ගැඹූරු මුහුදු ප්‍රදේශ නිරික්ෂණය කිරිමේ අධි තාක්ෂණික උපකරණ සහිත නෞකාවන්හි ඉදිකිරිම් ප්‍රගතිය නිරික්ෂණය සඳහා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ඉන්දියාවේ ගෝව නැව් තටාකාංගණයේ පසුගියදා විශේෂ චාරිකාවක නිරත විය.
ගෝව නැව් තටාකාංගණයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක විශ්‍රාමික රියර් අද්මිරාල් ශේඛර් මිටල් හා තටාකාංගන නිලධරයෝ ආරක්ෂක රාජ්‍ය ඇමැති ඇතුළු පිරිස පිළිගත්හ. ශ්‍රී ලංකා නාවික හමුදාවට අලුතින්ම එක්වීමට නියමිත නෞකාවන්හි ඉදිකිරිම් ප්‍රගතිය නිරික්ෂණය කළ ඇමැති නිලධරයන් සාකච්ජාවක් ද පැවැත්විය.
මෙම අධි තාක්ෂණික නෞකාවන්ගෙන් එක් නෞකාවක් 2017 අගෝස්තු මාසයේදීත් ,අනෙක් නෞකාව 2018 වසරේදීත් ශ්‍රි ලංකා නාවික හමුදාවේ නෞකා බළ ඇණියට ලබාදිමට නියමිතය.
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි , යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුහ.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාගර නිරික්සුම් නැව් ඉන්දියාවෙන් : ඇමැති රුවන් ඉදිකිරිම් පිරික්සයි
ටෙනිසන් Thursday, 31 March 2016 08:35 AM
ඉන්දියාවත් සමඟ කටයුතු කිරීමේදී අපි බොහෝ කල්පනාකාරී වියයුතුයි (නි)
දුමින්ද Wednesday, 30 March 2016 09:11 AM
ලංකාවේ නැව් තටාකාංගනයේ මේවා හදන්න පුළුවන්කමක් නැද්ද? (නි)
ලෙස්ලි Wednesday, 30 March 2016 10:18 AM
ඉන්දියාවෙන් හදන යාත්‍රා ගැනීමේදී කල්පනාකාරි වියයුතුයි (නි)
ලලිත් Wednesday, 30 March 2016 11:44 AM
බොහොම හොඳයි (නි)