිකත්වය.මහරගම පිළිකා රෝහලට ගියානම් මේවාගේ ආදීනව බලා ගන්න තිබුණා (දිල්)
පැකට් එකට රූපමය අවවාද දැම්මාට මිනිස්සු ඕවා බොන එක නවත්වයිද? (නි)
මේකට විතරක් නෙමෙයි ලංකාවේ හැමදේකටම බාලගිරි දෝෂය.... (නි)
මෛත්‍රී පාලනයක් කරන්න බැරි නම් නිකන් ඉන්න ඕනි (දිල්)
අර පනත වගේ ඒකත් නැතිවෙලාද දන්නෙ නැහැ (නි)
බොරු බයිලා (බ)
ලංකා දුම්කොළ සමාගම වහල දාන්න රජයට බැරිද. අපි ඡන්දෙ දුන්නේ එ්කට. (බ)
සිගරට් සම්පූර්ණයෙන්ම නතර කරන්න. (නදී)