ව්‍යාජ වීසා බලපත‍්‍ර ළඟ තබාගෙන සිංගප්පූරුවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණය විසින් මාස අටක සිරදඞුවමක් පනවා ඇතැයි එරට පළවන ස්ටේ‍්‍රට් ටයිම්ස් පුවත්පත අද (24) වාර්තා කළේය.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ නල්ලයියා සෙල්වමනී රොහාන් , කාන්තනන් ජසීදරන් සහ ඞී.රූපන් යන ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිවය. මොවුන්ට එරෙහිව පැවති නඩු විභාගය අවසන් කරමින් සිංගප්පූරු රජය මෙම සිර දඬුවම නියම කරන ලදී.
සිංගප්පුරු ආගමන විගමන නිලධාරීන් විසින් පසුගිය ජුනි 27 වැනිදා මෙම ලාංකිකයින් තිදෙනා එරට චැංගි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔවුන් ව්‍යාජ මලයාසියානු වීසා බලපත‍්‍ර මගින් සිංගප්පූරුවට පැමිණ ඇති බව එම ගුවන්තොටුපළ බලධාරීන් විසින් හෙළි කර ගනු ලැබීය.
මෙම ලාංකික තරුණයින් තිදෙනා සංචාරක වීසා මත රැකියා සඳහා මලයාසියාවට පැමිණ ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.එලෙස රුකියා ලබා ගැනීමට ඔවුන් සිංගප්පූරු ඩොලර් 2600 ක මුදලක් මිනිස් ජාවාරම්කරුවෙකුට ගෙවා ඇතැයිද හෙළි වී ඇත.
සිංගප්පූරුවේ ආගමන විගමන පනතට අනුව මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනාට පසුගිය 20 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි මාස 8ක සිරදඞුවමක් පනවන ලදී.
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරන වැඩ නිසා නිත්‍යානුකූල ලෙස රටකට ඇතුල්වන ලාංකිකයන්ට පවා නොයෙක් කරදර වලට මුහුණ පාන්න වෙනවා. ඒ නිසා මොවුන්ට නැවත ලංකාවට ආපසු ගමන් බලපත‍්‍ර අවලංගු කිරිමට හෝ ක්‍රියා කල යුතුය.
දුක්පත් කම හිඉන්ද තමය් මෙහෙම් යන්නේ. අනේ පව් අසරණ කොල්ලෝ තුන්දෙනා. ජනාදිපති තුමාට හරි අගමැති තුමාට හරි මේ ලම්ය් තුන් දෙනා ආපසු ගෙනවිත් දෙන්න බැරිද? නමුත් විමල් වීරවන්සල පස්ස්පෝර්ට් 3 , 4 තියාගෙන කොහොමද දඬුවම් වින්දෙන්නේ නැතිව ඉන්නේ.