මාතර කොළඹ දුම්රිය අද උදේ පමා වූ බව දුම්රිය මගීහූ කියති.

සාගරිකා දුම්රිය අද පැයකට වඩා පමා වී කොළඹට ළඟා වී ඇති බවත් රුහුණු කුමාරි දුම්රිය මාතරින් වෙලාවට පැමිණියත් ගාලු බිම්ගෙය අසල නතර කර සිටි බවත් කියති. සාගරිකා දුම්රිය සඳුදා (2) සවස පීලි පැනීම හේතුවෙන් හානිවූ දුම්රිය මාර්ගය මේවනවිටත් අලුත්වැඩියා කරමින් පවතින බව දුම්රිය පාලන අධිකාරිය පවසයි.