සීගිරියේ ගොවියෙක් පාරම්පරික කුඹුරු යායෙන් අක්කර බාගයක කිරි වදින ගොයම සීගිරියේ හීලෑ අලින් දෙදෙනකුට දන් දුන්නේය.
සීගිරිය ගෙඩිගස්වලානේ එච්.එම්.ධර්මසේන මහ ගොවියා (75) සිය දරු හත්දෙනාද සමග මෙම දානය දුන්නේ තුන් මාසයකට පමණ පෙර මෙම දානය දුන්නේ මියගිය බිරිය වෙනුවෙනි.
ධර්මසේන ගොවි මහතා පිදුරංගල රජමහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද හිමියන්ට එම කුඹුරේ ඔප්පුව පූජා කළේය. අලි ඇතුන් ඇතුළු සතුන්ට මෙවැනි දන් දීම රජ කාලයේ සිදුවී ඇතත් මෑතදී සිදුවූ බවක් වාර්තාවී නැත. බොහෝ කුඹුරුවල කුරුළු පාළුව නමින් කොටසක් පෙර සිටි ගොවීහු කුරුල්ලන් වෙනුවෙන් වෙන් කළහ. අද ඒ සිරිත ගිලිහී ගොසිනි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පියවරු තවතවත් ලොවට පහල වේවා.ඔවුනට මෙවැනි දරුවන් ලැබෙවා. හදවත් උණුවන අහිංසක මිනිසුන් හට මගේ උපහාරය (අ)