සීගිරියේ දැරණිගල ගුහාවෙන් සොයාගත් ගල් අඟුරු කැබැල්ලෙන් කාශ්‍යප රජු පිළිබඳව සැවුණු රහස් රැසක්ම අනාවරණය වෙයි.කසුප් රජු සිය ආරක්ෂාවට බළකොටුවක් ඉදි කරගන්නා ගමන්ම ලොව අග්‍රගණ්‍ය කලාගාරයක් වන සිගීරි සිතුවම් නිර්මාණය කළ බවට මහා වංශය ඇතුළු වංශකතාවල එන තොරතුරු නිවැරදි බව එම අගුරු කැබැල්ල කාබන් 14 කාල නීර්ණ පරීක්ෂණයට ලක් කළ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා නුවර විද්‍යාගාරය කියයි.සිගිරි බිතු සිතුවම්වල කාල නීර්ණය විද්‍යාත්මක තහවුරු කළ මුල්ම අවස්ථාව මෙයයි.
දැරණියගල ගුහාවේ සිතුවම් සහිත බදාමයේ තිබී සොයා ගත් අගුරු කැබැල්ලෙන් සීගිරිය දැරණියගල ගුහාවේ සිතුවම් කි‍්‍රස්තු වර්ෂ 390-540 දක්වා කාලයට අයත් බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක මහතා කියයි.
‘ප‍්‍රධාන පර්වතයේ සුප‍්‍රකට ගල් ගුහාවෙහි කාන්තා රූප කොටස් 22ක් 19 වැනි සියවසේ අග භාගයේදී අනාවරණය කර ගැනිණි. කැටපත් පවුරේ තිබී තවත් කාන්තා චිත‍්‍ර කීපයක් මීට වසර කිහිපයකට පෙරාතුව සොයා ගැනිණි. ‘
‘සීගිරිය ප‍්‍රධාන පර්වතය පාමුල පිහිටි ගල් පර්වත සහ ගල් ලෙන්හි කාන්තා රූප හා කොටස් 25ක් පමණත් දිව්‍ය හා පුරුෂ රූප 5ක් පමණත් දක්නට ලැබේ. මේ අතුරින් වැඩිම සිතුවම් ප‍්‍රමාණයක් දක්නට ලැබෙන්නේ දැරණියගල ගුහාව නමින් හැඳින්වෙන ලෙනෙහිය. එහි ඇති කාන්තා රූප සංඛ්‍යාව 22ක් වේ. ‘
‘මෙම ලෙනේ සිතුවම් කළ කාන්තා රූ ශෛලියෙන් සීගිරියේ ප‍්‍රධාන පර්වතයේ චිත‍්‍රවලට නෑකමක් දක්වන මුත් දැරණියගල ගුහාවේ සිතුවම් ප‍්‍රධාන පර්වතයේ සිතුවම් තරමට අලංකාර නොවන බව පුරා විද්‍යා මතයයි.‘
‘ඇතැම් විද්වතුන්ගේ අදහස වූයේ දැරණියගල ගුහාව ඇතුළු සීගිරිය ප‍්‍රධාන පර්වතයට බැහැරින් වූ පර්වත බේදයන්හි සිතුවම් කාශ්‍යප සමයෙන් පසු කලෙකට කාලනීර්ණය කිරීම සුදුසු බවයි‘.
‘කාශ්‍යපගේ අභාවයෙන් පසු සීගිරි බලකොටුව භික්ෂූන් වහන්සේලා වෙත පූජා කළ බවට එන මහාවංශ සඳහන් අනුව මෙම සිතුවම් පශ්චාත් කාශ්‍යප විහාරාරාමික අවදියට අයත් බව ඇතැමෙකුගේ අදහස විය. කෙසේ වුවද මෙම සිතුවම් සඳහා විද්‍යාත්මක කාලනීර්ණයක් සැලසීමට හැකියාවක් මේ තාක් නොවිණි. මෙවැනි පසුබිමක් යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර ටී.කේ. විජේසිංහ මහතා විසින් දැරණියගල ගුහාවේ සිතුවම් සහිත බදාමයේ තිබී අඟුරු කැබැල්ලක් සොයා ගැනිණි.
කාබන් 14 කාලනීර්ණ පරීක්ෂාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාවේ බීටා ඇනලිටික් රේඩියෝ කාබන් කාලනීර්ණ විද්‍යාගාරය වෙත යවන ලදී.
මෙම අඟුරු සාම්පලය කි‍්‍රස්තු වර්ෂ 390 සිට ක‍්‍රිස්තු වර්ෂ 540 දක්වා කාලයට අයත් බවත්. කාශ්‍යප රාජ්‍ය කාලය ක‍්‍රිස්තු වර්ෂ 473 සිට ක‍්‍රිස්තු වර්ෂ 491 දක්වා වන බැවින් මෙම සිතුවම් බොහෝ විට කාශ්‍යප රාජ්‍ය සමයේ හෝ ඊට ආසන්න සමයකට අයත් බවත් එම කාලනීර්ණය මඟින් සනාථ වී ඇතැයි දිසානායක මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සීගිරි සිතුවම් කසුප් කාලේ : අඟුරු කෑල්ල සාක්කියට
බෙනට් Thursday, 11 December 2014 05:52 PM
ඒකටත් ඉතින් ඇමරිකාවේ පිහිට තමයි (නදී)
සදුනි Thursday, 11 December 2014 03:49 PM
ඉතා වටිනා සොයාගැනීමක්. (නි)
යසස් Thursday, 11 December 2014 11:54 AM
වැදගත් සොයාගැනීමක් (නි)