මහා භාරකාර දෙපාර්තමේන්තුව හිටපු දේශපාලනඥයකු වෙනුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රුපියල් ලක්ෂ 220 ක් ගෙවා ඇති බවට හෙළිවී තිබෙන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මෙම ගෙවීමට සම්බන්ධ ලිඛිත බිල්පත් කිසිවක් නොමැත. එපමණක්ද නොව ලේකම්වරයකුගේ ඉල්ලීමට රේඛනය ඉවත් කළ රුපියල් ලක්ෂ දොළහක් ගෙවා ඇති අතර එම ගෙවීමට අදාළවත් බිල්පත් නොමැත.
දැනට වැසී ඇති බැංකුවක රුපියල් මිලියන 100 ක මුදලක්ද තැන්පත් කර ඇති බවටත් දැනගැනීමට ඇත.
‘මහා භාරකාර දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 330 කට සිදුවූයේ කුමක්දැයි ගිණුම් ගතව නොමැති බවත් ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද 'කුඩු' වෙච්ච හාදයට වෙන්න ඇති. (අ)
මට කලින් මතක තිබුණා. දැන් මතක නැහැනේ....!! (නි)
යහපාලන ඇමති කෙනෙක්ගේ මාමන්ඩිටද? (අ)
මට මතක නෑනේ (කේ)
මම හිතන්නේ අර පුතාගේ ගෑනු ළමයගෙ කාමරේට රිංගුලා තට්ටු 4කින් පැන්න තාත්තට වෙන්න ඇති.(බ)
පහු ගිය බ්‍රහස්පතින්දා හවස පිටකොටුවේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතිය ක්‍රියා විරහිත වෙලා තිබුනා. එදා මේ ස්ථානයට මහජනතාවට හරි හැටි දුම්රිය පිටත් වෙන වේලාවන් දන්වන්න අමතර ශබ්ද විකාශන යන්ත්‍රයක් තිබුනේ නැතිකම නිසා මගින් සෑහෙන දුෂ්කරතාවන්ට පත්වුණා. රටේ තත්වේ මෙහෙම වෙනකොට රටේ මහජනතාව සතු මුදල් මෙහෙම තම දේශපාලුවන් වෙනුවෙන් තමුන්ගේ පුද්ගලික මුදල් වගේ වියදම් කරලා තියෙන්නේ. මොනතරම් අවාසනාවක්ද? (බ)
අනේ අපොයි ජනතාවගේ සල්ලි! (නි)
කලින් තිබුන පාලන කාලේ කාගේ හරි සුදු පුතෙකුගේ වෙන්න ඇති. (කේ)
ආ මම දන්නවා කවුද කියලා (නි)
අර දුහුවිල්ල වදින්න හොඳ නැති කෙනාද දන්නෙ නැහැ (නි)
කෝ සත්‍යපාල මහත්තයා පෙනෙන්න නැහැනේ අද (නි)
අර අමතකවෙන ලෙඩේ හැදුන කෙනාවද්ද? (නි)
ඔක්කොම මාධ්‍ය සංදර්ශන ඉතින් මොනවා ඉලක්ක කරගෙනද කියලා අපි දන්නවා (නි)
මට යාන්තමට වගේ මෙයා කවුද කියලා හිතාගන්න පුලුවන් (නි)
අනේ ඉතින් අල්ලලා දාන්නකෝ හිරේ . අපිට කියල වැඩක් නැහැනේ ඕවා අහල එපා වෙලා දැන්.(නදී)
මේ වගේ දේවල් පෙනී පෙනීත් තවමත් "හොරු අල්ලනවා"?මෙහෙම තමයි ඔවුන් රට විනාශ කළේ. (නි)
එහෙම වුණාට තවමත් සමහරු සුදු ඇඳගෙනමයි පෙනී සිටින්නේ (නි)
මේ දේශපාලනයට එන හැම කෙනාටම පඩිය රුපියල් 25000ක් කරලා කිසිම දීමනාවක් නැතුව මහජනයාට සේවය කරන්න අලුත්ම අලුත් නීතියක් ගෙනෙන්න ඕනෑ. එතකොට හොරාකෑමට නොහැකියි වගේම මහජනයාගේ දුක දැනේවි (නි)
හිටපු ආණ්ඩුවට ගොට්ට අල්ලන කට්ටියට තවත් නිවුස් එකක් ! මේ රට කෑ අයව තමයි නැවත ගෙන්න හදන්නේ ,(කේ)